Day: June 12, 2021

  • සංචරණ සීමා 21 තෙක් යළි දිර්ඝ කරයි

    දිවයින පුරා සංචාරණ සීමා ලබන 21 වැනිදා උදේ 4.00 දක්වා දීර්ඝ කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය. සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ගේ නිර්දේශ මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම තීරණය ගත් බවද ඔහු ප්‍රකාශ කළේය.

  • යුරෝපා සංගම් පාර්ලිමේන්තුව නව යෝජනාවක් සම්මත කරයි

    ශ්‍රී ලංකා රජය මානව හිමිකම් ප්‍රතිසංස්කරණ සම්මත කර ගැනීම සහ බලාත්මක කිරීම මෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීමට දිගින් දිගටම අපොහොසත් වී ඇති හෙයින් ජී.එස්.පී ප්ලස් සහනය තාවකාලිකව අත්හිටුවීම  සම්බන්ධයෙන් සලකා බලන්නැයි යුරෝපා කොමිසමෙන් ඉල්ලමින් යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ බහුතරයකින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නව යෝජනාවක්  සම්මත කර ගන ඇතැයි බ්‍රසල්ස් හී තානාපති ආරංචි මාර්ග සදහන් කර…

  • බොංගාල බොක්ක කැළබෙයි

    බස්නාහිර, සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (12) මිලිමීටර් 75 ට වැඩි වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යාකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වයඹ පළාතේද වැසි වාර කිහිපයක් ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට…

  • ඉන්ධන මිල ඉහලට

    ඉන්ධන මිල අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉහල දැමූ බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින් ද. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 23 කින් ද, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 7 කින් ද, සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 12 කින් ද, භූමිතෙල් ලීටරයක් රුපියල් 7 කින් ද, ඉහළ දමා තිබේ….