මේ ආණ්ඩුවේ ආර්ථික අර්බුදයට පහුගිය ආණ්ඩුවත් වගකිව යුතුයි!

economic-crisis-in-sri-lanka-Harsha-Gunasena

ලංකාවේ  රාජ්‍ය ණය ප්‍රතිශතය ගත්විට 50%කට ආසන්න ප්‍රමාණයක් තියනවා වෙළඳ ණය. එයින් චීනය 10%ක්, ආසියානු සංවර්ධන බැංකු 13%ක් දීලා තියනවා, ජපානය 10%ක්, ලෝක බැංකුව 9%ක්, ඉන්දියාව 2%ක්, ණය දීලා තියනවා. නමුත් මතයක් තියනවා ලංකාවේ විදේශ ණය නිසා මුහණ දීලා තියන අර්බුදයට බලපාන්නේ චීන ණය කියලා, එහෙම එකක් නෑ.

චීනය ගත්විට ඔවුන් 10%ක් පමණ තමයි ණය දීලා තියෙන්නේ, මුළු ණය වලින්. හැබැයි මෙතන විශේෂ කාරණයක් තියනවා ශ්‍රී ලංකාව දැන් මැදි ආදායම් ලබන රටක්. අඩු ආදායම් ලබන රටක ඉදන් මැදි ආදායම් ලබන තත්වෙකට ලංකාව පත්වුණේ 2007 වගේ කාලයේදී. එතකොට අඩු ආදායම් ලබන රටක් විදිහට තිබුණු කාලයේදී අපට හම්බුනා දීර්ඝ කාලීන ණය අඩු පොළියකට. ඒ වගේම  සහන කාලයකුත් සමග තමයි ඒ ණය ප්‍රධානයන් ලැබුණේ.

මේ කාලය තුල සමහර විට පොළිය පමණක් ගෙවලා ණය නොගෙවා ඉන්න පුළුවන් තත්ත්වයක් තිබුනා. මේ සහන කාලය අවුරුදු 25ක් පමණ කාලයක් වෙනවා. නමුත් ලංකාව මැදි ආදායමක් ලබන රටක් බවට පත් වුණාට පස්සේ මේ වාසි සහගත ණය අපට ලැබෙන්නේ නෑ.

මේ තත්ත්වෙට පත් උනාට පස්සේ අපිට සිදු වුණා විශේෂයෙන් 2007 කාලයේදී තමයි මේක පටන් ගත්තේ, වෙළඳ ණය වලට යන්න. එනම් අපි ආණ්ඩුව බැඳුම්කර නිකුත් කරා ඩොලර් වලින්, එවිට බැඳුම්කර මිලදී ගන්නවා ජ්‍යාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොලේ සිටින ගැනුම්කරුවන්, එත්කොට ඒ බැදුම්කර පොළිය ගත්විට සමහර වෙලාවට ඇමරිකන් ඩොලරයට 6%ක වගේ ප්‍රමාණයක්, මෙය ටිකක් වැඩි ප්‍රමාණයක්, ඒ වගේ ප්‍රමාණයකට තමයි ණය හම්බෙන්නේ.

අනිත් එක මේ ණය ගෙවීමේ කාල සීමාව අවු. 5ක් හෝ 10ක් වෙන්න පුළුවන් එම නිසා අර කාලේට වඩා අසීරු කාලෙකට මුහුණ දෙනවා 2007 කාලයෙන් පස්සේ. 2007 වගේ කාලය ගත්විට අපේ රටේ වෙළඳ ණය 5%කට වඩා අඩු ප්‍රමාණයක් තමයි තිබුනේ. නමුත් දැන් එය මුළු ණයෙන් 50% ක් හෝ ඊට වඩා වැඩි තත්වෙකට පත් වෙලා තියනවා.

අපේ රට ගත්විට අපේ රටේ ආර්ථිකය විශාල ප්‍රශ්න දෙකකට මුහුණ දීලා තියනවා එකක් අයවැය හිඟය. එනම් නිදහසෙන් පස්සෙ අවුරුදු දෙකක හැර අනිත් හැම අයවැයක් ම හිඟ අයවැයක්. ඒ කියන්නේ රජයක් හැටියට රජයට ලැබෙන ආදායමට වඩා වැඩියෙන් වියඳම් කරනවා. එවිට ඒ වැඩිපුර කරපු වියදම පියවගන්න රජය ණය ගන්නවා.

එතකොට මේ ණය නැවත පියවන්න අවස්ථාව එනවිට ඊලඟ අවුරුද්දෙත් ආදායමට වඩා වියදම වැඩි අයවැයක් ඉදිරිපත් කරනවා, ඊට පස්සේ නැවතත් ගත්ත ණය පියවන්න නැවත ණයක් ගන්නවා. මොකද ලැබෙන ආදායමෙන් ණය පියවන්න බෑ වියදම වැඩි නිසා. නමුත් මේ තත්වය ටිකක් දුරට සමනය වෙනවා අපි වැඩිපුර වියදම් කරන මුදල් සුදුසු පරිදි ආයෝජනය කරලා ආර්ථික වර්ධනයක් ඇති කරගත්විට.

අනෙක් කාරණය තමයි, අපේ රටේ දීර්ඝ කාලීනව අපනයනවලට වඩා ආනයනය වැඩී, එම නිසා ආනයනය සඳහා වෙන වියදම් වැඩී. උදාහරණයක් විදිහට 1990 ගත්විට රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 30%ක් පමණ වුණා අපනයන ආදායම. 2019 වෙද්දී ඒක 23% දක්වා අඩු වෙලා.  ඒ වගේම අනිත් අතට රටේ බදු ආදායම ගත්විට 1990 දී රටේ බදු ආදායම දළ දේශීය නිශ්පාදිතයෙන් 19%ක් වුණා, නමුත් 2019 වෙනකොට ඒක 11.55%ට අඩු වුණා.

එවිට දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව අපනයන අඩු වෙලා තියනවා. ඒ වගේම බදු ආදායම අඩු වෙලා තියනවා. එතකොට මේ වගේ තත්වයක් දිගින් දිගටම පවතිනකොට අපි දැනගන්න ඕනි අපේ රට විශාල ණය අර්බුදයකට ගමන් කරන බව. දැන් මේ තත්වය ඉතා අවාසනාවන්ත විදිහට අපේ රටේ ආණ්ඩු භාවිතා කරනවා, පහුගිය ආණ්ඩුවේ ක්‍රියාකලාපය නිසා මේ ආණ්ඩුවා මෙහෙම වෙලා තියනවා පහුගිය ආණ්ඩුවට කලින් ආණ්ඩුවේ ක්‍රියාකලාපය නිසා මෙසේ වෙලා තියනවා යනුවෙන් ප්‍රකාශ කරන්න.

ඊට අමතරව දේශපාලනඥයෝ රටේ ජනතාවට අරක දෙනවා මේක දෙනවා කියලා බොරු පොරොන්දු දෙනවා, එතකොට මේ තත්වය තුළ රටක් හැටියට කරන්න තියෙන්නේ ජනතාවට මේ තත්වය පහදා දීලා ගැටළුව නිරාකරණය කරන එක. මොකද මේ තත්ත්වයෙන් ගොඩඑන්න ජනතාවගේ උපාකාරද අවශ්‍ය වෙනවා. නමුත් ආණ්ඩු හා සෑම දෙශපාලන පක්ෂයක්ම කරන්නේ බොරු කතා කියලා අනිත් පක්ෂ විවේචනය කරලා මේ තත්වය වහලා තියන එක. මේකේ ප්‍රථිඵලය මේ වෙද්දී ලැබෙමින් තියනවා.

මේ ආණ්ඩුව මුහුණ දෙන බරපතල අර්බුදයට හේතුව මේ ආණ්ඩුවේම වැරදි නෙවෙයි. පහුගිය ආණ්ඩුවෙත් යම් යම් වැරදි තියනවා, එක උදාහරණයක් නම් ගිය ආණ්ඩුව කාලේ ආර්ථික වර්ධනය හුඟක් අඩුයි නමුත් ඒ ආණ්ඩුව උත්සහ කරා එක අවස්තාවක ආර්ථිකයේ තියන මේ ව්‍යුහත්මක ගැටළු වලට පිළිතුරක් දෙන්න. එනම් බදු ආදායම වැඩි කරන්න නමුත් මේ ආණ්ඩුව බලයට පත් උනාට පස්සේ මේ බදු ආදායම ඉවත් කරා. මේ නිසා ආණ්ඩුවේ ආදායම බරපතළ විදිහට පහත වැටුණා.

ඒවගේම කොරෝනා නිසා තවත් මේ තත්වය දුෂ්කර වෙලා තියනවා. මේ තත්වය යටතේ වර්තමාන ආණ්ඩුව පවසලා තියනවා ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඔවුන් කිසිඳු ආධාරයක් ලබා ගන්නේ නෑ කියලා. කලින් වතාවල් ගණනාවක දීම එනම් 2015 හා 2019 ආණ්ඩුව මෙයින් මුදල් ණයට ලබා ගත්තා කෙටි කාලීනව, මොකද ගිණුම් ශේෂ අර්බුදය පියාවා ගැනීමට. ඉතින් මේ අවස්තාවේ දී වර්තමාන රජය සඳහන් කරනවා ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාගන්නේ නෑ කියලා.

මීට අමතරව මේ ප්‍රශ්නයට පිළිතුරක් ලබා ගන්න තවත් ක්‍රමවේදයක් තියනවා, චීනය හා ඉන්දියාවෙන් කෙටි කාලීන ණයක් ගැනීම තමයි ඒක. නමුත් ඉන්දියාව මේ ක්‍රමවේදයට ණය දීම ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදලට පවරලා තියනවා. එනිසා දැන් චීනයෙන් බලාපොරොත්තු වෙනවා ඩොලර් බිලියන 1.5ක ණයක්. අනෙක් කාරනය තමයි පසුගිය කාලේ ජ්‍යාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම වලින් ලංකාව පහළට ඇඳ දැමීම, ඒවටා අපිට එරෙහි වෙන්න පුළුවන් නමුත් එහි ඵලදායිතාවක් නෑ.

මේ පහළට දැමීම නිසා බැදුම්කර තුළින් ණය දෙන්නේ වැඩි පොළියකට, එම නිසා අපි මෙයින් ගොඩ එන්න ඕන, ඒ සඳහා අපනයන ආර්ථිකය වැඩි කරලා ආනයන අඩු කරන්න ඕනි. මෙය කෙටිකාල විසඳුමක් මෙයින් ප්‍රථිඵලයක් ලබා ගන්න පුළුවන් ඒ වගේම දීර්ඝකාලීන විසඳුම් විදිහට නිෂ්පාදන වැඩි කරගන්න ඕනි. රාජ්‍ය ආදායම වියදමට වඩා වැඩි කරගන්න අපනයන වැඩිකරගන්න ඕනි .

කොහොමද අපනයන වැඩිකරගන්නේ, ඒ සඳහා කුඩා ප්‍රමාණයේ ව්‍යවසායකයන්ට මූලික ප්‍රාග්ධනයක් සපයා දීලා අපනයන වැඩි කරන්න ඕනෑ.

වරලත් ගණකාධිකාරී – හර්ෂ ගුනසේන

aithiya.lk

Related posts