වන අලියෙකු ප්‍රහාරයක් – පුද්ගලයෙක් මරුට

බකමූණ පොලිස් වසමට අයත්  සිරිකදුයාය ප්‍රදේශයේදී ඊයේ(03) අලුයම  වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මියගොස්  ඇතැයි බකමූණ පොලීසිය කියයි.

මෙම සිද්ධියෙන් පොලොන්නරුව වනජීවී කලාපයේ 2021 වසරේ අලි මිනිස් ගැ‍ටුම් හේතුවෙන් මියගිය පළමු මිනිස් මරණය ලෙස මෙය වාර්තා වෙ

මෙසේ වන අලිප්‍රහරයෙන්   මිය ගොස් ඇත්තේ බකමූණ, සිරිකඳුයාය, කෝට්ටපිටිය ,අංක 503/110 ලිපිනයේ   පදිංචිව සිටි ඩී.ජී.ඉන්දික රොෂාන් නැමැති 36 හැවිරිදි විවාහක පුද්ගලයකි.

මියගිය පුද්ගලයා  තම කුඹුරේ වගගාකර ඇති  වී වගාව රාත්‍රී කාලයේ වන අලින්ගෙන් ආරක්‍ෂාකර ගැනීම සඳහා පැල් රැකීමට ගොස්  අලුයම ආපසු ඊයේ (03) අලුයම නිවෙස බලා එමින් සිටියදී සිරිකඳුයාය කනත්ත අසලදී අලියාගේ පහරකෑමට ලක්ව තිබේ.

සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ මොහු ප්‍රදශවාසින් එක්ව රෝහල්ගත කිරීමට කටයුතු කළ ද ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව  පොලීසිය කියයි.සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරික්ෂණ බකමූණ පොලිසිය විසින් සිදු කෙරේ.

ඊෂා  මුදියන්සේ – පොලොන්නරුව

Related posts