වෛරසය පර්යේෂණාගාරයක් තුළ නිපදවූවක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

වෛරසය පර්යේෂණාගාරයක් තුළ නිපදවූවක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

කොවිඩ් නයින්ටීන් වෛරසය චීනය විසින් රසායනාගාර තුළ නිෂ්පාදනය කරන ලද්දක් බවට කිසිඳු විද්යාවත්මක සාක්ෂියක් අනාවරණය වී නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. වෛරසයේ මූලාරම්භය සතුන් හරහා සිදුවූවක් බවට තවදුරටත් විශ්වාස කෙරෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. මේ අතර වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් තොරතුරු වසන් කළ බව පවසමින් චීන රජයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු වීමට අමෙරිකාවේ…

කොවිඞ් ආසාධිතයින් ලක්ෂ 26ය ඉක්මවයි

කොවිඞ් ආසාධිතයින් ලක්ෂ 26ය ඉක්මවයි

ලොව පුරා කොවිඞ් 19 වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව මේ වන විට ලක්ෂ 26 පසුකර තිබෙනවා. එම සංඛ්‍යාව දැක්වෙන්නේ 26 35719 ක් ලෙසයි. වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා සිදු වූ මරණ සංඛ්‍යාව 1 84066 ක් වන අතර ඉන් සුව වූ සංඛ්‍යාව 717444 ක්. වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති ඇමරිකාවෙන් පමණක් රෝගීන් 848717 ක් වාර්තා…

පාස්ක ප්‍රහාරයට වසරක්

පාස්ක ප්‍රහාරයට වසරක්

පුද්ගලයන් 300 කට ආසන්න සංඛ්‍යාවකට මරු කැඳවමින් පාස්කු දින බෝම්බ ප්‍රහාර මාලාව එල්ල වී අදට වසරක් සපිරෙනවා. ඒ අනුව අද සියලුම කතෝලික පල්ලිවල මෙන්ම සියලු ආගමික සිද්ධස්ථානවල ඉටිපහනක් හෝ පෙල්තෙල් පහනක් දල්වා පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් සිහි කර යාඥා කරමින් පින් අනුමෝදන් කිරීම සුදුසු බවයි කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පෙන්වා දෙන්නේ. මෙම…

කොරෝනා මැඬලීමෙන් පසු ජනපති රට හදන හැටි

කොරෝනා මැඬලීමෙන් පසු ජනපති රට හදන හැටි

දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ඒකාබද්ධ කරමින් කෘෂි නිෂ්පාදන මිළදී ගැනීම, ගබඩා කිරීම සහ බෙදා හැරීමට නව යාන්ත්‍රණයක් ඇති කිරීම කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබෙනවා. මෙම ක්‍රියාවලිය සියලුම දිසාපතිවරුන්ගේ මූලිකත්වයෙන් ඉදිරියට ගෙන යා යුතු බවයි ජනාධිපතිතුමා අවධාරණය කරන්නේ. දිස්ත්‍රික් ලේකම්වරු සමග අද දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව කියා සිටියා….

සමාවෙන්න මම නොකියාම යන්න ගියාට…..

සමාවෙන්න මම නොකියාම යන්න ගියාට…..

(නල්ලතන්නියේ කොටි දෙනගේ අවසන් ලියවිල්ල) මම ඉපදුනේ ඇත සිරිපා හිම පේන මානයේ.මට මතකයි අම්මා මාව කුඩා කලේ හදපු හැටි.හරිම පරිස්සමින්.අපි හිටියේ ගල් ගුහාවක.ඒක නම් හරිම ආරක්ෂිත තැනක්.අම්මා දඩයම් විතරක් නෙමෙයි තව බොහෝ දේ පුංචි මට කියලා දුන්නා.මාස දහයක් වගේ වෙන කොට තමයි මට ඉන්න “වසමක්” ඒ කියන්නේ මටම වෙන්වුණු ප්‍රදේශයක් අම්මා පෙන්නුවේ. තවත් මාස දෙක…

දයා තෙන්නකෝන් කලාකරුවාත් සමුගනී

දයා තෙන්නකෝන් කලාකරුවාත් සමුගනී

ප්‍රවීන රංගන ශිල්පී දයා තෙන්නකෝන් මහතා අභාවයට පත්ව ඇති බව වාර්තා වේ. ප්‍රවීන රංගන ශිල්පී ලක්ෂ්මන් මෙන්ඩිස් මහතා මුහුණුපොතේ සටහනක් තබමින් පවසන්නේ දයා තෙන්නකෝන් මහතා මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙන බවයි.

කොරෝනා පරදන්න ලංකාවෙන් සොයාගත් දුම් හට්ටිය
|

කොරෝනා පරදන්න ලංකාවෙන් සොයාගත් දුම් හට්ටිය

කොරෝනා වෛරසයෙන් අත්මිදීම සදහා පසුගිය දිනවල සමාජ මාධ්‍ය හරහා විවිධ දේශීය වෙදකම්, යන්ත්‍ර මන්ත්‍ර ගුරැකම්, දේව මෙහෙයන්, අත් බෙහෙත් ඇතුලු විවිධ ප්‍රථිකාර ක්‍රම පිළිබදව ප්‍රචාරය විය. මින් වැඩියෙන්ම සමාජ අවධානය යොමු වුයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ළමා රෝග පිළිබදව විශේෂ්‍ඥ වෛද්‍ය අනුරැද්ධ පාදෙනිය මහතා විසින් සිදු කළ දුම් හට්ටි ප්‍රථිකාර ක්‍රමය පිළිබදව ලොවට හෙලි…

law

රජයේ මර්ධනයට තරුණ නීතිඥ සංගමයේ විරෝධය

කොරෝනා මර්ධනයට මුවා වී ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් මර්ධනයට ඉඩ නොතබමු යන හිසින් යුතුව තරුණ නීතිඥ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. 2020 අප්‍රේල් මස 01 වන දින පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් රජයේ නිලධාරීන් විවේචනය කරන්නන් හට තදින් නීතිය ක්‍රියාත්මක කරන බවට වූ නිවේදනයත් ඉන් පසුව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමත් බරපතළ ලෙස විවේචනය කරන තරුණ නීතිඥ…

arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest

නීතිඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගැනීම ගැන නීතිඥ සංගමයෙන් පොලිස්පතිට ලිපියක්

පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ නීතිඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගැනීම ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් පොලිස්පතිවරයාට ලිපියක් යොමු කර තිබේ. එකී අත්අඩංගුවට ගැනීමට හේතුව මේ වන තෙක් එළිදරව් කර නොමැති බව දන්වන ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඔවුන්ට දැනගන්නට ලැබී ඇති පරිදි මෙම අත්අඩංගුවට ගැනීමට පදනම් වී ඇත්තේ නීතිඥ හිස්බුල්ලා මහතා සිය නීතිඥවරයකු ලෙස සිය වෘත්තීය…

කෝපි කඩේ අප්පුවා මෙලොවින් සමුගනී

කෝපි කඩේ අප්පුවා මෙලොවින් සමුගනී

ජනපි‍්‍රය රංගන ශිල්පී ශී‍්‍ර ලාල් අබේකෝන් මහතා අභාවප‍්‍රාප්ත වී තිබෙනවා.මීරිගම රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අද පස්වරුවේ ඔහු මිය ගියා. අභාවප‍්‍රාප්ත වන විට ඔහු 72 වන වියේ පසුවුණා. බොහෝ දෙනෙකු ඔහුව හදුනාගත්තේ කෝපි කඩේ ටෙලිනාට්‍යයේ අප්පුවාගේ චරිතය නිරූපණය කිරීමත් සමගයි. ඔහුගේ දේහය පිලිබද අවසන් කටයුතු හෙට සිදුකිරීමට නියමිතයි.