Day: November 26, 2022

  • මෙරට මත්පැන් භාවිතය පහළට

    මෙරට මත්පැන් භාවිතය 30%කින් පහළ ගොස් ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, කෙසේ වෙතත් නීත්‍යානුකූල මත්පැන් නිෂ්පාදනය 11% කින් ඉහළ ගොස් ඇති බවය. නීත්‍යානුකූල නොවන මත්පැන්, වෙළෙඳපොළට පැමිණීම අඩුවී ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ය.

  • ඇඹුල් කෙසෙල් අපනයනය අද සිට

    මෙරට ඇඹුල් කෙසෙල් අපනයනය අද (26)සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. ඒ අනුව, පළමු ඇඹුල් කෙසෙල් තොගය අද(26) ඩුබායි බලා රැගෙන යාමට නියමිතය. කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවේ, කෘෂි නවීකරණ ව්‍යාපෘතිය යටතේ රාජාංගනය ප්‍රදේශයේ අක්කර 500ක වගා කර තිබෙන ඇඹුල් කෙසෙල් වගාවේ අස්වැන්න එලෙස අපනයනය කෙරෙන බවය. ඩුබායි ‍රාජ්‍ය වෙත අද අපනයනය කෙරෙන ඇඹුල් කෙසෙල් තොගය…