රෝහල් කාර්ය මණ්ඩලයට දුන් එන්නත් දේශපාලන හිතවතුන්ට

corona-ennatha

මාළමේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ කාර්යමණ්ඩලය කොරෝනා එන්නත් කරනයේදී ගැටළු මතු වී තිබේ. රෝහල් කාර්ය මණ්ඩලයේ පවුල්වල සාමාජිකයන්ට එන්නත් ලබා දීම සදහා ඊයේ දිනයේ කැදවා තිබුවද එන්නත ලබා නුදුන් බව එම රෝහලේ සේවකයින් සඳහන් කළහ. සේවකයන්ගේ පවුල්වලට වෙන් කර තිබූ එම එන්නත් මාත‍්‍රා සියල්ල විවිධ දේශපාලන බලධාරීන්ගේ හිතවතුන්ට පරිපාලනය විසින් ලබාදිය ඇතැයි ඔවුන් චෝදනා කළහ. මේ සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් රෝහලේ සේවකයන් හා රාජකාරී වලින් ඉවත්ව සිටි අතර පසුව පරිපාලන ප්‍රධානියා මැදිහත් වී සමතයකට පත් කරන ලදී.

Read More

සුදු සමක් සඳහා ක්‍රීම් එකක් දෙන බව කියා කාන්තාවක් කෙළෙසයි

සුරූපී නිළියක මෙන් පැහැපත් සමක් සඳහා එන්නතක් ගන්නට ආ කාන්තාවකට ක්‍රීම් එකක් ලබාදෙන බව පවසා ඇයව දූෂණය කළැයි වෛද්‍යවරයකු අත්අඩංගුවට ගත් බව නාරාහේන්පිට පොලිසිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත දන්වා සිටියේය. පැමිණිලිකාරිය එන්නත්වල මිල ගණන් වැඩි බව සැකකරුට දන්වා ඇති අතර එහිදී ඔහු ‘‘ක්‍රීම් එකක් තියෙනවා දෙන්නම්’’ කියා පවසා වෛද්‍ය මධ්‍යස්ථානයේ උඩුමහලට පැමිණිලිකාරිය රැගෙන ගොස් එහිදී දූෂණයට ලක්කර තිබෙන බව පොලිසිය අධිකරණයට දැන්වීය. නාරාහේන්පිට, ඉසිපතන මාවත, ග්‍රීන්ලන්ඩ් ඇවනිවු, අංක 60 පිහිටි ‘‘සෙත්මන්සල’’ නමැති වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍ය කොළඹ 05, තිඹිරිගස්යාය පාර අංක 116/11 ලිපිනයේ පදිංචි කොරතොටගේ ලියනගේ වික්‍රමරත්න නමැති සැකකරු…

Read More

නවම් පුර පොහොය දිනය අදයි

poya

ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වූ, නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට(26) යෙදී තිබේ. සුදුස්සන්ට සුදුසු තැන ලබා දිය යුතු බව බුදු හිමියන් ක්‍රියාවෙන්ම පෙන්වා දුන් මාහැගි අවස්ථාවක් සනිටුහන් වූ පොහෝ දිනයක් ලෙස නවම් පුර පසළොස්වක පොහෝ දිනය හැඳින්විය හැකිය. බුදුරජාණන් වහන්සේ සැරියුත් හිමියන්ට සහ මුගලන් හිමියන්ට බුදු සසුනේ අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමුවේ ද අද වැනි දිනකදී බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් විය. සැරියුත් මහ රහතන් වහන්සේට ප්‍රඥාවන්තයින් අතර අග්‍රස්ථානයත්, මුගලන් මහ රහතන් වහන්සේට සෘද්ධිමතුන් අතර අග්‍රස්ථානයත් පිරිනැමුණේ ද අද වැනි පොහෝ දිනකයි.

Read More

කොරෝනා නසන සාර්ථක ඔසුවක් ලංකාවේ නිපවදවයි

epireoies

කොරෝනා වෛරසය සඳහා සාර්ථක ප‍්‍රතිචාර දක්වන ඖෂධයක් නිෂ්පාදනය කිරීමට දේශීය වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මහත්මිය සමත් වී තිබේ. එම ඖෂධය යුර්වේද සූත්‍ර කමිටු විසින් අනුමත කර ඇත. EPIREPIES නමින් නම් කර ඇති එම ඖෂධය රාජ්‍ය මාධ්‍ය සිසිර මහතා තම පිලිගැන්වීම එම අමාත්‍යංශයේදී සිදු කර තිබේ.

Read More