හරිත ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ වගකීම තාරුණ්‍යයට පවරමින් 75වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව “පිරිසිදු හරිත නගර” ගොඩනැංවීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ. මෙරට තරුණ්‍යය රටේ සංවර්ධනයට විධිමත්ව දායක කර ගැනීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයට අනුව ක්‍රියාත්මක “ජාතික යොවුන් වේදිකාව” වැඩසටහන යටතේ යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය සහ යොවුන් පාර්ලිමේන්තුව ඒකාබද්ධව මෙය සංවිධානය කරයි. ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම නියෝජනය කරමින් තෝරා ගත් එක් නගරයක් පිරිසිදු කිරීම මෙම වැඩසටහනේ මූලික අදියරේ දී සිදු කෙරේ. ඒ අනුව පෙබරවාරි මස 03…
Read MoreDay: January 25, 2023
ලංකා විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් කළ විශේෂ ඉල්ලීම
රටේ ආර්ථිකයට සෘජුවම බලපාන විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන ලෙසත්, එම විදුලිය නෛතික රාමුවෙන් තොරව ලබා නොගන්නා ලෙසත් පාරිභෝගික ජනතාවගෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ විශේෂ ඉල්ලීමක් කර සිටියි. 2022 වර්ෂය තුළ ලංකා විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකය දිවයින පුරා සිදුකල නීති විරෝධී විදුලිය ලබාගැනීම්වලට අදාළ වැටලීම් වල ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙම ඉල්ලීම සිදු කර ඇත. ඒ අනුව විදුලි මීටර (Meter Cases) ආශ්‍රිතව සිදුකල වැටලීම් 1,114 කින් උසාවි ගාස්තු හා ලංකා විදුලිබල මණ්ඩලයට සිදුකල පාඩුව වෙනුවෙන් රුපියල් 72,393,474.80 ක මුදලක් ද, විදුලි රැහැන් වලට කොකු ගසා විදුලිය ලබා ගැනීම් (Hook Cases)…
Read More