Day: June 6, 2021

  • ආපදා හේතුවෙන් මරණ 14ක්

    දිවයිනේ පළාත් කිහිපයක පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග ඇතිවූ ආපදා හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 14ක් දක්වා ඉහළ ගොස් තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන් වී ඇති අතර තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවය. ඊට අමතරව 245,212 දෙනෙකු නායයෑම් සහ ගංවතුර ආපදා තත්ත්වයන් හේතුවෙන් විවිධ පීඩාවන්ට ලක්ව ඇති බවද එම මධ්‍යස්ථානය සඳහන්…

  • මත්පැන් සාදයක් වටලයි

    බොරලැස්ගමුව පොලිස් වසමේ දෙහිවල පාර, දේවාල මුල්ල ප්‍රදේශයේ පිහිටි නිවසක නගර සභා සේවකයකු ඇතුළු හය දෙනෙකු විසින් නිරෝධායන රෙගුලාසි කඩකරමින්  පැවැත්වූ මත්පැන් සාදයක් වටලා එම පුද්ගලයන් හත් දෙනාම අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය පැවසීය. අත්අඩංගුවට පත්වූ  සැකකරුවන් හත්දෙනා මත්පැන් පානය කර සිටියේ දැයි තහවුරු කරගැනීම සඳහා කොළඹ ජාතික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ලබාගත් වාර්තාවක් අනුව…

  • කැලණි ගඟේ ජල මට්ටම වේගයෙන් ඉහළට – රතු නිවේදන

    කැලණි ගඟේ ජල මට්ටම තවත් ඉහලයමින් පවතින බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කර ඇත. ඒ හේතුවෙන් කැලණි ගඟ නිම්නයේ දැනට පවතින ගං වතුර තත්වය තව දුරටත් වර්ධනය විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස්.පී.සී සුගීෂ්වර මහතා පැවසීය. ඒ අනුව කැලණි ගංඟා ද්‍රෝණියේ රුවන්වැල්ල, දෙහිඕවිට, සීතාවක, දොම්පේ, කඩුවෙල, බියගම, හෝමාගම, කොලොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රාදේශීය…