ලිංගික උත්තේජනය වැඩි කරන පර්ෆියුම් ගැන ඔබ දැනුවත්ද?

ලිංගික උත්තේජනය වැඩි කරන පර්ෆියුම් ගැන ඔබ දැනුවත්ද?

මිතුරු සුළඟක වෙළෙන්න මිතුරු සුවඳක පැටළෙන්න මම ගියා කොළඹ කොටුවේ දෙවෙනි හරස් පාරට. රතු පල්ලියට ඔන්න මෙන්න අහක මගේ මිත්‍රයා බලාගෙන. මෂීර් අහමඩ්. මට සුවඳවත් මිතුරෙක්. අපි සුවඳ අතර අතරමං වෙන්න කළින් බිරියානි සුවඳේ ගිලුනා. නියම බිරියානි රස!! ඒ විතරක් ද සුවඳ.. ඉතිං සුවඳ ගැන සුවඳමය කතාවක් පටන් ගන්න නියම තැන මේ හෝටලය. ඒත් බිරියානි…

අපි හුණ්ණෝ….

අපි හුණ්ණෝ….

වැල්ලවත්ත කියන්නේ හරිම විචිත්‍ර නගරයක්. පාට පාට ජන කණ්ඩායම් එකතුවෙලා මිනිස් දේදුන්නකට. ඒකයි මේ ලස්සන! මේ දේදුන්නේ විශාල වර්ණ පදාසයක් ඉස්සරම නම් වෙන්වුණේ සිංහල නමට. කාලයත් එක්ක දැන් දෙමළ ජනවර්ගය ඒ තැන අරං. බර්ගර් වගේ ජන කණ්ඩායම් වාෂ්ප වෙලාම ගිහිං. ජා වුණත් එහෙමයි. මුස්ලිම් තවම ඉන්නවා. ඉතිං කාලෙක ඉඳලා වැල්ලවත්තේ ඉතිහාසය හොයාගෙන 1900යේ මුලට යන්න…

කුරුඳු සුවඳේ තැඹිලි රා සිරිසිරියේ..

කුරුඳු සුවඳේ තැඹිලි රා සිරිසිරියේ..

වළා අතුල අහස හෝ ගානා. ඔහේ ඉන්න බෑ කියලා හිත කී ගානා. ඉර මූනට එබෙන්න වෙලා වැඩි වෙලාවකුත් නැතුවා. මේ ඩල් අහස යට උදේ රැයින්ම රවුමක් ගහන්න එළියට බැස්සා. මේ කාලේ කුරුඳු තැලෙන කාලේ. ඉතිං රාළේ මිනිස්සු උදේ රැයි කුරුඳු පඳුරු හේන් ඉම සරනවා. බයිසිකලයට නැඟ්ගා විතරයි ඔන්න වැස්ස. හැබැයි මීදුම කැටිවෙලා කඩන් වැටෙන්නැහේ සැහැල්ලුවට…