ඉන්ධන අර්බූදය හේතුවෙන් ලබන සතියේ රටම වැසීයාමේ (lockdown )අවදානමක් මතුව ඇතැයි වාර්තා වේ. රටේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට පවා නොහැකි මට්ටමට ඉන්ධන අරබුදය බලපා ඇති බැවින්,ඉන්ධන ආනයනය කරන තෙක්ම මෙම අවදානම් තත්වය පවතිනු ඇති බව ද දැනගන්නට ඇත. රෝහල්වල ගිලන් රථ සේවා,වෛද්‍ය සැපයුම් සේවා සඳහාද ප්‍රමාණවත් තරම් ඉන්ධන සැපයීමට නොහැකි තත්වයක් මේ වන විට උද්ගතව ඇත. අත්‍යවශ්‍ය සේවාවලට රජය විසින් ඉකුත් සතියේ සීමා සහිත ලෙස ඉන්ධන සපයනු ලැබුවද අත්‍යවශ්‍ය සේවා රැසක් ඉකුත් සතියේදී ද අඩාළ වී තිබිණි
Read MoreDay: July 3, 2022
රංගන ශිල්පී ජැක්සන්ගේ මෝටර් රථයට වල් අලියකු ගැටෙයි
ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී ඇතුළු තිදෙනකු ගමන්ගත් මෝටර් රථය අනුරාධපුර – තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේ වල් අලියකුගේ සිරුරේ ගැටීමෙන් ජැක්සන් ඇන්තනී ඇතුළු පිරිස තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇතැයි තලාව පොලිසිය කියයි. අනතුරත් සමග කැබ් රථය උඩට වල් අලියා ඇද වැටීමෙන් වාහනයට ද දැඩි හානි සිදුව ඇත.
Read More