ලංකාවේ පොළවේ තිබෙන විවිධ බස් වර්ගවලින්,පස්වල පැහැයෙන් හා වර්ණයෙන් හා පස් දියකර ඒ පස් වර්ගවල වර්ණයෙන් සකස්කර ගත් සායමෙන් විවිධ නිපැයුම් සිදුකරන මේ අපේ කතාන්දරයේ කතා නායකයා දක්ෂයෙකි.

ලීයක වර්ණය,ලීයක හැඩය ද, රුක් මුලක ඇති සැඟවුණු කලාව ද එක් කරමින් ස්වාභාවික ආකාරයට නව නිපැයුම් සිදුකරන මේ මිනිසා සැලෙන, සෙලවෙන,චලනයවන සිතුවම් හා නිපැයුම් හා මුර්ති ද සකස් කරන්නට දක්ෂයෙකි.

කනංකේ,කනංක කඩ විදීයේ,ගෙදර වත්ත,නිවසේ පදිංචිව සිටින මහඳුරගේ උපසේන මහතා සත්තකින්ම සැබෑ දක්ෂයෙකි. බිරිදක් වැඩිහිටි දු දරුවන් සිටින හෙතෙම මේවන විට 53 වන වියේ පසු වේ.හෙතෙම සියලුම කලා කටයුතු වලට අති දක්ෂයෙකි.

මේ අපුරු මිනිසාට සුවිශේෂ වු හැකියාවන් රැසක් උපතින්ම ලද දක්ෂතා ඇති මිනිසෙකි. චිත්‍ර කලාවට හා ඕනෑම දැසුනක් හෝ පුද්ගලයෙකුගේ රුව බලා සිත්තම් කරන්නට මොහුට ගත වන්නේ කෙටි කාලයකි.පින්සලේ සීරු මාරුව ද දිය සායම් හෝ වෙනත් ඕනෑම වර්ණයකින් හෝ පැන්සලයෙන් හෝ කාබන් පෑනෙන් වුවද ඕනෑම සිතුවමක් නිර්මාණය කරන්නට මොහුට හැකිය.

බලි තොයිල් කලාවට හා සෙත් ශාන්ති කර්මවලට ද දක්ෂ හෙතෙම විවිධ ආකාරයේ වෙස් මුහුණු අඹන්නට ද,වෙස් මුහුණු කපන්ට ද,විවිධ නිපැයුම් සිදු කරන්නට ද දක්ෂයෙකි.

කලා කටයුතු ලී,රුක්මුල්,කඩදහි,කොහු ලණු,වැල්, මැටි,ඉටි,ඉරටු,පන්, ගස්වල කොළ පොතු ඉති අතු හනසු, ඉපල්  ඕනෑම ද්‍රව්‍යයකින් සිදුකරන්ට හෙතෙම දක්ෂයෙකි.රුක්කලාව,කැටයම් කලාව,මුර්ති කලාව,ගොක් කලාව,වඩු වැඩ,මේසන් වැඩ,(පෙදරේරු)අලි බලි ඇබීමට ද,මගුල් පෝරු,අවමගුල් තොරන,හා වෙසක් තොරන සකස් කරන්නට ද එහි සිතුවන් අඳින්නට ද මට හැකියාවක් තිබෙනවා යැයි, මහඳුරගේ උපසේන මහතා පවසයි.

මහඳුරගේ උපසේන මහතා සතුව ඇති තවත් දක්ෂතා රැසක්ද තිබේ.මට ගීත ගායනා කරන්නට,කවි ලියන්ට ද, කවි ගායනා කරන්ට ද, විරිදු කවි ලියන්ට ද, හිටිවන කවි ලියන්නට හා ගායනා කරන්නට ද,බෙර ඩවුල් හා රබන් වාදය කරන්නට හා ගයන්ටද බෙර ඩවුල් සකස් කරන්ට ද හැකියාවක් තිබෙනවා.

තොරන විරුදු කියන්නට,හිටුවන කවි කියන්ට ද හැකියි. මඟුල් පෝරු සකස් කරනවා.මළ ගෙවල්වල සැරසිලි සිදුකරනවා. තොරන් ද සකස් කරනවා.

භූමදානය කරන මළ සොහෙන් පිටියක කිසිදු ප්ලාටික්,ලී හෝ ඉටිකොල නොමැතිව දිරායන ආකාරයේ ද්‍රව්‍ය යොදාගෙන මල සොහෙන් හා සොහෙන් බිම සකස් කරන්නට ද හැකියි. දින කිහිපයක් තුළ සියල්ලම විනාශවන ආකාරයට තමයි මම මේවා සකස් කරන්නේ යැයි මහඳුරගේ උපසේන මහතා පවසයි.

විවිධ ප්‍රමාණයෙන් බරින් හා විවිධ අංශ යටතේ වෙස් මුහුණු නිපැයුම් සිදුකර ඇති මේ කලා කරුවා බර කිලෝ 10ක් පමණ වු දිග අඩි 8 ක් පමණ වූ දැවැන්ත පිඹුරෙක් ද රුක් අත්තන ගහසක මුලකින් සකස් කර තිබේ.

ලංකාවේ දැනට කිසිදු කලාකරුවෙක්,නව නිපැයුම් හෝ නිර්මාණ කරුවෙක් සකස් නොකල,දිගම දිග සර්පයෙක් රුක්මුල් වලින් සකස් කරන්නට මේවන විට මේ කලා කරුවා කටයුතු කරමින් සිටිති.

තමා සකස්කරන නිපැයුම් විශාල මුදලකට මිල දී ගන්නට ගැණුම්කරුවන් රැසක් දිනපතා පැමිණේ. සියලුම කලා නිපැයුම් අපේ කතාන්දරයේ කතා නායකයා මේ සියල්ලම තැම්පත් කර ඇත්තේ තම නිවසේය.

විවිධ නිපැයුම් මිල දී ගන්නටද පැමිනෙන පිරිස විශාලය. කලාව හා නව නිපැයුම් දැක ගන්නට ද, ඒවා අධ්‍යනය කරන්නට ද පාසල් සිසු දරුවන්ද,කලාවට කැමැති පිරිස් ද දිනපතා මහඳුරගේ උපසේන මහතා සොයා පැමිණේ.

මහඳුරගේ උපසේන මහතා  කලාකුරුවෙක් වශයෙන් ජනපති සම්මාන ලද හෙතෙම ජාතික ශිල්ප සභාවේ ද සාමාජිකයෙකි.කලා ලෝකයේ දිගු ගමනක් යන්නට අප මෙම නව නිපැයුම් සිදු කරනු කලා කරුවාට සුභ ප්‍රාර්ථනා කරමු.

සටහන හා ඡායාරූප – බෝගහගොඩ  ඒ.ඩබ්ලිව්. ඒ නිමල්

 

Similar Posts