lamai

ළමයින්ට සාමකාමී උද්ඝෝෂණවලට සහභාගී වන්නට පුළුවන්. එතනදී ළමයාගේ දැනුවත් කැමැත්ත ගැනත් සැලකිලිමත් විය යුතුයි. එය තරමක් සියුම් කාරණයක්.

එතනදී එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල 2022 අප්‍රේල් 8දා ලංකාවේ උද්ඝෝෂණ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන පහත සඳහන් කරුණු ගැන සියලු පාර්ශ්ව අවධානය යොමුකළ යුතුයි.

“සාමකාමී විරෝධතා ඇතුළුව සාමකාමීව රැස්වීමට සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ඇති ළමා අයිතිවාසිකම්, ශ්‍රී ලංකාව අත්සන් කර අනුමත කර ඇති ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියට ඇතුළත් කර ඇත. මෙම අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමේදී දරුවන් පාවිච්චි කිරීම (manipulate) නොකළ යුතුය. ඔවුන්ගේම ගැටලු අර්ථවත් ලෙස ප්‍රකාශ කිරීමට සහ ඔවුන්ගේ අනාගතයට බලපාන කාරණාවලට සහභාගී වීමට ඔවුන්ට අවස්ථාව ලබා දිය යුතු අතර, ඔවුන්ට සවන් දිය යුතුය. සියලුම පාර්ශ්වකරුවන් ප්‍රචණ්ඩත්වයෙන් වැළකිය යුතු අතර, දරුවන්ගේ ආරක්ෂාව සඳහා වන මූලික සහතික සෑම තැනකම, සෑම විටම අදාළ විය යුතුය.

“වත්මන් තත්ත්වය විසඳීමට ශ්‍රී ලංකා රජය ක්‍රියා කරන බැවින්, ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියට අනුව දරුවන්ගේ අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය දෙමින් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සඳහා ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන ලෙස UNICEF ඉල්ලා සිටියි.”

මෙහිදී ළමයින් මෙම උද්ඝෝෂණවලට සහභාගී කරගන්නා සියලු පාර්ශ්ව දරුවන් ‘පාවිච්චි කිරීම (manipulate)’ නොකළ යුතුය. එසේම, ආරක්ෂක අංශ ළමයින්ගේ ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානයකින් කටයුතු කළ යුතුය.

ළමයින්ට තම ගැටලු අර්ථවත් ලෙස ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදිය යුතු බව ද මෙම නිවේදනයේ දැක්වේ.

ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ 12, 13, 15 වගන්ති මෙහිදී විශේෂයෙන් අදාළ වේ.

12 වගන්තිය අනුව, ළමයින්ට නිදහසේ අදහස් ප්‍රකාශ කළ හැකි අතර වැඩිහිටියන් ඒවාට සවන්දිය යුතුය.

13 වගන්තිය අනුව, ළමයින්ට තම අදහස්, හැඟීම් අන් අයට හානි නොවන පරිදි කතාව, ලිවීම, ඇඳීම වැනි මාර්ග ඔස්සේ සන්නිවේදනය ක හැකිය.

15වන වගන්තිය අනුව, ළමයින්ට සාමකාමී ලෙස රැස්වීමේ හා සංවිධානය වීමේ අයිතිය තිබේ.

එක්සත් ජාතීන්ගේ අර්ථ නිරූපණය අනුව, ළමයකු යනු වයස අවුරුදු 18ට අඩු ඕනෑම පුද්ගලයෙකි.

එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය මෙතැනින්

අජිත් පැරකුම් ජයසිංහ

Similar Posts