Day: April 26, 2021

  • පොලිස් ස්ථාන වැසෙයි

    බියගම මීගස්වත්ත පොලිස් ස්ථානය තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ. ප‍්‍රදේශයේ මහජන සෞඛ්ය පරීක්ෂක කාර්යාලය පවසන්නේ පොලිසියේ ස්ථානාධිපතිවරයාට සහ තවත් නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් එම පියවර ගත් බවයි. පොලිසියේ තවත් නිලධාරීන් 40ක් කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතව තිබේ. මොනරාගල ප්‍රදේශයේ කොවිඩ් ව්‍යාප්තියත් සමග ඇතිමලේ පොලිස් ස්ථානය තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන…

  • මිනුවන්ගොඩ බරපතලයි

    මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් 15ක කොරෝනා අවදානමක් මතු වී තිබෙන බව එම කලාප අධ්‍යක්ෂ වජිර රණරාජා මහතා සඳහන් කරයි. එම කලාපයේ පාසල් කිහිපයක සිසු සිසුවියන් දස දෙනෙකු කොරෝනා ආසාදිතයන් වී ඇතැයි ද මවුපියන් 14 දෙනකු, ගුරුවරුන් කිහිප දෙනෙකුද ආසාදිතයන් වී ඇතැයි ද ඔහු පැවසීය. දැනට එම කලාපයේ පාසල් සිසු සිසුවියන් 78 දෙනකු නිරෝධායනයට ලක්ව සිටින…

  • රාජ්‍ය සහ පෞද්ගලික උත්සව තහනම්

    ඉදිරි දෙසතිය ඇතුළත පැවැත්වීමට සංවිධාන කර තිබූ සියලු රාජ්‍ය උත්සව නතර කිරීමට රජය තීරණය කර තිබෙනවා. එසේම, ඉදිරි දෙසතිය තුළ පැවැත්වීමට සැලසුම් කර ඇති පෞද්ගලික අංශයේ සියලු උත්සව, රැස්වීම් හා සාද නිරෝධායන රෙගුලාසි යටතේ තහනම් කිරීමට ද රජය තීරණ කර තිබේ. කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කරනු පිණිස මේ පියවර ගෙන ඇත.

  • දඹුල්ල ආර්ථිකයෙන් කොරෝනා පොකුරක්

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීමට කටයුතු කර තිබේ. එම මධ්‍යස්ථානයේ සිදුකරන ලද පරීක්ෂණවලදී කොරෝනා ආසාදිතයන් 42 දෙනකු හඳුනා ගැනීමේ හේතුවෙන් මෙම පියවර ගෙන ඇත. ඒ අනුව අද දිනයේ සිට දින තුනක කාලයක් ආර්ථික මධ්‍යස්ථානය වසා දමන බව සෞඛ්‍ය බලධාරීන් නිවේදනය කරයි.