දික්ඔය රෝහලේ වෛද්‍යවරුන් පිරිසක් ස්වයං නිරෝධානයට

corona-quarantine

හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයෙන් තවත් කොවිඩ් ආසාදිතයන් දෙදෙනකු හමුවිමත් සමග දික්ඔය මුලීක රෝහලේ වෛද්‍යවරුන් තිදෙනකු ඇතුළු පිරිසක් 10වන දින සිට ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගෙන ඇත.

හැටන් වටරවුම් ප්‍රදේශයේ හා හැටන් දුඹුරු ගිරිය ප්‍රදේශයේ මෙම කොවිඩ් 19 ආසාදිතයන් හමුව ඇති බවත් එම ආසාදිතයන් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට පියවර ගත් බවත් හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. බාලක්‍රිෂ්නන් මහතා පවසන ලදි.

මෙම කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රියන් ලෙස හදුනාගෙන ඇති දික්ඔය මුලීක රෝහලේ වෛද්‍යවරුන් තිදෙනකු හෙදියන් තිදෙනකු ඇතුළු 15 දෙනකු ස්වයං නිරෝධානයට ලක් කිරිමට මේ වන විට පියවර ගෙන ඇති බවත් එම පිරිස් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවත් ආර්. බාලක්‍රිෂ්නන් මහතා වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts