දශකයේ ක්‍රිකට් ක්‍රීඩකයා විරාත් කෝලි

Virat-Kohli

ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය මගින් දශකයේ විශිෂ්ඨතම ක්‍රිඩකයන්  ප්‍රකාශයට පත් කරනු ලැබූ අතර ඒ අනුව ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලි සම්මාන දෙකක් හිමිකර ගත්තා.

ගෙවී යන දශකයේ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් සම්මානය හිමිකර ගත් කෝලි දශකයේ අයි.සී.සී. එක්දින ක්‍රීඩකයා ලෙස ද පිදුම් ලැබුවා.

විරාට් කෝලි ටෙස්ට් තරග 86 කදී ලකුණු 7240ක් ලබා ගෙන ඇත්තේ ශතක 27 ක් ද සමගින්.

එක්දින තරග 208 කදී කෝලි ශතක 39 ක් සමඟ ලකුණු 10,388 ක් රැස්කරගෙන තිබෙනවා.

විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 80 කදී කෝලි ලකුණු 2768 ක් හිමිකරගෙන ඇත්තේ අර්ධ ශතක 24 ක් ද සමගින්.

දශකයේ හොඳම පිරිමි ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා පිරිනැමෙන සම්මානය විරාට් කෝලි, හිමිකර ගත්තේ ඒ සඳහා නම් කෙරුණු ස්ටීවන් ස්මිත්, ඒ.බී.ඩිවිලියස්, කේන් විලියම්සන්, ජෝ රූට්, රවිචන්ද්‍රන් අශ්වින් සහ කුමාර් සංගක්කාර අභිබවමින්.

දශකයේ විශිෂ්ඨතම එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා කුමාර් සංගක්කාර සහ ලසිත් මාලිංග ද නම් කර තිබූ නමුත් එම තිළිණය ද ජයග්‍රහණය කළේ විරාට් කෝලි විසින්.

Related posts