ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් හදිසියේම අත්අඩංගුවට

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් හදිසියේම අත්අඩංගුවට

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලංකා ගුරු සංගම් ප්‍රධාන කාර්‍යාලයේ ඔහු රැඳී සිටිය දී යි කොටුව පොලීසිය විසින් මෙම අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඉකුත් මැයි මස 28 වෙනි දින අධිකරණ නියෝග නො තකා උද්ඝෝෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් කළේ.

පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

ගාලු මුවදොර පිටිය හා ඊට ආසන්න ප්‍රදේශවල නීතියට පටහැනිව රැඳී සිටින සියලුම පුද්ගලයින් වෙත පොලීසිය අද (03) පස්වරුවේ දැනුම් දීමක් සිදු කළේ ය. එහි දැක්වූයේ රජයට හා නාගරික සංවර්ධන අධිකාරියට අයත් භූමි කොටසේ, අනවසරයෙන් කරන ලද ඉදිකිරීම් හා භෝග වගා කිරීම් වහා ඉවත්කර ගන්නා ලෙසය. එමෙන්ම මහජනයාගේ ද්‍රව්‍යමය අයිතිවාසිකම් අහිමි කිරීම වහාම නවතාලන ලෙසද පොලීසිය…

ප්‍රබල ඇමැති ගුවනින් යයි

ප්‍රබල ඇමැති ගුවනින් යයි

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මුදල් අමාත්‍යවරයකු වූ රවී කරුණානායක මහතා හදීසියේම පෞද්ගලික හෙලිකොප්ටර් යානාවකින් මන්නාරමට පැමිණියේය. මන්නාරම මහජන ක්‍රීඩාංගනයට පැමිණි රවි කරුණානායක මහතා පෞද්ගලික ආයතනයකට අයත් වාහනයකින් නික්ම පැය කිහිපයකට පසුව ආපසු අදාල පෞද්ගලික හෙලිකොප්ටර් යානාවේම පිටව ගොස් ඇත්තේ මාධ්‍යටද අදහසක් පලනොකරමිනි.

දේවාන්නදාගෙන් යෝජනා 10ක්

දේවාන්නදාගෙන් යෝජනා 10ක්

ජනවාර්ගික ගැටලුවට දේශපාලනමය විසඳුමක් ,උතුරේ පවතින ඉඩම් ගැටලු විසඳීම හා දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම යන ගැටලු විසඳීම ඇතුළු ඉල්ලීම් 10ක් සර්ව පාක්ෂික ආණ්ඩුවේ පොදු වැඩපිළිවෙලට ඇතුළත් විය යුතු යැයි ධිවර අමාත්‍ය ඩග්ලස් දේවාන්නදා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යවා ඇත. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ආරාධනා කරමින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් වෙත යවා තිබු…

බලශක්ති අමාත්‍යවරයාගෙන් ට්විටර් නිවේදනයක්

බලශක්ති අමාත්‍යවරයාගෙන් ට්විටර් නිවේදනයක්

ඩීසල් බහාලුම් සඳහා ඊයේ (02) සිදු කළ ගෙවීම් අනුව අද දිනයේ ඒවා මුදා හැරීම ආරම්භ කරන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි. ඒ අනුව ජෙට් ඉන්ධන සැපයීම සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාව් වසර 1ක ගිවිසුමකට එළඹ ඇති අතර අගෝස්තු 12-14 දිනවල පළමු බහාලුම ලැබෙනු ඇති බව සඳහන් කරයි. පෙට්‍රල් බහාලුම් 01ක්…

ඉහල කොත්මලේ වාන් දොරටු ස්වයංක්‍රිය විවෘත වෙයි

ඉහල කොත්මලේ වාන් දොරටු ස්වයංක්‍රිය විවෘත වෙයි

මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් ස්වයංක්‍රිය විවෘත විමත් සමග ශා/කේලායාර් දිය ඇල්ලද සක්‍රිය තත්වයන්ට පත්ව ඇත. මේපිලිබදව අදහස් දැක්වු ඉහල කොත්මලේ ජලාශය බාර නිලධාරියකු පවසන ලද්දේ මෙම ජලාශයට ජලය සැපයෙන ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වැසි තත්වයන් හේතුවෙන් ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට පැමිනිමත් සමග එම ජලාශයේ වාන්…

අතීතය පසෙකලා රට වෙනුවෙන් එක්වන්න

අතීතය පසෙකලා රට වෙනුවෙන් එක්වන්න

මේ මොහොතේ රට දැවැන්ත අනතුරකට ගොදුරු වී ඇති බැවින් ඉන් මිදිය හැක්කේ සියලුදෙනා එකට එකතු වීමෙන් පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. අද (03) පාර්ලිමේන්තුවේ තුන්වන සභාවාරය ආරම්භයේ, ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය. එමෙන්ම රට ගොඩනැගීම සඳහා පාර්ලිමේන්තුවේ සියලුදෙනාට එක්ව සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ආරාධනා කරන බව ද…

හැටන් මාර්ග වැසි ජලයෙන් යට වෙයි

හැටන් මාර්ග වැසි ජලයෙන් යට වෙයි

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයේ හැටන් ආශ්‍රිත ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වැසි තත්වයන් හේතුවෙන් හැටන්, කොටගල ප්‍රදේශවල මාර්ග කිපයක්ම වැසි ජලයෙන් යට විමත් සමග එම ප්‍රදේශවල පාසල් දරුවන් ඇතුළු ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම වැසි තත්වයන් හේතුවෙන් හැටන් සාත්තු නිවාස මාර්ගයේ ඇල පිටාර ගැලිමත් සමග එම ප්‍රදේශයේ නිවාස තුනකටද ජලය ගලා යාමත් සමග එම…