අමුඩයාය ගම සන්දර වු ගැමි සුවඳින් සුවඳවත් වු කැලෑ ගමකි.මෙහි නායකයා අප්පුහාමි නම් වේ. අමුඩයට මුල් තැන දෙන මේ ගම වැසියෝ උපතින්ම අමුඩය ආරක්ෂා කරන්නට බැඳී සිටිති. එයට හේතුව හත්මුතු පරපුරෙන්ම මෙවුන්දලාට ලැබුණු උරුමය වුයේ අමුඩයයි.තනිපට අමුඩය,දෙපට අමුඩය, සඟළ අමුඩය,දිය අමුඩය මෙවුන්දලාගේ නැති නම් අමුඩයාය ගමේ ගැමියනගේ නිල අඳුම වේ.

ගොවිකම දිවිමග කර ගත් ගැමියෝ මෙන්න!

ගමේ කිරි අප්පුලාගේ සිට වැඩිහිටි තරුණ සියල්ලෝම අමුඩය ඇඳ ගමන් බිමන් වැඩ කටයුතු සියල්ලම සිදු කරන්නේ පරපුරේ උරුමය නිසාය.කුඹුරු වැඩ හේන් වැඩ සිදු කරන ගොවිකම දිවිමඟ කර ගත් ගොවියෝ අමුඩයාය ගමේ ජීවත් වේ.

කුකුල් අප්පුට රතු කිකිළිය කී බිත්තර රහස කුමක්ද ?

සුපුරුදු පරිදි තවත් සතියක් අමුඩයාය ගමට උදා වුයේ අප්පුහාමිගේ ගම ගෙදර පැළ ඉනි වැට උඩ ලැඟ සිටි කුකුළා අප්පුගේ හඩ සමගින්ය.රතු කිකිළි කෙකර ගාමින් උදෑසනම කියා සිටියේ…. මේ ඇහුනයි …බිත්තර මිල තවත් වැඩිවෙලා ලු.රට බිත්තර ගේන්න හදනවා කියාලා ආණ්ඩුවේ අප්පුලා මේ දිනවල කෙකර ගානවා කියලා කුකුල් කොටුවේ කිකිළියෝ කෙකර ගානවා කියා ය.

සඳමෙන් පිරිපුන් යාය විහාරය පිංකෙතකි!

මහ කැළයට යාබඳව මහා ගල් තලාවක් සහිත කඳු මුදුනේ පිහිටි යාය විහාරය පිං කෙතකි.එක යායට තෙරක් නොපෙනෙනා වූ කුඹුරුයාය රසදුනක්සේ කහ සිවුරක්මෙන් රවට දිගට දිගුවට දැකිය හැකිය.

බුද්ධ පුත්‍ර නායක හිමියෝ පොඩි නමට කී කාලීන බණ පදය දන්නවාද?

යාය විහාරයේ විහාරාධිපති බුද්ධ පුත්‍ර නායක හිමියෝ (අප්පුහාමිගේ ලොකු පුතා) හිමිදිරියේම පොඩිනම මෙහෙට ආවනම්.එහෙමයි.මේ එනවා.නායක හාමුදුරුවනේ.මැති ඇමතිවරු ආ වොත් කියාපිය.මේ පිං බිම කිසිදු දේශපාලකයකුට තහනම් කියාලා.මැති ඇමති පට්ටම් නැතුව නම් එන්න හැකියි කියාපිය,කියමින් බුදු කුටිය දෙසට ගමන් කළේය.

ඇමති පනින අප්පු ගැන යමක් නොකියාම බෑ ඔන්න කතාව අහන්නකෝ!

දියවන්නාවේ පනින අප්පු ඇමතියා අප්පුහාමිගේ පුත්තරයෙකි. එතමා හැමදාමත් ඇමතිය.ඒ ජනතා චන්දයෙන් බලයට පැමිණ,බලය ඇති ආණ්ඩු පක්ෂයට,පනින පනින අප්පු නම් වු උතුමෙකි.රටේම ජනතාව මෙතුමාට කියනුයේ ඇවිදින පගා මරුව කියාය.

රටේ ජනතාවගේ වාසනාවට පත් වු සිර්ට ලෝක නායකයෝ වහ වැටිලා ජනතාවට වහ කන්න තමයි සිදුවෙලා තියෙන්නේ!

මේ දිනවල පනින අප්පු ඇමතිතුමා නෙළුම් කුළුණ අමාත්‍යංශ පරිශ්‍රයේ පිහිටි තියන නොතියන මෙවර පළාත් පාලන මැතිවරණයේ දී මාධ්‍ය හමු පවත්වන්නේ අපේ නායක තුමා මේ ජනතාවගේ වාසනාවට පහළ වු විදෙස් නායකයන් විමතියට පත්වන නායකයෙක්.

බිත්තර නැවෙන් එන පොරොන්දු පත්තරය ගැන දන්නවා ද?

එතුමාගේ උපදෙස් පරදි බිත්තර නැවක් අද හෙටම රටට එනවා.බිත්තර පුරස්ණය විසදන්න මේ අනුව හැකියි කියමින් වරාය නගරය පැත්ත බලා තම ලේකම් අප්පුට කීවේ මැතිවරණ පොරොන්දු පත්‍රීකාවක් වහාම සකස් කර ලබාදෙන හැටියටටය.

ණය පොත අතට ගත් පොලියාගේ ජොලිය මෙන්න!

පොලි අප්පු පුතා (ගිනි පොලි ව්‍යාපාරක ) අප්පුහාමිගේ දරුවන් අතරේ ගත් කළ දැවැන්තම ධනවතාය.හේ මේ දිනවල ගමට නගරයට රටට පමණක් නොව අයි.එම්.එෆ් එකටද පොලියට ණය දෙන්නට හැකි යාව පිළිබඳව තම බිරිද පොලිනා එතනාට කීවේ ණය පොත පෙරළන ගමන්ය.

දොස්තර අප්පුගේ අරුම පුදුම බෙහෙත් වට්ටෝරුව මෙන්න!

දොස්තර අප්පු පුතා (දොස්තර හොඳ හිත) අප්පුහාමි මෙන් ගුණ ගරුක දොස්තර මහත්තයෙකි.රෝහල්වල බෙහෙත් නැතිය කියලා මට කරන්න දෙයක් නෑ.මම මක්කැයි කරන්නේ.වෙදකම එක්ක හෙදකමම කරලා හරි මේ රෝගින් බේර ගන්න වෙනවා.දින පතා පෙති කරල් බොන්න එපා.ඒ කාලේ ඉවරයි.දැන් අලුත් තාලයේ බෙහෙත් තුණ්ඩුව මෙන්න.මේ පෙති කරල් සතිපතා බොන්න.පෙත්ත හතරට කඩලා කරල දිහා බලන් තේ හැන්දෙන් ඇල් වතුර නිවලා බොන්න යැයි කියමින් රෝගින්ට ප්‍රතිකාර කරන්නේය.

කොච්චි කඩේ සිට නීතිය උල් කරන්නට සැරසෙන දෙරකදෝරු අප්පු කියන කතාව මෙන්න!

පෙරකදෝරු අප්පු පුතා කොච්චි කඩේ උසාවියේ සිට අලුත් කඩය උසාවිය ආවේ නීතිය නවන්නට පෙරලන්නට හා වවන්නට හැකිද යන්න සිතමින්ය. ඒ කෙසේ හෝ පළාත් පාලන මැතිවරණය කල් දමන්නට නීති සූත්තර ගැට ගැන සිතමින් කිඹුලාට දිවක් නැත්තේ ඇයිද සිතමින් නෙළුම් මාවත හරහා නෙවම් පොකුණ පසුකරමින් කොළඹ 07, විජේරාම මාවත දෙසට ගියේ මැදමුලන අප්පුහාමිගේ දැනුම් දිමකයට අනුවය.

පාතාල අප්පුගේ ගිනි කෙළි කරයි දෙවනත් කරයි මනරම්!

පාතාල අප්පු පුතා අප්පුහාමිගේ හා එතනාහාමිගේ පුත්තරයා හිර ගෙදර සිට ගිනි අවි ගිණි කෙලි පවත්වන්නේ ඒකාගේ ගෝල බාලයෝ හරහාය.ඒකා නාදුනන තුවක්කු කරුවෝ ගිණි දහවල් මහ මඟ මිනී මරණන්නට ලැයිසන් චණ්ඩි මෙන් යොදවා තම පාතාලයේ අණසක පවත්වාගෙන යන්නේ මැති ඇමති සරණින්ය.

ඉස්කෝල අප්පුගේ අමුඩය කොයි බොලව්!

විදුහල්පති ගුරු අප්පු පුතා පාසලේ වාර්ෂික පාසල් අධ්‍යාපන චාරිකාව අවලංගු කළේය.ඒ වෙනුවට පාසල් නිවාඩුවේ දී තම දෙමාපියන් එක්ක ගෙවල් වටේ පලයව් කියමින් ගුරු නිවාසයට ගොස් සරමට යටිින් ඇඳ සිටි අමුඩය ගලවා ලණු වැලේ වැනුවාය.

කැම්පොස් අප්පුගේ දිය දෙබෑ කරන දිය අරගලය මෙන්න!දිය අමුඩයට ජය වේවා!

කැම්පස් අරගල අප්පු පුතා මේ දිනවල අරගලය නව ආරකට දියත් කරන්නට සැරසෙන්නේය.ඒ සිරකොත හරහා ආසියාවේ සේද මාවත දක්වා ම ගොඩබි සිට දිය යටින් අරගලයට පන්නරය දෙන්නටය.අරගලයට පන්නරය දෙන කැම්පොස් අප්පු දිය අමුඩය ඇඳ ගෝල් ෆේෂ් අලි වැට උඩින් බැන්නේ ය.

හලෝ හාල් කිලෝ විස්සම දෙනවයි!සියාතු අප්පුගේ කුරුමානම මෙන්න!

සියාතු අප්පු පුතා කුළියක් මළියක් කරගෙන සිටිනා ගැමියෙකි.දරුවන් අටකට බඩ කට පුරවන්නට නොහැකිව ජනපති තුමා හාල් කිලෝ විස්ස දෙනකම් ජනපති මැදුර අසළට වී බලා සිටින්නේය.හාල් දෙනව නම්..ලුණුත් දෙනවනම් ලුනුයි බතුයි කනවා රත්තරං කියමින් හිස් බඩට තට්ටු කරන්නට විය.

මහ පුටුවම අපට දෙන්න දෙවියනගෙන් මනාපය ඉල්ලන පුංචි මන්තිරිලා මෙන්න!

මන්තර අප්පු පුතා හෙවත් සාදිරිස් අප්පුට මේ දිනවල වැඩ වැඩිය.පුංචි චන්දයට ඉල්ලන සියලුලෝම තමාට මහ පුටුවක් ලැබෙන්නට ගුරුකමක් කර දෙන්න කියා ඉල්ලීම නිසාය.පස් හය තැනක් බිම දිගා වී තම දේවාලය ඉදිරිපිට වී මේ ඇත්තො ඉල්ලන්නේ මා ලොකු පුටුවට පත් කළ හොත් පගා ගන්නා විට දේවවතා කොටස ලෙස නව පගාවක් එක්කර ඒ කොටසම දෙවියන්ට ලබා දෙන බවය.

ධමිමික පැණිය මෙන් බලවත් වු උගණ්ඩා තෙල් බලවත්ය!

පගා ගන්නට හැකි ජන වශියක් වූ උගණ්ඩා තෙල ධමිමික බැණිය මෙන් මේවන විට රටපුරාම ඉල්ලුමක් ඇති බව කියමින් දුම්මල කීරක් ගසා චන්ද දොළ පිදේනි තට්ටුව ජප කරන්නට විය.

හීන් සැරේ හීන් අප්පු හිත ඉල්ලන තරු !

හීන් අප්පු පුතා ගමට නගරයට පළාතටම මත් පැන් සපයන්නා ය.හීන්අප්පු හීන් නූලෙන් දේශපාලන,සුරාබඳු,පොලියේ සමහරක් දෙනා හීන් නුලෙන් අල්ලස් ජාවාරම සිදු කරනා බව ගමම දන්නා වු රස රහසකි.

ගමේ ම කෙලම් මල්ල කුසලහාමි කියන කතාව!

කුසලහාමි දුව (ගමේම කේලම් මල්ල) අප්පුහාමිගේ හා එතනාහාමිගේ එකම දියණිය වූවාය.ඇය කළු ගොණා බැදි කරත්තෙයෙන් කළු සුරුට්ටුවක්ද දල්වාගෙන ගම හරහා දිවෙන කරත්ත පාර දිගේ ය.

අනා නොගත් දිනන පක්ෂය අනාවැකි කියන කපුටා !

තැන තැන නතර කරමින් කරත්යේ සිටම කුසලහාමි කියන්නේ මේ දිනවල රටේ කතා කරන දිනන දේශපාලන පක්ෂ ගැනය.ලපයාට හොඳයි කියාලා සමහරු කියනවා.හැබැයි පුතාණෝ කප් එක ගන්නවා කියලා ගෙබි ගෙදර ඈයෝ නම් කියනවා.මඩවළ තැන්නේ උදවිය නම් කියනවා පෝට්ටුවට මේ පාරත් ජය වගේ කියලා.ඒක මැදමුලන අප්පුහාමි කඩ පොලේ දී කියනවා මම අහගෙන.අලි ගමේ අය නම් තනි පයින්ම අලියට දෙනවා කියනවා.අත ගහපු කැලෑ ගමේ අය නම් දොඩංනේ අත ලකුණ මේ පාර දිනයි කියලා.හෙළි කොප්පරය කොප්පර ගහලා හරි දිනනවයි කියලා කෝපි කඩේ ලඟ දාන් අඳින ගැටව් නම් කියන්න අලේ මං දන්නේ නෑ මේවා…මේ ඇත්තෝ ගම හදන්න හොරකන කෑමක් ද නෑමක්ද කියලා කියන්න අමාරුයි.

අන්ඳවන්නට දක්ෂයෝ….!දිගම අමුඩය ගැළ වෙයි ද?

කාට කාටත් චන්දය ඉල්ලන්න ගෙවල්වලට එන්න සිදු වන්නේ ඇඳුම් ඇඳගෙන ද කියලා තමයි මම බලන් ඉන්නේ කියමින් කළු ගොනාගේ දෙපැරැන්දෑවෙන් කෙවිට දමා කරකවා කරත්තය පණ ගන්වාගෙන කඩ පොළ දෙසට ගමන් කරන කරත්තය ලියන අප්පු පසු කරමින් ගමන් කළේය.

අමුඩයාය ගමේ සිට ලියන අප්පු ලියන තවක් කතාවක් ලබන සතියේ ද බලාපොරොත්තු වන්න!

මෙයට, ලියන අප්පු අමුඩයාය ගමේ සිට ….

නිමල් අල්ගෙවත්ත

Similar Posts