මෛත්‍රීට මලිත් බෑ කියයි

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සදහා ඒක්සත් ජනතා සංධානයේ ජාතික ලයිස්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතාට පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අසවන ලෙස කළ ඉල්ලීම ඔහු විසින් ප්‍රථික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

ඉන් පසුව ජාතික ලයිස්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාගෙන්ද එම ඉල්ලීම කර ඇති නමුත් ඒ සදහා මේ වනතෙක් යහපත් ප්‍රථිචාරයක් ලැබී නැති බවත් පැවසේ. මේ අතර, මෛත්‍රීපාල සිරිසේන මහතා කෙසේ හෝ පාර්ලිමේන්තුව පැමිණියත් ඔහුට අපේක්ෂාකරන ආකාරයට ඇමති ධුරයක් හෝ කාතානයක පදවිය හෝ ලබා දීමට වර්තමාන ජනාධිපතිවරයා අකමැත්ත ප්‍රකාශකර ඇති බවත් පැවසේ. දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ සිරිසේන මහතා කතානායකධුරය හෝ පරිසර, මහවැලි සංවර්ධන හෝ සෞඛ්‍ය අමාත්‍ය ධුරය ඉල්ලා සිටි බවයි.

 

Similar Posts