Day: April 16, 2022

  • බක් පුර පසළොස්වක පොහොය අදයි

    බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදුවූ බක්පුර පසළොස්වක පොහෝ දිනය අදයි. මිණි පළඟක් වෙනුවෙන් චූලෝදර සහ මහෝදර යන නාරජුන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් සමතයකට පත් කිරීම සඳහා උන්වහන්සේ නාගදීපයට වැඩම කාළේ, අදවන් බක්පුර පසළොස්වක පොහෝ දිනකයි. සිදුහත් කුමරු සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලාගේ රුව දැක තිබුණේ ද බක්පුර පසලොස්වක පොහෝ දිනකය.

  • ඉන්ධන සැපයීම සීමා කරයි

    සිපෙට්කෝ පිරවුම්හලින් ඉන්ධන නිකුත් කිරීම සීමා කර තිබේ. යතුරු පැදි සඳහා ඉන්ධන නිකුත් කළ හැක්කේ රුපියල් දහසක උපරිමවකට යටත්වයි. ත්‍රිරෝද රථ සඳහා රුපියල් 1500 ක්ද,කාර් , වෑන් , ජීප් ඇතුළු අනෙකුත් වාහන සඳහා රුපියල් පන්දහසක ද ඉන්ධන නිකුත් කෙරනු ඇති. මෙම සීමා කිරීම් බස්රථ සහ සෙසු වාණිජ කටයුතු සඳහා භාවිත වන ඩීසල් වාහන සඳහා අදාළ…

  • අද ගිගුරුම් සහිත වැසි

    පහළ වායුගෝලයේ පැවති කැළඹිලි ස්වභාවය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇතිවේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. නැගෙනහිර, ඌව, උතුරු-මැද සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 75ට වැඩි තරමක් තද වැසි…