රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ 02 වන අදියර අද (26) දිනයෙන් අවසන් වෙයි. ඒ, අනුව පළමු පාසල් වාරයේ 03 වන අදියර ජුනි මස 12 වැනිදා ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් මෙම නිවාඩුව ලබාදෙන අතර, සාමාන්‍ය පෙළ විභාගය ලබන 29 වනදා ආරම්භ වී ජුනි මස 08 වන දින දක්වා පැවැත්වෙයි.
Read MoreDay: May 26, 2023
ලංගම රියදුරු කොන්දොස්තර පුරප්පාඩු 800 ක්
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රියදුරු හා කොන්දොස්තර පුරප්පාඩු 800 ක් පවතින බව අනාවරණ වී තිබේ. ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේ රැස්වූ බලශක්ති හා ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවට නිලධාරීන් කැඳවූ අවස්ථාවේදීයි. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මේ වන විට සේවය කරනු ලබන සමස්ථ සේවක සංඛ්‍යාව 26,561 ක්. ඒ අනුව රියදුරු හා කොන්දොස්තර හිඟය පියවා ගැනීම සඳහා රජයේ අනුමැතිය මත බඳවා ගැනීම් සිදුකිරීමට කටයුතු කරන බවයි එම මණ්ඩලයේ නිලධාරීන් කාරකසභාව දැනුම්දුන් බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ. මේ අතර අට ශ්‍රේණිය සමත් පුද්ගලයින් ඩිපෝ කළමණාකරුවන් බවට පත්ව ඇති බවත්, ගණකාධිකරණ, තාක්ෂණික ඇතුලු අංශ…
Read More