මන්ත්‍රීවරුන් පස් දෙනෙකු පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට යයි

unp

ව්‍යවස්ථාව විනය හා නීති කඩකරමින් කටයුතු කිරිමේ චෝදනාවට ලක්ව සිටින අනුරාධපුර මහ නගර සභාවේ විපක්ෂ නායකවරයා නාගරික මන්ත්‍රීවරයෙකු ඇතුළු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු මන්ත්‍රීධූරවලින් හා පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට එම එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

පක්ෂ මාරුකල විනය කඩකල අනුරාධපුර මහ නගර සභාවේ විපක්ෂ නායක ඉන්දික අරුණ කුමාර රශ්මික ගමආරච්චි මහත්වරුන් ඇතුළු තවත් මන්ත්‍රීවරුන් තිදෙනෙකු එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපා දැමීමට කටයුතු කර තිබෙනා අතර ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයාට ලිඛිතව දැන්වීම් සිදුකර තිබෙනා බව අනාවරණය විය.

අනුරාධපුර මහ නගර සභාවේ විපක්ෂ නායක ඉන්දික අරුණ කුමාර මහතා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙදි සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජනබලවේගයට පක්ෂපාතිව කටයුතු කිරිම නිසා එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපා දැමීමේ තීරණයට එළඹි ඇති අතර නාගරික මන්ත්‍රී රශ්මික ගමආරච්චි මහතා පොදුජන එක්සත් පෙරමුණට (පොහොට්ටුවට) සහය පලකරමින් එම පක්ෂයේ අසුන් ගැනීම නිසා එක්සත් ජාතික පක්ෂ කෘතධිකාර මණ්ඩලය තීරණය ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් නායක අනුරාධපුර නැගෙනහිර නුවරගම් පළාත් ආසන සංවිධායක ජේෂ්ඨ නීතිඥ කස්තුරි අනුරාධනායක මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදි ඒ මහතා මෙසේ පැවසුවේය.

අනුරාධපුර මහ නගර සභාවේ විපක්ෂ නායකවරයා රශ්මික ගමආරච්චි මහත්තයා ඇතුළු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු පක්ෂයෙන් හා මන්ත්‍රීධූරවලින් ඉවත් කරන්න අවශ්‍ය කටයුතු හා තීරණ ගැනීම පක්ෂයේ මහලේකම්වරයා හා කෘත්‍යාධිකාරි මණ්ඩල තීරණය ගෙන තිබෙන්නේ.

ඉතිරි මන්ත්‍රීවරුන් තිදෙනාගේ නම් මට මතක නෑ.ඉන්දික අරුණකුමාර මහතා හා රශ්මික ගමආරච්චි මහතාව පක්ෂයෙන් හා මන්ත්‍රීධූරයෙන් ඉවත්කරන්න අවශ්‍ය සියළුම කටයුතු සිදුකරලා එහි ලිපි මැතිවරණ කොමසාරිස්වරයාට ලිපිත් යවලා අවසන්.අනිත් මන්ත්‍රීවරුන් තිදෙනා සම්බන්ධයෙන් තවම සාකච්චා කෙරෙනවා.

එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ඡන්දයෙන් පත්වෙලා ඒ අය වැරදි සහගත විදියට කටයුතු කරනවා නම් ඊට දඩුවම් හිමිවිය යුතුයි.දිස්ත්‍රික් නායකා හැටියට මම ඒ වැරදි හොයලා බලලා පක්ෂයේ මහලේකම්වරයාට හා කෘත්‍යාධිකාරි මණ්ඩලයට දන්වා තිබෙනවා යනුවෙන් නීතිඥවරයා පැවසුවේය.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

Please follow and like us:

Related posts