danuska

මේ දිනවල සමාජයේ වැඩි වශයෙන් කතාබහට ලක්වී සිටින ධනුෂ්ක ගුණතිලක ගැන ඊයේ දිනයේදී පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් පිරිසකගේ අවධානය යොමු වී තිබු බව වාර්තාවෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රෙලියාවේදී ස්ත්‍රී දූෂණ චෝදනාවලට ලක්වීමෙන් පසු ජාත්‍යන්තර ඊස්පීඑන් ක්‍රික් ඉන්ෆො නාලිකාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අමතා ඇති අතර ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාගෙන් කරුණු විමසීමක් කර තිබේ.

එහිදී ඔහු පවසන්නේ ධනුෂ්ක ගුණතිලකට ලිංගික අපයෝජන චෝදනාව එල්ල වන්නේ ඔහු T20 ලෝක කුසලානයේ ජාතික රාජකාරියේ යෙදී සිටි නිසා බැවින් ඔස්ට්‍රේලියාවේදී ඔහුගේ නීතිමය ආරක්ෂාව වෙනුවෙන් සිදු කරන වියදම් සියල්ල ගෙවන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බවයි.මෙම චෝදනා ඔහුගේ කැමැත්තෙන් තොරව සිදුවීමත් සක්‍රීය සංචාරයක් අතරතුර සියල්ල සිදුවීමත් නිසා එසේ කරන බව දන්වා ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු නීති ප්‍රධානී ආචාර්ය චානක සේනානායක මහතා දැනට සිඩ්නි නුවර රඳවා සිටින ධනුෂ්ක ගුණතිලකගේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර තිබේ.
ඔහු මෙසේ පවසයි.

“දැන් මේකට අපි අභියාචනයක් කරන්නයි යන්නේ. අභියාචනය පැය 24 ක් හරි පැය 48ක් ඇතුළත ගොනුකරන්න ඕන. ඒ ගැන අපේ නීතිඥ ආනන්ද අමරනාත් මහත්මයා වැඩකරගෙන යනවා.

අභියාචනයට අපි බලාපොරොත්තු වෙනවා නිව් සවුත් වේල්ස් හි හිටපු නීතිපතිවරයාවත් මේකට ඇතුළත් කරගන්න.

අභියාචනය සුමානයකින් විතර ගන්නවා ශ්‍රේෂ්ඨාධිකරණයේදී. නඩුව ඊළඟ දවස හැටියට සඳහන් කරලා තියෙන්නේ ජනවාරි 12. නඩුව සෑහෙන්න දවසක් එතකොට ඉස්සරහට ඇදෙයි. අධිකරණයේදී ඔවුන් ඉල්ලා හිටියා මේ නඩුව කැඳවන්න කියලා මාධ්‍යවේදීන් නැතුව, නමුත් ඒ සම්බන්ධයෙන් අපි විරුද්ධ වුණා.

හැමෝටම දැනගන්න ඕන මොකක්ද වුණේ කියන එක. නැතුව හංගලා මේක අහන්න බැහැයි කියන ස්ථාවරයේ තමයි අපි ඉන්නේ. අපි බොහොම පැහැදිළිව ස්ථාවරයක ඉන්නවා වැරැද්ද පිළිනොගෙන ඉන්න. දැනට ඉදිරිපත් වෙලා තියෙන කරුණු අනුවත් සිද්ධි දාමය දිහා පැහැදිළිව බැලුවාමත් අපිට හිතෙනවා මේක දින්නන්න පුළුවන් නඩුවක් කියලා. ඒ නිසා කිසිම අවශ්‍යතාවයක් නෑ වරද පිළිගන්න.”

Similar Posts