nimal-algewaththa-dailyreporter

සුන්දර වූ සතියක් අමුඩයාය ගමට උදා විය.අමුඩයාය ගමේ ප්‍රධානියා වුයේ අපේ කතාන්දරයේ නායකයා වූ අප්පුහාමිය.උන්දෑ පරපුරේ උරුමය සුරකින ගැමියෙකි.හත්මුතු පරපුරෙන් තමාට තම ගම අමුඩ අප්පුහාමිලාට උරුම වුයේ අමුඩයයි.අමුඩය ගම අනන්‍යතාවය වූයේ ය.අමුඩයට මුල් තැන දුන් ගම අප්පුලා කිසිදු දිනක අමුඩය පාවා දුන්නේ නැත.ඒ අපේ කාලයේ අමුඩයාය ගමේ අප්පුහාමිගේ උරුමයයි.

එක කෙල්ලයි!කොල්ලෝ 11 යි ! ඝෝෂ ගෙදර හුටප්පරය මෙන්න!

අප්පුහාමිගේ බිරිද එතනාහාමි නම් වූවාය.ඇය අත්දිග හැට්ටයකින් සැරසී සිටින ගමේම උපන් කාන්තාවක් වූවාය.කිසිදු දිනක පාසල් නොගිය එතනාහාමිගේ දැනුම නම් අඩුවක් නැත.ගැමි සුවඳින් සුවඳවත් වු මේවුන්දලාට දූ දරුවෝ දුෂිමකි.ඒ නිසාම ගම ගෙදරට ගමේ ඈයෝ කීවේ ඝෝෂ ගෙදර කියලා ය. දරුවන් 12 ක් සිටින ගෙදර ඝෝෂ ගෙදර දරුවෝ අතර එක කෙල්ලයි කොල්ලෝම එකොළහකි.මෙවුන්දලා දැන් රට පරා මෙන්ම ගම ජීවත්වන වැඩිහිටියන්ය.ගම ගෙදර වු ඝෝෂ ගෙදර දැන් සිටින්නේ මේ දෙමහල්ලෝ පමණි. මෙවුන්දලාගේ කතා සත්තකින්ම කතා අන්දරයකි.

අමුඩයාය ගමේ සුන්දර ගෙවල් මෙන්න! අප්පට හුඩු පොලි ගෙදර පොලිච්චිගේ පොල් කිච්චි දුව නම් සුන්දරය!

ආරච්චිල ගෙදර,වෙද ගෙදර,කෝරළේ ගෙදර,බද්දේරාලගේ ගෙදර,අප්පුහාමිගේ ගොවි ගෙදර නැතිනම් ඝෝෂ ගෙදර,හෙට්ටි ගෙදර,වෙලේ ගෙදර,දේවාලේ ගෙදර,නැකත් ගෙදර,අප්පුහාමිගේ සාදිරිස් පුත්තරයාගේ යක්දෙස්සා ගෙදර,රිදී ගෙදර හෙවත් රෙදි නැන්දාගේ ගෙදර,බඳු ගෙදර,පොලි ගෙදර යනා දී නිවාස ඉදිකොට ඇත්තේ පැරැණි සාම්ප්‍රදායික නිවාස ඉදිකිරීමේ රටාව අනුවය.

ආතම්මාගේ මළ ගෙදර ගඹඩා කාමරයේ පුරාවස්තු හා ඇත්දළ තොගයක්! ඒරොප්පෙන් මතු වෙයි!

අගනුවර පත්තර කන්තෝරුවක සේවය කරන පත්තර පුත්තරයා අප්පුහාමිගේ පුත්තරයාට පත්තරයෙන් තොර කිසිවක් නැත.ඒකා අපේ ආදි ආතම්මාගේ මළ ගමට සහභාගි වන්නට,ඒරොප්පේ ගියේ පසුගියදා ය.ඒකා මේවන දිනවල හැසිරෙන්නේ අමුඩ රටේ ආත්තම්මාගේ ලඟම ඥාතියෙක් ලෙසය.රටේම අප්පුහාමිලා හැසිරෙන ආකාරය දකින විට අපේ අමුඩ රටට මහ මෙහෙයක් කළ ආාත්තම්මා වක් වැනිය.

ආත්තම්මාගේ ගබඩාගේ අමුඩ රටේ පුරාවස්තු රාජපක්ෂ රනිල් වරාය නගරයේ ගුවන් තොටින් අමුඩ රටට එයි!

ආත්තම්මලා නෑයෝ අපේ මුත්තණ්ඩිලා,අපේ රටෙන් ගෙනගිය පුරාවස්තු, අපෙන් කොල්ල කෑ ඇත් දළ හා අපේ උරුමයන් සොයමින් සත්දින දානමය පිංකම දක්වා අපේ පත්තර පුත්තරයා ඒරොප්පේ ආතම්මාගේ මාලිගාවේ ගබඩාගේ සෝදිසි කරන්නට වුයේ ය.

ලංකාවේ අලුත්ම නිකාය බුද්ධ නිකාය මෙන්න අවසරයි අපේ හාදුරුවනේ!තුසිත,නාලොව, අපාය තුනම බලන්න රුපියල් 500යි!

යායගමේ විහාරස්ථානයේ නායක හිමියෝ අප්පුහාමිගේ ලොකු පුත්තරයා ය.උන් වහන්සේ දේශනා කරන්නේ මාගේ නිකාය බුද්ධ නිකාය කියලාය. කිසිදු පක්ෂයක දේශපාලඥයෙක්ට පන්සල තහනම් එන එකෙක් පන්සලට වරෙල්ලා මැති ඇමති පට්ටම් පන්සල් වත්තෙන් පිටත දියලා කියා කියාපිය.මම තව්දිසා දෙව්ලොව බණකට වඩිනවා.නාග ලෝකයේ පිරිතකටයත් අද රෑ යන්න තියනවා.යම රජු ආවොත් කියාපිය නෙළුම් කුළුණ වැදලා මම එනතරු පිටපිය කියා ඇබිත්ත අප්පුට කියමින් බුදුගෙය දෙසට ගමන් කළේ සාධු සම්මත වු ගමනින්ය.

රටපුරා බත් බැලයන්ට බත් බැංකු පිහිටවයි!

අප්පුහාමිගේ පනින අප්පු ඇමති පුත්තරයා එදත් අදත් හෙටත් ඇමතිය.සාටක ආණ්ඩු කාලයේ ද,කළු කෝට් කළු කෝපි අප්පුලාගේ ආණ්ඩුවේ ද ඒකා (කා) ඇමතිය.ඒකාට කියන්නේ පනින ඇමති අප්පු කියලාය.ලොව කුළුණු අතර ඇලවෙන නෑ වරදුනා හිඟන කුළුණ වු නැතිනම් නෙළුම් කුළුණ සිය අමාත්‍යංශ පරිශ්‍රයේ සිට පනින අප්පු ඇමතියා ලොකු සර්ගේ ගුණ වයමින් මාධ්‍ය හමු තියන්නේ ය.බත් බැලයන් රට කෑ නිසා රට පුරා බත් බැංකු ඇති කරන්නට නායක තුමා තිරණය කර තියනවා.

නවක ඇමති ලෙස ඩොලර් ගිලින,වපුරන,බෙදන,බිජුලන ඇමති මෙන්න!

ඒකාට පත්තර කාරයෝ කියනුයේ ඇවිදින පගා මරුවාය කියලාය.රට රටවල නායකයෝ අපේ අකමැති ජනපති උතුමා දැක්කම භය වෙනවා.අපේ ඇමති ඇමති මණ්ඩලයේ ප්‍රමාණය අහලා උගන්ඩාවේ ජනපතිට ඩෝං ගියාලු.ලේකම් අප්පුට කියන්න කැමැතියි දැන් අර පේන වරයාය නගරයේ සාටක ගුවන් තොටුපලෙන් නැව් වලට වරයවල් එනවා.ඒවාගේ ඩොලර් පිරිලා.තව ටික දවසකින් ඩොලර් ඇමති විෂයත් මට දෙන්න තමයි මම අකමැති ජනපත් තුමාට ඉගි කරන්නේ.ආසියාවේ සේද මාවත සිරිකොත හරහා වැටී තියන නිසා රටට ඩොලර්වලින් නම් හිඟයක් නෑ.තෙල් නැව් ඇවිත් දියවන්නා‍ වරායේ නංගුරම් දමා තිබිමත් අපට ගරුත්වයක් කියමින් පරණ අමුඩය ගලවා අලුත් කොල පාට අමුඩයයක් ඇඳ ගත්තේය.

කළුගොනා එක්ක කුසලහාමි කෝ ගීතා නෑ සීතා ඩයනා මෙන්න!

අප්පුහාමිගේ එක්ම දියණිය කුසලහාමි නම් වූවාය.ඇය හැට පන්නාට හැනි හකිකට යන්නේ කළු ගොනා බැදි කරත්තෙයෙනි.තළු සුරුට්ටුවක් දල්වාගෙන ඇය මැති ඇමති ගීතා,ඩයනා,මුට්ටනී,ඥාණා,සීතා ලාගේ ගෙදර යන්නට කළු ගොනාගේ දෙපරෙන්දාවෙන් කෙවිට දමා කිචි කවා නැට්ට මිරිකා ඇමතිනී නිල නිවාස පැත්තට වේගයෙන් ගමන් කරන්නට වූවාය.

උගණ්ඩාවට ගලන අලුත්ම ගංගාව නයිල් ගංගාව හරහා වළවේ ගංගාව දක්වා ගිලා බසී!

අප්පුහාමිගේ ඉස්කෝළ පුත්තරයා,දොස්තර පුත්තරයා තම තමාගේ කැම්පොස් දරුවන් උපාධියක් අරගෙන සිටින නිසා ඒකලාට රටපිට යන්නට කටයුතු සුදානම් කරන්නේ ගලන අතරේ ගත් කළ බුද්ධි ගලනය අගේය කියමින්.අප්පුහාමිලාට රටක් නැති උනාට අපේ දරුවන්ට රටක් උවමනායි ඒ නිසා බුද්ධි ගලන ගංගාව දිගේ උගණ්ඩාවට හෝ තම දූදරුවන් යවන්නේ, අපේ ධනය එහි තැම්පත්ව තිබෙන නිසා කියමින්ය.

ලොවක් මවිත කරවන සාදිරිසාගේ අලි කෙන්දේ මන්තරය බලගතුය!

අප්පුහාමිගේ සාදිරිස් පුත්තරයා ඒකා යකාය.යක්දෙස්සාය.ඥාණක්කාගේ දේවාලයටත් වඩා මේ වන විට සාදිරිසාගේ යක් ගෙදරට,දේවාලයට එන්නේ මැති ඇමතිලාය.මට ඇමති කමක් ලැබෙයිද කියමින් ඒකලා එන්නේ පස් හය තැනක් බිම ගෑවෙන ගානට වැඳගෙනය. ඒ සියලුම මහජන උත්තමයලාට අලි වල්ගයේ අලි කෙදි උගණ්ඩා මන්තරයෙන් ජප කර සාටක කහ නූලකින් පේවත් කර මතුරා දෙන්නේය.

සර්ව භක්ෂක ආණ්ඩු හා කොට්ටෝරු අප්පු ගජනා වන්ම මෙන්න!

සර්ව භක්ෂක ආණ්ඩුවේ සියලුම මන්ත්‍රී උත්තමයෝ ඇමතිලාය කියමින් මහ මූකලාන පැත්තේ සිට මෙර දුන් තනි අලියා එළවන්නට අලි මන්තරය ජප කර තම ගෝලයා වූ කොට්ටෝරු අප්පුට කීවේ අලි මංකඩ පැත්තට මේ මතුරපු වැලි ඉසින ලෙස අණ කරමින් යක් බෙරයට තඩි බෑවේ ගජනා වන්නමට අනුවය.

අන්තරට පන්නරයක් වූ කැම්පස් අප්පු පුත්තරයාගේ පැල් කවිය මෙන්න!

අප්පුහාමිගේ කැම්පස් අප්පු පුත්තරයා මන්දිර අල්ලන්නට ගෙස් වූ හුටප් පරය නිසා හොස්ටල් එකෙන් පැන නෙළුම් කුළුන දෙස බලමින් අමුඩයාය ගමට ආවේ මහ රෑය.ඒකා තම අප්පුහාමි අප්පොච්චාගේ හේනේ පැලේ පැල් රකින්නේ රාජ්‍ය බද්ධි අංශය ඔහු සොය එනවාද බලමින්ය.

අමුඩ උකසට තබා ඩොලර් පොලියට පොලි අප්පු බැංකු හොරා අල්ලයි!

අප්පුහාමිගේ පොලියා පුත්තරයා මේදිනවල අමුඩ උගසට ගන්නවාය.තනි පොට,දෙපට,සඟළ,ගැට,දිය අමුඩ ආදි සියලුම අමුඩ උකසට ගන්නේය.සාටක ලකුණ අමුඩ ගිනි ගනණ්ය.කපුටා,මයිනා,සමනලයා දරණ අමුඩ හීගය,ලපයා, පංචායුධ,ගෙම්බා,පුතාණෝ,උත්තර ලකුණ සහිත අමුඩ ද උකසට තබාගෙන ඩෝලර් වලින්ම ණය දෙන්නේ ලෝක බැංකුව වාගේ ය.

සිරිකොත සිරිලිය කාන්තා වැඩ සටහන රටපුරා දියත් කරති!

පොලියාගේ බිරිද පොලිච්චි ගිණි කිරිල්ලි මෙන් ලස්සනය.හරියට නිළියෙක් වාගේය.පොලිච්චී මැතිණිය මෙන් නොමිලයේ සියලුම කාන්තාවන්ට සනීපාරක්ෂක තුවා දෙන්නේ සිරිකොත සිරිලිය කාන්තා වැඩ සටහනට සමගාමීවය.

බල්ලෙක් මිහිකේ කයි මිනිහෙක් බල්ලෙක් කයි!

අප්පුහාමිගේ සියාතු අප්පු පුත්තරයා තම බිරිද හා පුතාලා කිරි අප්පුලාට කන්න දෙන්නට නොහැකිව කුළි වැඩක් සොයමින් මුලන වලව්ව පැත්තට ගාටන්නට වුයේ ය.මඟ යන්නට පණක් නැති වූ සියාතුවාගේ බිරිදට අටවන ජනපති නෑ. වැරදුනා අටවන කිරි අප්පුවෙක් තම ගැබිණි බිරිදිට ලැබෙන්නට ඇති නිසා සියාතුවා තුන්වේල නොකා එක වේලක් කන්නේ වහ කන්නට නොහැකි නිසාය කියමින් මුලන වලව්වේ දොරට තට්ටු කළේය.

අවලස්සන ඇමරිකාණු කළු සුනඛයා පොත නෑ ඒක පුස්තකාලයක්!

වලව්වේ දොරටුවේ මුරට සිටි උගණ්ඩාවෙන් ආනයනය කළ සුනඛයා සියාතුවාගේ ඇඟට පැන සපා කෑවාය.සියාතුවාද සුනඛ තෙමේ සපා කෑවාය. දෙදෙනාම රෝහල් ගත කළහ.පිස්සු බලු බෙහෙත් රෝහලේ නෑ කියමින්,අප්පුහාමිගේ දොස්තර පුතා මිසී දෙස බැලීය.බල්ලා මිනිහා කාලා මිනිහා බල්ලා කාලා යැයි මිසී කිවායා.එහෙනම් අවලුක් නෑ කියමින් අවලස්සන ඇමරිකාණු කපුටා නම් වු පොත අතට ගෙන පෙර වදන කියවන්නට විය.

සක්දෙවියෝ තුසිත දිව්‍ය ලොව සිට යාම දිව්‍ය ලෝකය දක්වා ගමනක!

කළුවන් වු දැකුම් කළු අහස වහින්නට තතතන නිසාදෝ අහස පැහැදිලි නැත.මේ අතර සක්දෙවියෝ තුසිත දිව්‍ය ලොව සිට යාම දිව්‍ය ලෝකය දක්වා ගමන් කරමින් සිටියේ ය.කළුවර අහස නිසා සක්දෙවි උතුමාගේ වාහන යානය පදවන මාතලී රියදුරුට පාර වැරදිනි.හෙතෙම වළා කුළු අතරින් වංගු දමමින් වාහනය පදවන්නට වූයේ දැඩි ආයාසයෙනි.

දෙවියන්ටත් පාර වරදියි!

සක්දෙවිදුට පුදුමයකි.වෙනදා ගිය පාර නොවන බව සක් දෙවියෝ මාතලී සිය රියදුරාට කීය.අපට කළුවර නිසා පාර වැරදුනා අපි මේ යන්නේ අලුත් පාරක යැයි මාතලී කීය.එක්වරම අහස් ගගන මාවත පැහැදිලි වුහ.මාතලී සිය වාහනය සැහැල්ලුවෙන් පදවන්නට විය.

සක් දෙවිදුට ගිය චූන් එක දන්නවාද?

සක්දෙවියෝ වටපිට බලමින් ගමන් කළේය.මාර ලස්සනයි.කොළම කොලපාට අඹ ගෙඩියක් වගේ ලොවක් අපේ දෙව් ලොව නැති තරම් උස කුළුණු,දිගිට දිගුවට,ඇදෙන මහා මාර්ග,ලස්සන නගර,ක්‍රීඩා පිටි,වරාය නගර ඇවිදින මන්ත්‍රීරු,ලස්සන ගංගා ඇළ දොළ,වනාන්තර,සතුන්,කඳු හෙල් හරිම ලස්සනයි මාතලී හරිම ලස්සනයි. ප්‍රීතියි! ප්‍රිතියි! ප්‍රිතියි! යැයි සක්දෙව්යෝ තම රියදුරු වු මාතලීට කීවේ ය.

මෙවුන්දලා මිනිසුන් වෙන්න බෑ දෙවිවරු වෙන්න ඕන බං !

රට වටේම කිරි සුදු වෙරළක්.නිල් ජලය හරිම ලස්සනයි.මෙහෙම ලස්සන රටක ලොවක සිටින පිරිස මිනිසුන් වෙන්න බෑ.තවත් දේව කොට්ඨාසයක් විය යුතුයි.මාතලී පාර වැරදුන එකේ අපි බැහැලා බලලාම යමු යැයි සක් දෙවියෝ කීය.මාතලී හ්. කියා එය අනුමත කළේය.මාතලී දේව වාහන යානය පහළට ගෙන පොළවේ නතර කළේය.

දෙවියන් විසින් රස බොජුන් මවයි!

එක් වරම ඇවිදින මළ මිනී මෙන් වු කෙසෙඟ වු නරයන් පිරිසක් දිව ආවේ බඩ ගිනියි! බඩ ගිනියි! බඩ ගිනියි! කියමිනි.සක්දෙවියෝ පැමිණි සියලුම නරයන්ට තම බලයෙන් දිව්‍ය භෝජන බත් බැංකුවක් මවා හිතේ හැටියට සතුටින් අණුභව කරන්න යැයි කීය.

යක්ෂයෝ පිරිසක් කඩා පනිති! සක්දෙවියෝ කලබල වෙති!

නමුත්,එක් වරම සිදු වුයේ සක් දෙවියෝ මවිතයට පත් වු සිදු වීමකි.සුදු ඇඳ ගත් සැඟව සිටි ඇඟ මස්වලින් පිරිගිය යක්ෂයන් මෙන් පෙනෙන නරයන් පිරිසක් සක්දෙවියන් බඩ ගින්නේ කෑම ඉල්ලා ගෑ ගසමින් සිටි නරයන්ට මැයු රස බොජුන් පැහැරගෙන,‍කොල්ල කා දුවන්නට වුහ.

රට ලස්සනයි!රට පාලකය කරන්නේ හොර කල්ලියක්!

කව්ද ඒ වැරදි වැඩේ කලේ කියමින් සක්දෙවියෝ මාතලී දෙස බැලීය.මාතලීට ද පුදුමය.සක් දෙවියනි! අපි ඇවිත් සිටින්නේ පෙනුම ලස්සන ‍රටක් උනාට හොර කල්ලියක් සිටින රටකට විය හැකියි කීය.දන් බලන්න අසරණ නරයන්ගේ දේ කොල්ල කන මහ හොර කල්ලියක් සිටින රටකට මගේ හිතේ අපි ඇවිත් සිටින්නේ යැයි මාතලී රියදුරා කීය.

දෙවි ලොව දක්වා දිව යන ඉනිමඟ මෙන්න!

නිමේෂයක් ගත විය.තම දිවිය ලෝකයට තරම් උස ඉනි මගික් මෙන් ඇති දැවැන්ත කුළුණකින් ආලෝකය විහිදුවමින් එක්වරම පළාතම එළිය වැඩි විය.දිවිය ඇස යොමු කර තමා ඇවිත් සිටින්නේ කොතනක දැයි සක්දෙවියෝ බැලීය.මොනවා.මළ කෙළියයි.මාතලී ඉක්මනට වාහන යානය ගන්න.අපි වහාම මේ දැන්ම පිටත් විය යුතුයි.දැනටමත් පරක්කු වැඩියි.මහා අනතුරක් අපිට සිදුවිය හැකියි.ඉක්මන් කරන්න හනික.හනික… යමු. යමු යැයි සක්දෙවියෝ මාතලීට කීය.ඇයි ඇයි සක්දෙවියනි කියමින් මාතලී වාහන යානනයට ගොඩ විය.පවනට බඳු වේගයෙන් මාතලී සක්දෙවියගේ වාහන යානය අහස් ගගන මඟට ගත්හ.

සක්දෙව් ගුවන් තොට වාහන යානය නතර කරයි!

සක්දෙවියනි ඇත්තටම අපි වාහනය නතර කර සිටිය දෙවිලොව කුමක්ද ඇයි මාතලි ඇසිය.රට ලස්සන දිවිය ලෝකයක් වාගේ උනාට ඒ රට හොර රැළක් පාලනය කරන අහිංසක නරයෝ සිටින රටක් බං යැයි සක් දෙවියෝ කීය.මාතලි සිය වාහන යානය වේගයෙන් වළා කුළු දෙබැ කරගෙන දෙවිලොව අහස් ගගන මාර්ගය හරහා ගමන් කරන්නට විය.විදුලි වේගයෙන් වාහන යානය පැද වු මාතලී සක්දෙව් ගුවන් තොට වාහන යානය නතර කළේය.

බං ලං ලොව බං ලක් ලොව තමයි ඒ !මාතලි සිහිසුන්ව ඇඳ වැටෙයි!

ඇත්තටම සක්දෙවියනි! අපි පාර වැරදිලා නතර කරගෙන සිටිය ලෝකය කුමක්ද යැයි මාතලී යළිත් සක්දෙවියන්ගෙන් ඇසීය.ඒක තමයි මාතලී ලක් ලෝව යැයි සක්දෙවියෝ කීය.ඒ ඇසු මාතලී එක්වරම සිහිසුන්ව රියදුරු අසුනෙන් බිමට වැටිනි.ඇතින් සාදු සාදු හඩ ඇසිනි.අපේ කුළුණ බලන්නට අන්න සක් දෙවියෝද සිය වාහනයෙන්ම ඇවිත් යැයි කියමින් පිරිසක් මහ අයියෙන් කෑ ගසන්නට වූහ.

අමුඩයාය ගමේ පන්දම් පාලිය මෙන්න!

මේ අතර අමුඩයාය ගමේ කැලෑ හේනවලට මහ අලි රෑනක් කඩා වැදී භව භෝග විනාශ කරමින් වැටවල් පෙරලමින් කලබල කරන්නට වූහ.සිය හේන් රැක ගන්නට අප්පුහාමිලා කෑ ගසමින් හුළු අතු පන්දම් දල්වමින් අලි එලවන්නට වුහ.මහ රෑ ගහේ හේනේ පැලේ නිදියගෙන සිටි අප්පුහාමි හේන්වල අප්පුහාමිලාගේ අලි එළවන කෑගැහිල්ල නිසා අවදි විය.අදත් අලි ඇවිත් කියමින් අප්පුහාමි අලි එළවන්නට අනෙක් අප්පුහාමිලා එක්ක එක් විය.

අමුඩයාය ගමේ සිට ලියන අප්පු ලියන තවත් සුන්දර කතා අන්දරයකින් ලබන සතියේ ද හමුවෙමු.

මෙයට, ලියන අප්පු ……

නිමල් අල්ගෙවත්ත

Similar Posts