මියෙන්මාරයට අමෙරිකාවෙන් අනතුරු ඇගවීම්

මියෙන්මාරයේ හමුදාව එරට ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන්සාන් සුකී අත්අඩංගුවට ගෙන හමුදා පාලනයක් පිහිටු වීම නිසා එරටට එරෙහිව සම්බාධක පනවන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අනතුරු අඟවා තිබේ.

දශක ගණනාවක් එරටට පනවා තිබූ සම්බාධක ඉවත් කළේ කාලයක් එරට පැවැති ඒකාධිපති හමුදා පාලනය අවසන් කර ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඇති කළ මෑත භාගයේ දීය.

පසුගිය දා එරට පැවැති මැතිවරණයෙන සුකීගේ පක්ෂය තනිවම පාලනයක් පැවැත්වීමට තරම් ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමත් සමඟ හමුදාව මේ ක්‍රියාමාර්ගය ගත්තේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය, එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමය ද මෙම කුමන්ත්‍රණය හෙළා දැක්කේය.

රටේ විරෝධතා සහ උණුසුම් තත්ත්වයක් ඇති වෙතැයි බිය පළ කර ඇත. මේ අතර එරට ආර්ථිකයේ විදේශ ආයෝජන අවදානමට ලක් වී ඇතැයි ද වාර්තා සඳහන් කරයි.

බැංකු සහ කඩ සාප්පු අසල දිග පෝලිම් ද දක්නට ලැබෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

Related posts