වතු නිවාස ගිනි ගන්නේ ඇයි?

නුවරඑළිය දිස්ත්‍රික්කය තුල සිදුවන විවි‍ධ කැලැ ගිනි තැබිම් හේතුවෙන් සැම වර්ෂයකම විශාල කැලැ ප්‍රමාණයක් විනාශ වෙන බවත් මෙම වර්ෂයේද මේ වන විට කැලැ ගිනි ගැනිම් හයක් වාර්තාවි ඇති බවත් නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකෝන් මහතා පවසයි.

අඹගමුව ප්‍රාදේශීය සංවර්ෂන කමිටු රැස්විම අමතමින් මේ බව පැවසු රංජිත් අලහාකෝන් මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.

පසුගිය වර්ෂයේදි සිදුවු කැලැ ගිනි නිවිම සදහා හෙලිකොප්ටර් යනාද යොදවා ගැනිමට සිදුවුනා මෙම කැලැ ගිනි ගැනිම් සිදුවන විට එම ගිනි නිවිම සදහා යුධ හමුදාවද අපිට උපරිම සහයක් දක්වනවා එත් රාත්‍රි කාලයේ සිදුවන කැලැ ගිනි නිවා දැමිමට හෙලිකොප්ටර් යනා යොදවා ගැනිමද අපහසු කාර්යක්.

එමෙන්ම මෙම වතු නිවාස ගිනි ගැනිම්ද විශාල ප්‍රශ්නයක් මෙම වතතු නිවාස ගිනි ගන්නා අවස්ථාවලදි වීශේෂයෙන් පාසල් දරුවන්ගේ පොත් පත් ආදිය විනාශ විමත් සමග එම දරුවන් දැඩි ප්‍රිඩවකට පත් වෙනවා එම තත්වයන් මත මෙම කැලැ ගිනි ගැනිම් මෙන්ම වතු නිවාස ගිනි ගැනිම්ද නතර කර ගැනිමට උපරිම පියවර ගත යුතු.

මේ වතු නිවාස ගිනි ගැනිම් පිලිබදව සොයා බැලිමේදි අපිට පෙනි ගිය එක් කරුනක් තමයි එම වතු නිවාසවල කර තිබෙන පැරනි විදුලි වයිරින් වල පවතින දුර්වලතාවයන් එම නිසා එම විදුලි වයිරින් පිලිබදව දැඩි අවදානයක් යොමු කල යුතුයි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts