තවත් කොවිඩ් මරණ 19ක් – ග්‍රාම නිලධාරී වසම් 13ක් හුදෙකලා වෙයි

corona-lockdown

කොවිඩ් 19 වයිරසය ආසාදිත වී සිටි තවත් 19 දෙනකු‍ගේ මරණ වාර්තා විය. මේ වනවිට මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 764 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙම මරණ 19 න් 14 හේතුව වී ඇත්තේ කොවිඩ් නියුමෝනියාවයි. ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1,914 දෙනෙකු හඳුනා ගෙන ඇතිබව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. ඊයේ හඳුනා ගනු ලැබූ ආසාදිතයින් අතරින් වැඩිම පිරිස 591ක් දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. සීදුව ප්‍රදේශයෙන් ආසාදිතයින් 95ක්, වත්තල 50ක්, කැලණිය 33ක්, මිනුවන්ගොඩ 31ක්, කඩවත 30, ජා- ඇල 36, නිට්ටඹුව 25ක්, කාටුනායක 23,…

Read More

කොරෝනා රෝගීන් වෙනුවෙන් නව රෝහල් 6 ක්

දිනෙන් දින වැඩිවන කොරෝනා රෝගීන් වෙනුවෙන් නව රෝහල් 6 ක් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි කොවිඩ් හදිසි ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධති පෙර සූදානම් කිරීමේ ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි. ඔහු සඳහන් කළේ, එම රෝහල් ඉදිකිරීමට අවශ්‍ය පාරිසරික වාර්තා මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු ආයතනවලින් ඉල්ලා ඇති බවය. කොරෝනා රෝගීන් වෙනුවෙන් අලුතින් ඇඳන් 18,000 ක් සෑදීමට කටයුතු කරන බව ද වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර පැවසුවේ ය. මේ අතර දිවයිනේ රෝහල් 32 ක් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත් කිරීමේ වැඩපිළිවෙළ ඉදිරි දෙසතිය තුළ අවසන් කරන බව ඔහු ප්‍රකාශ කළේ ය.

Read More

ආසාදිතයන් නිවෙස්වල – ඉදිරියේදී රට වසා දැමීමට වුව සිදුවිය හැකියි

sudarsani

කොරෝනා ආසාදිත පුද්ගලයන් නිවෙස් තුළ රඳවා සිටින ප්‍රමාණය ඉහළ යමින් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. ආසාදිතයන් වැඩිවීම නිසා රෝහල් තුළ ධාරිතාව අවහිර වීම නිසා මෙම තත්ත්වය ඇති වී තිබෙන බවද එම සංගමයේ විධායක සභික ප්‍රසාද් කොළඹගේ මහතා පැවසීය. නිවෙස්වල කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් රඳවා ඇතැයි ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද සනාථ කර ඇතැයිද ඔහු කියා සිටියේය. ඇතිවී තිබෙන තත්ත්වය මත රෝහලට කොරෝනා ආසාදිතයන් ඇතුළු කිරීමේ දී නිශ්චිත ක්‍රමවේදයක් අනුගමනය කිරීමට සිදුවන බවද ඔහු පැවසීය. මේ අතර අවශ්‍යතාවක් ඇතිවුවවොත් ඉදිරියේදී රට වසා දැමීමට වුව සිදුවිය…

Read More

පිළියන්දල බරපතළ වන ලකුණු – ආසාදිතයින් තවත් ඉහළට

piliyandala

පිළියන්දල ප්‍රදේශයෙන් තවදුරටත් කොවිඩ් -19 රෝගීන් වාර්තාවීම ඉහළ යමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කොළඹ දිස්ත්‍රික් ශාඛාවේ සභාපති වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය පැවසුවාය. ඇය පෙන්වා දෙන්නේ ජනතාවගේ සංචරණය සීමා නොකළහොත් මෙම තත්ත්වය ඉදිරියේ දී තවදුරටත් බරපතළ විය හැකි බවය. “විශාල ප්‍රදේශයක් හුදකලා කළොත් පමණයි අපිට අවශ්‍ය පරිදි කලමණාකරණය කරගන්න පුළුවන් වෙන්නේ. පේන්න ඉන්න රෝගීන් ප්‍රමාණයට වඩා නොපෙනෙන රෝගීන් ප්‍රමාණය දෙතුන් ගුණයක් වැඩිවිය හැකියි.” යනුවෙන් ද ඇය පැවසුවාය. මේ අතර කැස්බෑව හා ඒ අවට ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්ට සහ අහඹු ලෙස ආයතන මට්ටමින් තෝරාගත් 500 දෙනෙකු සඳහා PCR පරීක්ෂණ අද සිදුකෙරුණි. PCR…

Read More