ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ උඳුවප් පුර පසළොස්වක පොහොය අදට (07) යෙදී තිබේ. සංඝමිත්තා මහා රහත් තෙරණිය ඇතුළු දූත පිරිස ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ද රැගෙන මෙරටට වැඩම කළේ, අද වැනි පොහෝ දිනකදීයි. බුදුහිමියන්ට සෙවණ දුන් ජය ශ්‍රී මහ බෝධියේ අංකුරයක් මෙරටට වැඩම කරවන්නැයි එවක රට පාලනය දේවානම්පියතිස්ස රජතුමා ඉන්දියාවේ ධර්මාශෝක රජතුමාගෙන් ඉල්ලීමක් කළේ ය. මිහිඳු හිමි අනුමැතිය ලැබූ සංඝමිත්තා තෙරණිය ප්රමුඛ පිරිස ජයශ්‍රී මහ බෝ සමිඳුන්ගේ දක්ෂිණ ශාඛා අංකුරය ලක්දිවට වැඩම කරවුයේ ඒ අනුවයි. එයින් ඇති වූ ශ්‍රී ලංකාවේ බෞද්ධාගමික පුනර්ජීවනය රට පුරා පැතිර ගියේ…
Read MoreDay: December 7, 2022
බෙංගාල බොක්ක ආශ්‍රිතව පීඩන අවපාතයක්
ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතවී පවතින පීඩන අවපාතය, තවදුරටත් බටහිරට බරව වයඹ දෙසට ගමන්කර අද (07) සවස් වනවිට ක්‍රමයෙන් සුළි කුණාටුවක් දක්වා වර්ධනයවීමට හැකියාවක් ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම පද්ධතිය හෙට (08) වනවිට නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයට ඔබ්බෙන් උතුරු-තමිල්නාඩු, පුදුචේරි සහ දකුණු ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ වෙත ළඟාවීමට ඉඩ ඇතැයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ හේතුවෙන් උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින්විට වැසි ඇතිවේ. උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් විටින්විට හමන…
Read More