yagaya

මාතෘභූමිය බේරාගැනීමට මහා ගම්මඩු ශාන්තිකර්මයක් හා සන්නි යකුමක්

අඛණ්ඩව 09 වැනි දිනටත් මේ වනවිටත් නොනැවතී ඉදිරියට යන ගාලුමුවදොර විරෝධතා භූමියේ දී ඊයේ (16) රාත්‍රියේ දී  ගම්මඩු ශාන්තිකර්මයක් හා සන්නි යකුමක් සිදු කර තිබෙනවා. රට මුහුණපා ඇති විපත්වලින් මාතෘභූමිය බේරාගෙන, දෙවියන්ගේ ආරක්ෂාව මව් බිමට ලබාදෙන ලෙස ඉල්ලමින් සහ දූෂිත පාලනය මෙරටින් අතුගා දමන ලෙස දෙවියන්ට භාර කරමිනුයි මෙම තොවිලය පැවැත්වී ඇත්තේ.

gll

ගෝටාගෝගම ගාල්ල ශාඛාවට පොලිසියෙන් බාධා

ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත්වන ලෙස බල කරගෙන ගාල්ලේදී පැවති විරෝධතාවයට අද උදෑසන පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ එහි තිබූ කූඩාරම් ගලවා ඉවත් කර තිබේ. ගාලු මුවදොර පිටියේ දී පැවැත්වෙන විරෝධතාවලට සහාය පළ කරමින් මෙම විරෝධතාවය ආරම්භ කර තිබුණි. ‘ගෝටාගෝගම ගාල්ල ශාඛාව’ ලෙස එම විරෝධතාවයන් නම් කිරීමට ද කටයුතු කර තිබිණි.