මිහිඳු මාහිමියන් වැඩම කොට බුදු සසුන පිහිටුවීම සිහිපත් කරන උතුම් පොසොන් පුන් පොහොය දිනය අද (03) යෙදී ඇත. මගධයේ ධර්මාශෝක අධිරාජයාගේ පුත් මිහිඳු මහ රහතන්වහන්සේ ධර්ම දූත පිරිස විසින් බුදු දහම රැගෙන ලංකාගමනය සිදු වූ අතර, එදා සිට නිර්මල බුදු දහම ලංකාවේ ස්ථාපිත විය. අද වැනි දිනකදී මුව දඩයමේ යෙදී සිටි දේවානම්පියතිස්ස රජුට මිහින්තලා ගල් පර්වතය මුදුනේ සිට ‘තිස්ස’ කියා ආමන්ත‍්‍රණය කළ මිහිඳු මහ රහතන් වහන්සේ බුදු දහම ප‍්‍රචාරය කිරීමේ මහඟු කාර්යය ආරම්භ කළේය. එකල පැවති ජන සමාජයට උචිත වන පරිද්දෙන් එම සත් කාර්යය සිදු කළ යුතු නිසා අඹ ගස්…
Read More