ගාල්ල මහින්ද විද්‍යාලයේ පොඩි හිටියෝ ලොකු වැඩක් කරයි

ගාල්ල මහින්ද විද්‍යාලය ඇතුලේ ගාමන්ට් ෆක්ටරියක් දාලා නැතිනම් ඇඟලුම් කර්මාන්ත ශාලාවක් දමලා කී විගසම අපි පුදුමයට පත් වනු ඇත.නමුත්,මේ සුන්දර වු කතාව සත්තකින්ම අගනේ ය. එය මේ රටේ වෙනත් පාසල්වලටද ලෝක ළමා දිනයට හා ලෝක වැඩිහිටි දිනයට මහින්ද පාසලේ බාලකයෝ රටටම ආදර්ශයක් ලබාදුන් සුන්දර බාලක පොඩි හිටියන්ගේ සුන්දර කතාවකි. සෑම දෙයක්ම මුදලට මිලදී ගැනීමට හුරු වූ අය අතරේ,තමන්ෆේ සහෝදර ශිෂ්‍යයින්ට ලෝක ළමා දිනයට සමගාමීව තමාගේම අතින් සකස් කරන්නට මේ බාලකයෝ සිදු කරන මෙිහවර අගනේය. එයට විදුලහල්පති තුමාගේ හා ආචාර්ය මන්ඩලයේද පුර්න සහයෝගය මේ බාලකයන්ට ලැබි ඇත්තේ පාසල් භූමිකාවෙන් එහා ගිය…

Read More

අමරණීය මරණාධාර සමිතියේ නිලධාරීන් ලක්ෂ 450කට විදියි

amaraniya

අනුරාධපුර දිස්ත්‍රික්කයේ එප්පාවල, කටියාව යාය 01 ගම්මානයේ පවත්වාගෙන යනු ලබන අමරණීය මරණාධාර සමිතියේ රුපියල් ලක්ෂ 450ක මුදලක් එම සමිතියේ ඉහළ නිලධාරීන් කීප දෙනෙකු වංචා කළ බවට චෝදනා කරමින් ඔවුන්ට විරුද්ධව සමිතියේ සාමාජිකයෝ පොල් ගසා උද්ඝෝෂණයක නිරත වූහ. එප්පාවල, කටියාව යාය 01 අමරණීය මරණාධාර සමිතියේ සාමාජික මහතෙකු පෙරේදා (30) අභාවප්‍රාප්ත වී ඇති අතර, එම මරණයට ගෙවිය යුතු මරණ පාරිතෝෂික මුදල් ගෙවීමට සමිතියේ මුදල් නොමැති වීම හේතුවෙන් හදිසි මහ සභා රැස්වීමක් ඊයේ (01) කැඳවා තිබිණි. එහිදී සමිතිය සතුව තිබූ රුපියල් ලක්ෂ 450කට වැඩි මුදලක් නිලධාරීන් විසින් වංචා කර ඇති බවට සමිතියේ සාමාජිකයින්…

Read More

සමෘද්ධි ආධාර දිගටම ලැබුවත් ලක්ෂ 3ක් තවමත් එතනමයි

සමෘද්ධිලාභීන් ලක්ෂ 3 කට වැඩි පිරිසක් වසර විසි අටක් තිස්සේ (1995-2023) සමෘද්ධි ආධාර දිගටම ලබන නමුත් ස්වශක්තියෙන් නැගී සිටීම සඳහා ඔවුන් කිසිම ආකාරයකින් හෝ සවිබල ගන්වා නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. මේ අනුව සමෘද්ධි ව්‍යාපාරය අපේක්ෂා කළ අරමුණු සහ කාර්යභාරය ඉටුවී නොමැති බවට විගණන නිලධාරිහු චෝදනා කරති. සමෘද්ධිලාභීන් සවිබල ගැන්වීමේ විවිධ වැඩසටහන් සඳහා 2019 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා රුපියල් කෝටි 126 ක් වැය කර ඇතැයි පවසන විගණන කාර්යාලය සවිබලගැන්වීම් පිළිබඳව නිශ්චිත ඉලක්කයක් හඳුනා ගැනීමකින් තොරව එම මුදල් වැය කර ඇති බවද සඳහන් කරයි. සමෘද්ධි සංවර්ධන…

Read More

අදට (28) යෙදෙන ජාත්‍යන්තර තොරතුරු දින සැමරුම

තොරතුරු අයිතියේ වැදගත්කම පුරවැසියා වෙත හා පොදු අධිකාරිය වෙත ළඟා කර වීමට පවතින ක්‍රම වේදයන් ප්‍රමාණවත් නොවන බව අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානයේ ලේකම් නීතිඥ දුලාන් දසනායක මහතා සඳහන් කරයි. තොරතුරු දැනගැනීමේ විශ්වීය ප්‍රවේශය සහතික කිරීමේ ජාත්‍යන්තර දිනය සමරමින් අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සැමරුම් දින වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. කොළඹ 7 ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩල ශ්‍රවණාගාරයේ දී මෙම වැඩසටහන පැවැත්විය . මෙහිදී දුලාන් දසනායක මහතා ප්‍රකාශ කර සිටියේ තොරතුරු පනත ගෙන ඒම මෙරට පුරවැසියන් ලැබූ විශාල ජයග්‍රහණයක් වුවත් මෙයින් නිසි ප්‍රයෝජන…

Read More

ටිකට් පත් නොදුන්නොත් බස් ධාවන තහනම් වෙයි

bus

ටිකට් පත් ලබා නොදි මගින් ප්‍රවාහන කිරිමේ චෝදනාවන් මත හැටන් මස්කෙළිය මාර්ගයේ ධාවනයවු බස් රථයක ධාවන කටයුතු දිනකට තහනම් කිරිමට මධ්‍යම පලාත් මගි ප්‍රවාහන අධිකාරායේ නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලය මගින් පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු මගි ප්‍රවාහන අධිකාරියේ හැටන් කාර්යාලයේ වැඩ බලන ස්ථානාධිපති රජි කැළුම් මහතා පවසන ලද්දේ මස්කෙළිය හැටන් මාර්ගයේ ධාවනය වන මස්කෙළිය එස්. එස්. ප්‍රවාහන  සේවයට අයත් පුද්ගලික බස් රථය ටිකට් පොත් නිමව ඇති බව පවසමින් එම බස් රථයේ ගමන් ගත් මගින්ට ටිකට් පත් ලබා නොදිම පිලිබදව ලද පැමිනිල්ලක් මත නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලය මගින්…

Read More

Google සිය 25 වැනි උපන්දිනය සමරයි

ලොව පුරා විශාල පිරිසකගේ සෙව්ම් යන්ත්‍රය වී තිබෙන Google සිය 25 වැනි උපන්දිනය අද සමරයි. සැප්තැම්බර් 4 වන දින එම සමාගම සංස්ථාපිත කරන ලද නමුත් දශකයකට වැඩි කාලයක් තිස්සේ ඔවුන් සැප්තැම්බර් 27 වන දින සිය උපන්දිනය සමරනු ලබයි. සිය උපන්දිනය සමඟ Google සිය නාමය google 25 බවට පරිවර්තනය කර ඇත. මීට වසර 25 කට පෙර එනම් 1998 google සෙව්ම ආරම්භ කළේ කැළිෆෝනියා උප නගරයක ගරාජයකිනි. ගූගල් සමාගම 1998 සැප්තැම්බර් 4 වන දින අමෙරිකානු පරිගණක විද්‍යාඥයන් වන ලැරී පේජ් සහ සර්ජි බ්‍රින් විසින් කැලිෆෝනියාවේ ස්ටැන්ෆෝර්ඩ් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිධාරීන්ව සිටියදී ආරම්භ…

Read More

ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ නව පද්ධතිය ඔක්තෝබර් මස 03වැනිදා සිට

මෝටර් රථ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ නව පද්ධතිය ස්ථාපිත කිරීම දිවයිනේ පළාත් 08ක ඔක්තෝබර් මස 03වැනිදා සිට ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව වයඹ, දකුණ, උතුරු මැද, මධ්‍යම, සබරගමුව, නැගෙනහිර, උතුර සහ ඌව යන පළාත්වල පළමුව මෙම නව පද්ධතිය ක්‍රියාත්මක කෙරෙනු ඇත. බස්නාහිර පළාත තුළ දැනට ක්‍රියාත්මක වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමය (eRL 1.0) ඉදිරියටත් ක්‍රියාත්මක වේ. ඒ අනුව, දිවයින පුරා සියලු ම පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාල සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල ආදායම් බලපත්‍ර නිකුත් කිරීම 2023 සැප්තැම්බර් මස 27 සහ ඔක්තෝබර් මස 02 යන දිනවල තාවකාලිකව නතර…

Read More

ගොඩනැගෙමින් තිබෙන රට ජාතිවාදී ගැටුමකට ඇඳ දමන්න එපා – සමන් රත්නප්‍රිය

ජනාධිපති වෘත්තීය සමිති සබඳතා අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය

රට තුළ යළිත් ජාතිවාදී ගැටුම් ඇති කර සිය දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට ඇතැම් දේශපාලන කණ්ඩායම් කටයුතු කරමින් සිටින බව ජනාධිපති වෘත්තීය සමිති සබඳතා අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය. තිස් වසරක යුද්ධයෙන් සහ පාස්කු ප්‍රහාරයෙන් රට දේශපාලනික වශයෙන් මෙන්ම ආර්ථිකමය වශයෙන් කඩාවැටීමකට ලක් වූ බවත්, එම අඳුරු යුගය නිමා කර යළි ගොඩනැඟෙමින් සිටින රටකට යළිත් ජාතිවාදී ගැටුම් අවශ්‍ය නොවන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. ජනාධිපති වෘත්තීය සමිති සබඳතා අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා මේ බව සඳහන් කර සිටියේ රටේ වත්මන් තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීම සඳහා සිවිල් සංවිධාන හා වෘත්තීය…

Read More

ATA අයිතිවාසිකම් සීමාවට ලක් කරයිද?

rukii

රජය විසින් ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වධහිංසාවට එරෙහි ශ්‍රී ලංකා එකමුතුව සැප්තැම්බර් 25 වැනි දින කොළඹ ජානකී හෝටලයේදී සම්මන්ත්‍රණයක් පවත්වන ලදී. මෙම පනත මුලින්ම ඉදිරිපත් කළේ මාර්තු මාසයේදී නමුත් පසුව සිවිල් සමාජයේ විරෝධය හේතුවෙන් එය ඉවත් කර ගන්නා ලදී. මේ සඳහා තම අදහස් ඉදිරිපත් කිරීමට මහචාර්‍ය රොහාන් සමරජීව, ආචාර්‍ය නිමල්කා ප්‍රනාන්දු සහ මානව හිමිකම් ක්‍රියාදරයෙකු වන රුකී ප්‍රනාන්දු යන අය සහභාගී විය. මෙහි දී ත්‍රස්ත විරෝධී පනත සම්බන්ධයෙන් තම අදහස් ඉදිරිපත් කෙරූ රුකී ප්‍රනාන්දු මහතා පැවසුවේ, ත්‍රස්ත විරෝධී නීති මගින්…

Read More

නිපා වෛරසය ඉතාම දරුණුයි

ඉන්දියාවේ කෙරළ ප්‍රාන්තයේ ව්‍යාප්ත වන මාරාන්තික “නිපා” වෛරසයේ භයානකකම සහ එම වෛරසය පැතිර යන ආකාරය සම්බන්ධයෙන් විශේෂ වෛද්‍ය ජානකී අබේනායක ජනතාවට දැනුම්දීමක් කරයි. වෛරසය ආසාදනය වූ පුද්ගලයින්ට උණ ද, පසුව හිසරදය, කැස්ස, උගුරේ අමාරුව, හුස්ම ගැනීමේ අපහසුතා සහ වමනය වැනි රෝග ලක්ෂණ ඇතිවන බවත්, වෛරසයට නිරාවරණය වී දින 21ක් දක්වා කාලය තුළ රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවද විශේෂඥ වෛද්‍යවරිය සදහන් කළහ. කුඩා දරුවන් පළතුරු වර්ග ජලයෙන් සෝදා නොකෑමෙන් හා ඌරන් සිටින ෆාම් වල වැඩකරන පුද්ගලයින් ආරක්ෂාකාරීව කටයුතු නොකිරීමෙන් වෛරස ආසාදනය වීමේ අවදානමක පවතින බවද විශේෂඥ වෛද්‍යවරිය සදහන් කළහ. කුඩා දරුවන්…

Read More