ත්‍රිරෝද රථයක් පෙරලීමෙන් තිදෙනකු රෝහලට

කොළඹ සිට ආගරපතන දක්වා ධාවනය වෙමින් තිබු ත්‍රිරෝද රථයක් ලිදුල ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන පෙරලීමෙන් එහි රියදුරු ඇතුළු තිදෙනකු තුවාල ලබා ලිදුල රෝහලට ඇතුලත් කර ඇත.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු ලිදුල පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ කොළඹ සිට ආගරපතන දක්වා ධාවනය වෙමින් තිබු එම ත්‍රිරෝධ රථය ලිදුල රෝහල අසල අඩි 100ක පමන ප්‍රපාතයකට පෙරලිමෙන් රියදුරු ඇතුළු තිදෙනකු තුවාල ලබා ඇති බවත්ය.

මෙම ත්‍රිරෝධ රථයේ රියදුරුට නිද්ද යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවට මුලීක පරික්ෂනවලින් හෙලිව ඇති බවත් මෙම අනතුර පිලිබදව වැඩි දුර පරික්ෂන ආරම්භ කර ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලදි.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු ලිදුල රෝහලේ නිලධාරියකු පවසන ලද්දේ මෙම තුවාලකරුවන් අතරින් එම ත්‍රිරෝධ රථයේ රියදුරුගේ තත්වය බරපතල බැවින් එම රෝගියා නුවරඑළිය මුලීක රෝහල වෙත මාරු කර යැවිමට පියවර ගත් බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts