මේ වන විට දේශපාලනයට පැමිනෙන බොහෝ පිරිසක් දේශපාලනය මොකක්ද කියලා දන්නේ නැතිවයි දේශපාලනයට එන්නේ එම නිසා ලංකාවේ පිරිසිදු දේශපාලනය කරන පිරිස අඩුවෙලා තියෙනවා වගේම ලංකාවේ බොහෝ පිරිසකට දේශපාලනය එපා වෙලා තියෙන්නේ.
ඊරෝස් ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ප්‍රධාන ලේකම් ජිවන් ජිවරාජන් මහතා මේ බව පවසන ලද්දේ ඊරෝස් සංවිධානයේ නිර්මාතෘ රත්න සභාපති නමින් දේශපාලන අධ්‍යාපන කේන්ද්‍රයක් හැටන් ඩංබාර් පාරේ අංක 86 දරණ ස්ථානයේදි විවෘත කිරිමේ අවස්ථාවේදිය.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු ජිවන් ජිවරාජන් මහතා ලංකාවේ දේශපාලනය පිලිබදව නිසි දැනුමක් නොමැතිව දේශපාලනයට පිරිස් එක් විම තුලින් එසේ එක්වන බොහෝ දේශපාලකයන් විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙනවා මෙම තත්වයන් නැති කිරිම සදහාත් දේශපාලනයට පැමිනෙන පිරිස් සදහා දේශපාලනය මොකක්ද යන්න පිලිබදව දැනුමක් ලබා දිමටත් පියවර ගත යුතුයි.

මෙම රත්න සභාපති දේශපාලන අධ්‍යාපන කේන්ද්‍රය ආරම්භ කිරිමේ මුලික පියවර තමයි දේශපාලනයට පැමිනෙන පිරිස් සදහා දේශපාලනය පිලිබදව ලිඛිත හා ප්‍රායෝගික පුහුණුව ලබා දිම.
මෙහි සියලුම පුහුණු කටයුතු නොමිලේ පැවැත්විමට පියවර ගන්නා අතර මෙහි පුහුණු වැඩ සටහන් සදහා ජාති ආගම් දේශපාලන බේදයෙන් තොරව ඕනැම අයකුට සහාභාගි වන්නත් අවස්ථාව ලබා දිමටත් පියවර ගෙන තියෙනවා.
මෙම දේශපාලන අධ්‍යාපන කේන්ද්‍රය තුලින් මේ රටේ දේශපාලනය පිලිබදව දැනුමෙන් සන්නද්ද දේශපාලකයන් පිරිසක් බිහිකර ඒ. තුලින් මේ රටට වැඩ දායක දේශපාලකයන් පිරිසක් බිහි කිරිමයි අපගේ ප්‍රධාන අරමුණ.
ලංකාවේ පරිනත හා දේශපාලනය පිලිබද දැනුමෙන් සන්නද්ධ ප්‍රවිණයන් ගෙන්වා මෙම ස්ථානයේ දේශපාලන වැඩ මුලු පැවැත්විමටත් ඒ තුලින් දේශපාලනය පිලිබදව දේශපාලනයට පිවිසෙන නවකයන්ට දේශපාලන දැනුම ලබා දිමටත් අපි ඉදිරියේදි පියවර ගන්නවා.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts