රතන හිමි දිවුරුම් දෙයි

නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙස අතුරලියේ රතන හිමියෝ ඊයේ (05) පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු උන්වහන්සේ මහ ලේකම් ධම්මික දසනායක මහතා ඉදිරියේදී මන්ත්‍රී නාම ලේඛණයේ අත්සන් තැබූහ.

2015 වසරේදී ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස 08 වන පාර්ලිමේන්තුවද නියෝජනය කළ රතන හිමි මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ සිව්වැනි වරට වේ.

Related posts