සංචරණ සිමා පනවා ඇති බගවන්තලාවෙන් තවත් ආසාදිතයන් මතුවේ

coronavirus news

සංචරණ සිමා පනවා ඇති බගවන්තලාව චැපල්ටන් වතුයායේ කරන ලද පි. සි. ආර්. පරික්ෂන මත තවත් කොවිඩ් ආසාදිතයන් හය දෙනකු හමුව ඇති බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ සංචරන සිමා පනවා ඇති බගවන්තලාව චැපල්ටන් වතුයායේ ප්‍රද්ගලයන් 290 දෙනකු පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කල බවත් එම පි. සි. ආර්. වාර්ථා මත එම වතුයායේ එකම පවුලේ තිදෙනකු හා තවත් තිදෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙසට හදුනා ගෙන ඇති බවත්ය.

එම කොවිඩ් ආසාදිතයන් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට පියවර ගෙන ඇති බවත් එම වතුයායේ තව දුරටත් පි. සි. ආර්. පරික්ෂාවන් සිදු කිරිමට පියවර ගෙන ඇති බවත් මෙම තත්වයන් මත එහි සංචරණ සිමා තව දුරටත් ක්‍රියාත්මක කිරිමට කටයුතු යොදා ඇති බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts