කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි සියලුම සුරාබදු බලපත්‍ර ලත් සුරාසැල් ජුනි 19 වැනි දා සිට ජුලි 04 වැනි දා දක්වා කාලය අතරතුර වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ අනුමැතිය ලැබී තිබේ. ඵෙතිහාසික රුහුණු කතරගම දේවාලයෙහි ඇසළ උත්සවය සදහා සහභාගී වීමට පැමිණෙන බැතිමතුන් කිසිවෙකුටත් මත්පැන් හා මත්ද්‍රව්‍ය මෙම පූජාභූමිය තුලට ගෙන ඒම සපුරා තහනම් වන අතර පූජාභූමිය එම කාලසීමාව තුල මතින් තොර කලාපයක් ලෙස පවත්වා ගැණීම සදහා සහායවන ලෙස මෙම ඇසල උත්සවය සඳහා සහභාගී වීමට අපේක්ෂා කරණ සියලු ජනතාවගෙන් සුරාබදු දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි. කතරගම දේවාල පුදබිම තුළ සහ ආසන්න ප්‍රදේශවල සිදුවන…
Read MoreDay: May 30, 2023
විශේෂ කලා ප්‍රදර්ශනයක් අද කොළඹදී
ද ටැලන්ට් ටුවෙන්ටි ෆෝ නමින් විශේෂ කලා ප්‍රදර්ශනයක් කොළඹ ලයනල් වෙන්ට් කලාගාරයේදී අද පස්වරුවේ ආරම්භවෙයි. එම කලා ප්‍රදර්ශනය අද සිට ජුනි 01 වනදා දක්වා පැවැත්වෙයි. ඉරංගා වෙදගේ විසින් රචනා කළ සහ ඇය විසින් තනු නිර්මාණය කරන ලද ගීතයක් එළි දැක්වීමද එහිදී සිදුකිරීමට නියමිතයි.
Read MoreLRT ව්‍යාපෘතිය ගැන සාකච්ඡා ඇරඹීමට අනුමැතිය
සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීම සඳහා සාකච්ඡා ඇරඹීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. පසුගිය දා ජනාධිපතිවරයා ජපානයේ සිදුකළ සංචාරයට පෙර එම තීරණය ගෙන ඇත. අද (30) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසීය. යළිත් ශ්‍රී ලංකාව පිළිබඳව අන්තර්ජාතික වශයෙන් විශ්වසනීයත්වයක් ඇති කිරීම සඳහා එම තීරණය ගත් බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය. “පසුගිය කාල සීමාවේ ජපානය ශ්‍රී ලංකාවට ප්‍රධාන ආධාර සපයන රට බවට පත්වෙලා තිබුණා. නමුත් මෑත ඉතිහාසය තුළ දී ඇතැම් යෝජනා, ආධාර ව්‍යාපෘති ක්ෂණිකව නතර කිරීම නිසා සමහර කනස්සලු ස්වභාවයක් පැවතීම. නිවැරදි…
Read Moreඋණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත් සඳහා එම අවවාදාත්මක නිවේදනය වලංගු වේ. ඒ අනුව එම ප්‍රදේශවල උණුසුම් දර්ශකය, මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය” යොමුකළ මට්ටමන පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Read More