‘යක්කු’ පිස්සු නටයි

හැටන් කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේ පාලනය වන ගිනිගත්හේන ප්‍රදේශයේ ප්‍රධාන සිංහල පාසලක විදුහල්පතිවරයා , ගුරුවරුන් කිහිප දෙනෙකු ඇතුළු සියකට ආසන්න පිරිසක් (07) දින සිට ස්වයං නිරෝධානයට යොමු කල බව ගිනිගත්හේන පොලිසිය පැවසිය.

2006 අපොස සාපෙල සහ 2009 වසරේ එම පාසලේ අධ්‍යාපන ලැබු ආදි සිසුන් විසින් ගිනිගත්හේන අඹගමුව කුල්බොන් ප්‍රදේශයේ සංචාරක බංගලාවක සංවිධානය කර තිබු ඇදුරු ආවර්ජනා නැමති සාදයකට සහභාගි වු පිරිසකුයි මෙසේ ස්වයං නිරෝධානයට යොමු කර ඇත්තේ.

09.26 දින එම ආදි සිසුන් විසින් අධ්‍යාපන ලැබු ගුරුවරුන්ට ඇදුරු ආවර්ජනා නමින් උපහාර උළෙලක් පවත්වා ඇති අතර,එම උළෙල ‘යක්කු’ නැමති සංගිත කණ්ඩායමක් විසින් සංගිත ප්‍රසංගයක්ද පවත්වා ඇත.

එම සංගිත කණ්ඩායම 09.25 දින මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්ත ආයතනයේ විධායක නිලධාරින් පැවැත්වු සාදයක සංගිත ප්‍රසංගයක් පවත්වා ඊට පසු දින (26) දින ගිනිගත්හේන අඹගමුව ප්‍රදේශයට පැමිණ අදාල සංගිත ප්‍රසංගය පවත්වා ඇත.

එම සංගිත කණ්ඩායමේ කලමණාකාරවරයා ඇතුළු සංගිත ශිල්පින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් බවත්, එම ශිල්පින්වද මේ වන විට හදුනාගෙන එම ශිල්පින්ද ස්වයං නිරෝධානයකට යොමු කර පි.සි.ආර් පරික්ෂණයක් සදහා යොමු කිරිමට පියවර ගෙන ඇති බවයි ගිනිගත්හේන පොලිසිය කියා සිටියේ.

එම සාදයට සහභාගි වු එම පාසලේ වත්මන් විදුහල්පතිවරයා , එම ආදි සිසුන්ට අධ්‍යාපනය ලබා දුන් දිවයිනේ විවිධ ප්‍රදේශවල පාසල් වල දැනට ගුරු සේවයේ යෙදි සිටින සහ විශ්‍රාම ලැබු අචාර්යවරුන් කිහිප දෙනෙකු සහ එම සාදයට සහභාගි වු ආදි සිසුන්ද මෙසේ ස්වයං නිරෝධානයට යොමු කර ඇති බවත් , එම සාදයට සහභාගි වු අචාර්යවරුන් දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය කියා සිටියේ.

ස්වයං නිරෝධානයට යොමු කල පිරිසගේ පවුලේ සමාජිකයන්ද ස්වයං නිරෝධානයට යොමු කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

Related posts

Leave a Comment