cricket

දනුෂ්ක ගුණතිලකට ඇප නියමවීම සම්බන්ධයෙන් සතුටු වන බවත් රේස් කාරයෝ බුකී කාරයෝ වෙනත් ඩීල්කාරයන් ගෙන් තොර ක්‍රිකට් ආයතනයක් බිහිකිරීමට වත්මන් ඇමතිවරයාට වගකීමක් ඇති බවත් අද විපක්ෂ නායක කාර්යාලයේ  පැවති මාධ්‍ය හමුවට සහබාගී වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසිය.

ඒ පිලිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ හේෂා විතානගේ මහතා,

මේ මොහොත ශ්‍රී ලංකාවේ ක්‍රීඩාලෝලීන්ට සතුටු වෙන්න පුළුවන් දවසක් හේතුව අපේ ක්‍රිකට් කණ්ඩායමට විශාල සේවයක් කරන ධනුෂ්ක ගුණතිලක මහතාට සිඩ්නි අධිකරණය ඇප ලබා දී තියෙනවා.ශ්‍රී ලාංකිකයෙක්, දේශපාලනඥයෙක් සහ ක්‍රිකට් ලෝලියෙක් විදියට සුභාසිංෂනය එකතු කරන ගමන් සතුටු වෙනවා. ඒ වගේම මේ වෙලාවේ අවස්ථාවක් කර ගන්නවා අපේ ක්‍රිකට් පාලක මණ්ඩලයට තමන්ගේ වගකීම් පැහැර හැරීම කළමනාකාරිත්වය නිසි පරිදි ඉටු නොවීම තුළ තමන්ගේ ඉටුවිය යුතු සේවාව නිවැරදි ආකාරයට ලබා නොදීම තුළ ක්‍රීඩකයෝ වගේම රටක් අනාථ වෙන බව කියන්න.

අපි හිතනවා රේස් කාරයෝ බුකි කාරයෝ වෙනත් ඩීල්කාරයෝ ගෙන් තොර ක්‍රිකට් ආයතනයක් අපේ රටේ නිර්මාණය කිරීමට වත්මන් අමාත්‍යවරයාට හැකියාවක් තියෙන්න ඕන ඒ වගේම සතුටු වෙනවා අර්ජුන රණතුංග මහත්මයා මේකට ඉදිරිපත් වෙලා ඉන්න එක ගැන එතුමාගෙන් ඉල්ලීමක් කරනවා ක්‍රිකට් වලට ආදරේ කරන කෙනෙක් විදිහට නැවත නිවැරදි නිසා වට හරවන්න මේ කල්ලි වලින් ගලවා ගැනීමට අවශ්‍ය ක්‍රිකට් ගැන හිතන්න බලාපොරොත්තුවක් තියාගන්න දක්ෂයෝ ටික කළමනාකරණය කරගෙන ක්‍රිකට් වෙන අතුරු කමිටුවක් හරි පත් කරලා නැවත ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නිවැරදි දිසාවට හරවන්න කටයුතු කරන්න කියන එක.

ඊයේ දිනයේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළා එයට පාදක වන්නේ හර්ෂ ද සිල්වා ගරු මන්ත්‍රීවරයා තමන්ගෙ අයවැය දෙවන වර කියවීමේ විවාදයේ අදහස් දක්වන වෙලාවේ කියනවා මේ වෙලාවේ රටේ තියෙන ප්‍රශ්නයට විසඳුම සෙල්ලං කිරීම නෙමෙයි ජනතාවට බලය දෙන්න අවශ්‍ය තීන්දු තීරණ ගන්න කියලා .ඒකට උත්තර දෙන්න ගරු අග්‍රාමාත්‍ය වරයා ඊයේ පාර්ලිමේන්තුවේ නැගිටලා කියනවා හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා කියන විදියට ව්‍යවස්ථාපිතව එහෙම මැතිවරණයක් තියන්න පුළුවන් කමක් නැහැ කියලා හර්ෂ ද සිල්වා මැතිතුමා මේක නොදැනුවත්ව කතා කරේ කියලා මම මේ රටේ දීර්ඝ කාලයක් පාර්ලිමේන්තුවේ හිටපු කෙනෙක් අද වත්මන් අග්‍රාමාත්‍යවරයා බවට පත්වෙලා ඉන්න දිනේෂ් ගුණවර්ධන මහත්මයාට කියනවා ඔබතුමාගේ පාර්ලිමේන්තු කාලය ගැන හිතලා මේ රටේ මිනිස්සුන්ට ගෞරවය කෙලෙස ගන්න එපා මම ඉල්ලීමක් කරනවා ඔබතුමා ගිහිල්ලා මේ රටේ උත්තරීතර ව්‍යවස්ථාව බලන්න ව්‍යවස්ථාවේ මැතිවරණයකට යන්න ප්‍රතිපාදන තිබේ ද නැද්ද කියන එක කියාගන්න බැරි අගමැතිවරයෙක් මේ රටේ ජනතාවගේ අනිත් ප්‍රශ්න ගැන කොහොම බලයිද කියලා මම දන්නේ නැහැ ඒ නිසා කරුණාකරලා ගරු මැතිතුමනි ව්‍යවස්ථාව හරියට කියවලා පාර්ලිමේන්තු එන්න පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරයෙක් ගෙන් ඒ වරද වුණා නම් කමක් නෑ ඔබතුමා දන්නේ නැත්නම් පාරලිමේන්තුව ජේෂ්ඨ මන්ත්‍රීවරයෙක් ඇමතිවරයෙක් වත්මන් අගමැතිවරයා මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට ඉන්න 225 දැනගන්නවා නම් විවස්තාවේ මැතිවරණයක් පැවැත්වීම සඳහා තියෙන ප්‍රතිපාදන ටික අවබෝධය නැත්නම් මේක විශාල වැරැද්දක් කණගාටුවට කාරණයක් එමනිසා මේ වගේ තමන්ට හිතෙන හිතෙන ප්‍රකාශ කරලා හිතෙන හිතෙන ගැසට් ගැහිලා හිතෙන හිතෙන තීන්දු අරගෙන වංචාවෙන් රට පාලනය කරන ගිහින් තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මා හිතාගන්නවත් බැරිවිදිහට මේ රට දාල ගියේ දැන් ඒකම ආපහු පටන් අරගෙන තියෙනවා මාසයක් විතර මේ අය හැංගිලා හිටිය තැන්වලින් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇදලා ගත්තට පස්සේ තමයි ආයෙත් පරණ ගේම් එක පටන් අරගෙන තියෙන්නේ රටේ ජනතාව අන්දලා බොරු කියලා ජනතාවගේ ඔලුව විකෘති කරලා තමන්ගේ ගමන යන්න හැබැයි මම හිතන්නේ මේ සැරේ ලෑස්ති වෙන්න ලේසි වෙන්නේ නැහැ එය නිසා මැතිවරණයක් තියන්න කොමිසමේ සභාපතිවරයා මේ වෙනකොට කැමැත්ත පළ කරල අවශ්‍ය පියවර ගනිමින් ඉන්නවා.මැතිවරණයක් ජනතාව ඉල්ලන්නේ ඇයි මේ වෙලාවේ පාර්ලිමේන්තුව තුළ වත් ප්‍රාදේශීය සභා තුළවත් ජනමතයක් මේ ආණ්ඩුවට නැහැ

ප්‍රාදේශීය සභා මැතිවරණ කාලයේ අවසාන පාර්ලිමේන්තුව ජනමතයත් නැහැ තමන්ගේ හිටපු කණ්ඩායමක් විපක්ෂය ඇවිල්ලා වාඩි වෙලා ඔවුන් විවේචනය කරනවා එහෙම නම් රටේ ජනතාවට අවස්ථාවක් දෙන්න ඕන මේ අගාධයෙන් රට ගොඩ ගන්න අවශ්‍ය තමන්ගේ නිවැරදි තීන්දු ගන්න ඒක සමගි ජන බලවේගය ද පොදු ජන පෙරමුණ ද වෙනත් මොකක්ද කියන එක වෙනම කාරණයක් හැබැයි ජනතාවගේ අයිතිය ලබා දෙන්න එහෙම නැතුව අපිට පේන්නේ වැරදිලා හරි ඊයෙ ප්‍රකාශය තුළින් ගම්‍ය වන්නේ මැතිවරණයක් මේ ගේම් එක තවත් ඉස්සරහට අරගෙන යන්න ඕනේ වෙන්නේ මේ වෙනවිට මැතිවරණ කොමිසමේ සභාපති අයින් කර දාලා වෙනත් කෙනෙක් ගේන්න සුදානම් වෙනවා මොකද ඒ සභාපතිවරයා මැතිවරණයකට සූදානම් වෙනව දැන් තමන්ට හොඳ හෙංචයියෙක් දාගෙන තව ටික කාලයක් අඳින්න තමයි සූදානමක් දිනේෂ් ගුණවර්ධන අගමැතිතුමනි ගරු ජනාධිපතිතුමනි මේ සෙල්ලමත් එක්ක ලෑස්ති වෙන්න එපා මේ කරන අරගල වගේ නෙමෙයි රටේ ජනතාව බලෙන් මේ වෙනකොට තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අහිමි කර පාරට බහින්නේ මේ විදියට නෙමෙයි උත්තර හම්බවෙන මේ විදියට නෙමෙයි කියන කාරණය කියනවා ඒ වගේම සමගි ජන බලවේගය විදිහට අපිත් මේක කන්නේ නැහැ අනිවාර්යෙන්ම ජනතාවගේ අභිලාශයන් වෙනුවෙන් ජනතා ජයග්‍රහණයක් වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු කිරීම වෙනුවෙන් පෙරමුණ අරගෙන කටයුතු කරනවා ඒ නිසා දිනේෂ් ගුණවර්ධන මහත්තයා හරි ඇමතිවරයෙක් හරි කවුරුහරි හිතාගෙන ඉන්නවනම් අපි ප්‍රාදේශීය සභාව කල් දානවා කියලා ඒවා ලෙහෙසි වෙන්නේ නැහැ කියන එක මතක් කර දෙනවා.

අය-වැය සම්බන්ධයෙන් ඊයේ රූපවාහිනි අදහස් දැක්වීම කියනවා මෙය නන්නත්තාර වෙලා තිබිච්ච රට හුස්ම ගන්න බැරි වෙලා හිටපු රට විනාස වෙච්ච රට ගොඩගන්න ගෙනාපු නියම අයවැයක් කියලා මම අහනව එම මන්ත්‍රීතුමන්ලා ගෙන් ලැජ්ජාවක් නැද්ද රෙද්දක් ඇඳගෙන මා දෙස රහට ඇවිත් කතා කරන්න පුලුවන්ද මේ රටේ මිනිස්සුන්ට එදා වේල කාලා ඇඳලා ඉන්න නෙමෙයි මැදි ආදායම් ලබන රටක් විදියට ඉස්සරහට ගෙනිච්චා 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වෙලා මේ රටේ ඇති කරපු විනාශය ප්‍රතිඵලය තමයි අද මේ රටේ මිනිස්සුන්ට කන්න නැතිව තියෙන්නේ ඒ නිසා රාජපක්ෂ මහත්තයා මේ රට බාර ගන්න කොට ලංකාවේ සම්පූර්ණ ණය රුපියල් බිලියන 2222 අද ණය බිලියන විසිපන්දාහ බිලියන 230000කින් ණය වැඩි වෙන තැනට මේ රටේ අනවශ්‍ය වියාපෘති කරලා ඒවායේ භාගයක් හොරකම් කරගෙන මේ රට විනාශ කරපු රාජපක්ෂගේ ගෝලයෙක් විදියට ජයන්ත කුමාර හරි කවුරුහරි කෙනෙක් තාමත් මේ රටේ මිනිස්සු අන්දන්න හිතාගෙන ඉන්නවනම් ඒ නපුංසක ජාතිය ඒ නපුංසක රාජපක්ෂ වාදීන් ටික අද වෙනස් වෙලා තියෙනවා කියන එක මතක් කරලා දෙනවා ඒ නිසා කරුණාකරලා මේ අයවැය ගෙනල්ලා රටේ ජනතාව පීඩාවට පත්වෙලා ඉන්න වෙලාවේ ඒ ජනතාවගේ මනසට ඔබේ ගෞරවය අනුකම්පාව ගන්න උවමනාවක් නැහැ ඔබල තමයි මේ රට විනාශ කළේ ඔබ තමයි මේ රටේ ජනතාවට රට දාලා යන්න තත්ත්වයට මේ රට පත්කළේ ඔබ හොරකම් කරපු ඒ හැම සතයක් ම මේ රටේ අහිංසක මිනිස්සු අද බඩගින්නෙ දුක් විඳින මොහොතක් මොහොතක් ගානේ සාප වෙනවා ඒ සාපේ තමයි අද රාජපක්ෂලාට විඳින්න වෙලා තියෙන්නේ දැන් අළු මතින් නැගිටින්න හැදුවා ඒක නැවතුනා අළු මතින් නෙමෙයි අපි දන්නවා රාජපක්ෂ මේ රටට කරපු විනාශය ශාපයක් වෙලා ඔය සියලු දෙනා තමන් හොරෙන් මංකොල්ලකාලා රැස්කරගත් සියලු දේ අළු වෙලා යනවා ඒත් අපි මේ රටේ ජනතාව ඉඩ ලැබෙනවා කෙන් ගැලවෙන්න බැහැ ගැලවෙන්න නම් මේක නිවැරදි තැනකට යන්න ඕන හැබැයි මේ වෙලාවේ හොරකම් කරනවා මංකොල්ල කනවා රටේ ජනතාව අන්දනවා රනිල් වික්‍රමසිංහ මහත්තයත් මේ පාපකර්මයේ මහා කොටස්කාරයෙක් වෙලා නායකත්වය දීම පාපතරයන් එක්ක හිටගෙන මේ රටේ ජනතාවගේ කොටුව තවදුරටත් මිරිකීමෙන් පාපකර්මය කවදාවත් ජල වෙන්න බැහැ කියන එක මතක් කරනවා.

දැන් ඒක සුන්දර අයවැයක් කිව්වනේ මේක ආයේ රට නැගිටින අය වැයක් කිව්වා හැබැයි අයවැයේ නැති දේවල් හෙට අනිද්ද දකින්න පුළුවන් දැන් අපිට පේනවා පාස්පෝට් එක 20,000 දක්වා වැඩි කරලා රියදුරු බලපත්‍රය ලබාගැනීම වැඩිකරලා හැමදේකින්ම ගේම් එකක් ගහලා තමන්ගේ මනදොළ පිනවා ගන්න කාටවත් නැහැ කියන්න බැහැ රාජ්‍ය ඇමතිවරු තිස් අටක් පත් කරගෙන මුන් තිස් අට දෙනා පෝෂණය කරන්න කෝටි ගානක් වියදම් කරන්න පුළුවන් රනිල් වික්‍රමසිංහට ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන් දිනේෂ් ගුණවර්ධන ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන් රාජපක්ෂලාට හීන මවාගෙන ඉන්න සහ ජනාධිපති හීනයේ ඉන්න නාමල් රාජපක්ෂ ට මේ රටේ අහිංසක මනුස්සයා වෙනුවෙන් සාධාරණයක් කරන්න කට අරින්න බැරිද ඒ තිස් අට දෙනා තියන් ඉන්නේ තමන් ගේ දේශපාලන ඉත්තෝ විදියට ඒ අයගෙන් මම අහනව එක රාජ්‍ය ඇමතිවරයෙක් කියන්න මම මේ වැඩේ කරනවා කියලා මට ප්‍රතිපාදන හම්බ වෙලා තියෙනවා අමාත්‍යංශයේ වැඩ කරන්න කිසිම ඇමති කෙනෙක් ට ප්‍රතිපාදන ලැබිල නැහැ රාජ්‍ය ඇමතිවරුන්ට තියෙන්නේ වාහන ටික ගන්නවා තෙල් ටික ගන්නවා නිලධාරි ටික අරගෙන තමාගේ ළඟම ඉන්න කණ්ඩායමක් දාලා පඩි ටික ගන්නවා ඒ වෙනුවෙන් රාජපක්ෂ මහත්තයට රනිල් වික්‍රමසිංහ මහතාට කඩේ යනවා ඒ කඩේ යෑම වෙනුවෙන් ආණ්ඩුව පවත්වාගෙන යෑමේ හයිය හදා දීම වෙනුවෙන් තමයි මේ රාජ්‍ය ඇමතිකම ලැබිලා තියෙන්නෙ එහෙම නැතුව රට හදන්න අමාත්‍යාංශය වලින් හොඳ නිර්මාණශීලී යෝජනා ගෙනල්ලා ඒවා ක්‍රියාත්මක කරන්න ඒ හරහා රට සංවර්ධනය කරා ගෙනියන්න මේ වැටිල තියෙන රට ගොඩගන්න පණ දෙන්න යෝජනාවක් කරන්න පුළුවන් අමාත්‍යාංශ කීයක් තියෙනවද කීදෙනේක් වැඩ කරනවද ඊයේ පෙරේදා අභියෝගයක් අරන් සනත් නිශාන්ත මහත්තයා මං වෙනුවෙන් ලක්ෂ 40කට වැඩිය වියදමක් යනවා නම් අයින් වෙනවා කිවුවා මම දැන් ඒ අභියෝගයට උත්තර දුන්නා සනත් නිශාන්ත මහත්තයා වෙනුවෙන් ලක්ෂ 40ක් නෙමෙයි ලක්ෂ සීයකට වැඩි යනවා ඇයි අමාත්‍යංශය කාර්යාලයේ සේවක මණ්ඩලය වාහන ටික එතුමට දීලා තියෙන සේවය දුරකථන පහ මේ ඔක්කොම එකතු කරලා බැලුවම බිලියන 10 ක විතර මහා වියදමක් යනවා සසනත් නිශාන්ත මහත්තයලා කරන වැඩ මොනවද කියල මේ රටේ මිනිස්සු දන්නවා ඒ නිසා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ දේශපාලන ක්‍රමය රනිල් වික්‍රමසිංහ මහත්තයා අනුගමනය කරමින් නාමල් රාජපක්ෂ ට පාර හදන්න තවත් මෙලෝ වැඩක් නැති රටට කිසිම වැඩක් නැති රාජ්‍ය ඇමතිවරු තිස් අටක් දාලා මේ රටේ මිනිස්සුන්ට කියනවා උබලා පාස්පෝට් එකට වැඩියෙන් ගෙවා පල්ලා සෙස් බදු ගෙවන්න ලෑස්ති වෙයල්ලා ලක්ෂයට බදු ගෙවන්න ලෑස්ති වෙයල්ලා භාණ්ඩ වලට වැඩි කරන එක දරාගන්න ලෑස්ති වෙයල්ලා හැම වැඩිකිරීමක් මං මේ ඇමතිවරු ටික නඩත්තු කරන්න දැන් ඒ හයිය මදි වෙලා ආයි සූදානම් කැබිනට් ඇමතිවරු ටිකක් එකතු කරගන්න ඒ නිසා මේ රටේ ප්‍රශ්නයට ්‍යන්තර මූල්‍ය අරමුදල නෙමෙයි කිසිම ආයතනයක් උදව් කරන්නේ නෑ බලය ලබාගන්න බලය රඳවා ගන්න මේ රටේ ජනතා මුදල් වියදම් කිරීම් දන්නවා මොකද ජාත්‍යන්තර යට මේක පේනවා ඒ නිසා අපි කියනවා කරුණාකරලා මේ රටේ මිනිස්සු අද උහුලන්න බැරි වේදනාවක් ඉන්නේ ආර්ථික පීඩනයකින් නේ අනේ ඒ මිනිසුන්ට අබමල් රේණුවක හරි අනුකම්පාවක් හරි හපුවල හැදෙනවා නම් කරුණාකරලා මැතිවරණය කියලා ඒ මිනිස්සුන්ට ගැලපෙන විශ්වාසයක් තියෙන පාලනයක් හදාගන්න දෙන්න එහෙම නැතිව ඩයනා ගමගේගේ තියෙන කංසා වවන එක යථාර්ථයක් කරන්නයි තව ඇමතිවරයෙක්ගේ හිතේ තියෙන අරමුණක් යථාර්ථයක් කරන්නයි මේ වෙලාවේ රටේ සල්ලි නැති නිසා හොරකම් කරන්න විදියක් නැති එකට වෙනත් අළුත් ක්‍රමවලින් හොරකම් කරන්න හදනවා.

මම හෙට අභියෝග කරනවා පාර්ලිමේන්තුවේ එළිදරව් කරනවා මහවැලි අධිකාරිය බාර ඇමතිවරයා මේ වෙනකොට තමන්ගේ හිතවතුන් වෙනුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයට අයිති මහවැලි කලාපය ඇතුළු ලග්ගල විල්ගමුව තොරතුරු පාර්ලිමේන්තු වට ඉදිරිපත් කරනවා හෙන්චයියන්ට අක්කර 10 ,15 ,50 ඉඩම් ලබා දෙනවා මහා මංකොල්ලයක් ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරා කරුණාකරලා මේක නවත්තන්න වෙනදා සල්ලි වලින් හොරකම් කරේ දැන් අමුතු විදියේ හොරකම් කරනවා මේ විදිහට රටේ ඉතුරු වෙලා තියෙන සම්පත් එකක් ර කරනකන් ඉන්නෙ නැතුව ජනතාවට කියන්නේ මා මේක බේරගන්න බැහැ මම ජාත්‍යන්තරයටත් කියනවා ඉන්න එක අපිට බේරගන්න බැරි සීමාවට ගිහින් තියෙන්නෙ මේ කට්ටිය හොරකම් කරන්න ක්‍රම හොයා ගැන අලුත් විදිහට හොරකම් කරලා මේ රටේ මිනිස්සුන්ට කිසිම දෙයක් නැති තැනට තල්ලු කරන්න යනවා ඒ නිසා මේ වෙනුවෙන් මැදිහත් වෙලා ජාත්‍යන්තරය තුළින් බලපෑමක් කළ යුතුමයි මොකද ජාතික වශයෙන් කරන බලපෑම ගනං ගන්නැති මහා මර්දනයක් තියෙනවා ඒ මර්ධනය හමුවේ ජාත්‍යන්තර වශයෙන් රටේ එකතු වෙන්න බැරි තැනක් හදලා මොවුන් තමන්ගේ මං කොල්ලෙක් කරගෙන යනවා මං හිතනවා ජාත්‍යන්තරයෙන් හරි රනිල් වික්‍රමසිංහ රට රාජපක්ෂලාට දඬුවම් කරලා මැදිහත් වෙලා රටේ අහිංසක මිනිසුන්ගේ අයිතිය රක්ෂා කරගන්න කටයුතු කළ යුතුයි.

මේ අයවැය විවාදයට මාසයක් ගත කරන එක අපරාදයක් මේකේ ඇති දෙයක් නැහැ ඒ තුළ කතා කරන්න තියෙන්නේ රාජපක්ෂලා විනාශ කරපු රට නැවත ගොඩ ගන්න රාජපක්ෂ රට බලය දෙනවා කියන එක මේ රටේ ඒ කතාව අහන්න පිස්සො ඉන්නවා මෝඩයෝ ටිකක් තමයි අත උස්සන්න රාජපක්ෂලා 2005 අරගෙන හොඳට තිබිච්ච රට විනාශ කරලා ණය බිලියන විසි පන්දාහකට වැඩි කරපු රාජපක්ෂ මහත්තුරු ටිකත් රනිල් වික්‍රමසිංහ විතරක් එකතුවෙලා රට ගොඩගන්නවා එහෙම කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් මේකට ආපහු ගිහිල්ලා සෝවාන් වෙලා ඇවිල්ල සකෘදාගාමී වෙලා ඇවිල්ලා මහා වෙනසක් කරයි කියල හිතනවා නම් ඒ මෝඩ විල්ලක් ඒකට මේ රටේ කවුරුවත් නැහැ පිටිපස්සෙන් යන හෙංචයියෝ හැර සීනි වංචා කරලා ජනතාවගෙන් මුදල් සාක්කුවට දාගත්ත කට්ටිය දැන් හොරකං කරන්නෙ නැති තැන දේපල හොරකම් කරන්න පටන් අරගෙන මේ රටේ මිනිස්සුන්ගෙ අයිතිය තහවුරු කරගන්න හඬක් නැගිය යුතු වෙලාවක්.

කියන්න ලැජ්ජයි කාන්තාවක් ඉස්සරහ රනිල් වික්‍රමසිංහ මහත්තයා වගේ කෙනෙක් දනගහපු එක ගැන විලිලැජ්ජයි මොකද ගංජා හදන හැටි මම දන්නවා මොකද මම ඇඹිලිපිටියේ ඉන්නේ ඊට එහා පැත්ත තමයි ගංජා වලට ප්‍රසිද්ධ ඒ නිසා මේ කට්ටිය මේ ගහන ගේම් එක කවුරු හරි හතර පස් දෙනෙක් යොදාලා වංචනිකව ගංජා හදන්නේ මේවා export කරලා ගොඩ ගියපු රටක් තියෙනවා දමම අහනවා ඇත්තටම ඩයනාගෙන් අහල වැඩක් නැහැ ගංජා ගහලා වගේ ඉන්නේ මම අහනව මේ යෝජනාව කියපු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගෙන් ලෝකෙ මොන රටද කංසා එක්ස්පෝට් කරලා ගොඩ ගිහින් තියෙන්නේ එහෙම කිසිම රටක් නැහැ

ඒ නිසා අපේ රටේ තියෙන උගත් භාවය අපේ රටේ ප්ලෑන් එකක් නැති කළමණාකාරීත්වයක් නැතිකම හොඳට පෙනුනා එදා ඒ ගැන අපි යෝජනාවෙන් හරි ඒ වගේම දුකයි මේ මගේ රට නේද කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයට ගංජා වවන්න දීලා අපි පාඩුවේ ඉන්න ඒ වගේම කියනවා මේ රටේ මහා සංඝරත්නයට ඉත්තෑකන්දෙ සද්ධාතිස්ස මහාචාර්ය හාමුදුරුවෝ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය යින් ස්වාමීන්වහන්සේලා මහා සේවයක් කරා ආණ්ඩුව අරගෙන එන්න පොදුජන පෙරමුණ මේ ආණ්ඩුව ගේන්න මහා කර්තව්‍යයක් කරපු ඔබ වහන්සේලාට දැන් සතුටුද කියල මම අහනවා මොකද ගෙන අප ආණ්ඩුව දැන් ගංජ පමණ අරගෙන තියෙනවා export කරන එක කෙසේ වෙතත් මේ රටේ කොල්ලෝ කෙල්ලෝ එක පාසල් දරුවන්ට මේක පාවිච්චි කරන තැනට ව්‍යාප්ත වෙයි තැනට ගෙනල්ල රටට මේ රටේ වචනයක් කිව්වේ ඕමල්පේ සෝභිත හාමුදුරුවෝ විතරයි සතුටු වෙනවා ඒ ගැන විරුද්ධ ප්‍රකාශයක් කළේ එදා මහ ලොකු බණ කියපු ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ඉත්තෑකන්දෙ සද්ධාතිස්ස නායක හාමුදුරුවෝ එහෙම මේ දවස් වල කඩ හොයාගෙන ගිහිල්ලා හරක් මස් කඩ බලලා දඟලපු ඒ හාමුදුරුවෝ දැන් සිවුරු ඇරලා ද නැත්නම් බණ කියන්නේ නැද්ද කියලා මම අහන්න කැමතියි.

 

Similar Posts