dawa

දැව ජාවාරමක් වටලයි

ගලෙන්බිදුනුවැව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ඇල්ලවැව කුඩා ඔලුකලගල රජයේ රක්ෂිතයේ සිදුකළ මහපරිමාන දැව ජාවාරමක් වටලා සැකකරුවෙකු සමග දැව තොගයක් අත්අඩංගුවට ගැනීමට ගලෙන්බිදුනුවැව බීට්ටු වන නිලධාරි කාර්යාලයේ නිලධාරින්ට හැකිවි තිබේ. ගලෙන්බිදුනුවැව ඇල්ලවැව කුඩා ඔලුකලගල පිහිටි වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවව අයත් රක්ෂිතයක පිහිටි ගොවි වන වගාවකින් සැකකරුවන් විසින් කපා දැමූ දැව කදන් සියයකය අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබුණි. අත්අඩංගුවට…

closed walkatha

අනුරාධපුර කඩ සාප්පූ වැසෙයි

පවතින කොවිඩ් වෛරස අවදානම හමුවේ අනුරාධපුර නගරයේ කඩ සාප්පු අද(19දා) දිනයේ සිට මේ මස (25දා) දක්වා තාවකාලිකව වසා දැමීමට අනුරාධපුර එක්සත් වෙළද සංගමය අතුළු අනුරාධපුර දිස්ත්‍රික් ව්‍යාපාරික සංසදය ඒකමතිකව තීරණය කර තිබේ. ඒ අනුව අනුරාධපුර නගරයේ කඩ සාප්පු බොහොමයක් අද (19දා) සිට (25දා) දක්වා ස්වේච්ඡාවෙන් වසා දැමීමට තීරණය කර තිබේ.ඊට අමතරව උප නගර වන නාච්චාදූව…

pick

රට වහන්නැයි සෞඛ්‍ය සේවකයෝ ඉල්ලති

මහජනතාව සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල කොවිඩ් රෝගයෙන් ආරක්‍ෂා කරගැනීම සඳහා දින 10ක කාලයක් විද්‍යාත්මකව රට වසා දමන්නැයි ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කළ නිහඬ විරෝධතාවයක් කොළඹ ජාතික රෝහල ඉදිරිපිට දී  පැවැත්විණි. එම වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයින් වන සමන් රත්නප්‍රිය, රවි කුමුදේශ් යන මහත්වරු ඇතුළු පිරිසක් එම විරෝධතාවයට එක්ව සිටියහ.

death

කොරෝනා මාධ්‍යවේදියෙක් රැගෙන යයි

සන්ඩේ අයිලන්ඩ් පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘවරයා ලෙස කටයුතු කළ සුරේෂ් පෙරේරා මහතා කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය. ඔහු අභාවප්‍රාප්ත වූයේ කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය. මාධ්‍යවේදියකු ලෙස වසර 40ක පමණ කාලයක් කටයුතු කළ සුරේෂ් පෙරේරා මහතා ඉන් වසර 30ක පමණ කාලයක් සේවය කළේ සන්ඩේ අයිලන්ඩ් පුවත්පතේය. පාර්ලිමේන්තු හා කැබිනට් වාර්තාකරණයේ පළපුරුදු මාධ්‍යවේදියකු වූ ඒ…

කදුරුවෙල වැසෙයි

කදුරුවෙල වැසෙයි

කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් අද (19) දා සිට ලබන (24)දා දක්වා දින දින 06ක් කදුරුවෙල නගරයේ ඖෂධ හල් හැර සෙසු සියලු වෙළද සැල් වසා දැමීමට වෙළද සංගමය විසින් තීරණය කර ඇත. මේ පිළිබදව සියලු වෙළදසැල් හා ව්‍යාපාරික ප්‍රජාවත් කඩසාප්පු හිමියනුත් දැනුම්වත් කර ඇති බවත් කදුරුවෙල නගරයේ ව්‍යාපාරික ප්‍රජාවත් පාරිභෝගිකයිනුත් කොරෝනා වසංගත තත්ත්වයෙන් ආරක්ෂා කර ගැනීමේ…

ragamadoc

රාගම රෝහලේ කොවිඩ් වැළඳුනු දෙවැනි වෛද්‍යවරයාත් මියයයි

රාගම රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය ඒකකයේ සේවය කළ මොහොමඩ් ජනන් නැමැති වෛද්‍යවරයෙකු කොවිඩ් රෝගය වැලදී රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (18) උදෑසන මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. මිය යන විට 34 වැනි වියේ පසු වූ මෙම වෛද්‍යවරයා කොවිඩ් රෝගය වැලදී රාගම රෝහලේ කොවිඩ් වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර රෝගය උත්සන්න වීම හේතුවෙන්…

lockdown

වෘත්තීය සමිති රට ලොක් ඩවුන් කිරීමකට සැරසෙයි

සිකුරාදා දිනයේ සිට රට වසා දැමීමට ආණ්ඩුව කටයුතු නොකළහොත් සති දෙකක් පුරා වැඩ වර්ජනයක් දියත් කර රට වසා දැමීමට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති තීරණය කර තිබේ. ඒ අනුව 23දා සිට දින දහයක් රට තුළ වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන ඒකාබද්ධ සන්ධානය…

corona-wattu

තවත් කොරෝනා මරණ 171ක්

කොවිඩ් ආසාදිතවූ තවත් 171 දෙනකු  (16) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ(17) තහවුරු කළේය. ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 6,434 ක් දක්වා ඉහළ ගොස් ඇත. මියගිය අය අතර පිරිමි අය 102 දෙනෙක් සහ කාන්තාවෝ 69දෙනෙක් වෙති.  

death

දෙඹර ප්‍රහාරයකින් අයෙකු ජීවිතක්ෂයට

දර කැඩීම සදහා මිතුරියගේ සහයට ගිය දෙදරු මවක දරුණු දෙඹර ප්‍රහාරයකට ලක්වි බරපතල ලෙස විෂ ශරිර ගතවි තඹුත්තේගම මූලික රෝහලට ඇතුලත් කිරිමෙන් පසුව අද (18දා) අළුයම ජීවිතක්ෂයට පත්වි තිබේ. අවාසනාවන්ත අයුරින් ජීවිතක්ෂයට පත්වි ඇත්තේ කොත්මල්පුර තඹුත්තේගම ලිපිනයේ පදිංචිව සිටි පී.ජී ජයසුන්දර මැණිකේ (53)යන දෙදරු මවයි. ඇය සමග දර කැඩීමට කැලෑවට ගිය අනෙක් කාන්තාවත් දෙඹර ප්‍රහාරයට…

corona1

කොවිඩ් ආසාදිතයන් 9609 ඉහලට

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පසු ගිය පැය 24ක කාලය තුලදි නව කොවිඩ් ආසාදිතයන් 49 දෙනකු හමුවිමත් සමග මෙම දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගනන 9609 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි. 16 වන දින සවස ලැබුන වාර්ථා මත මෙම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සෞඛ්‍ය බල ප්‍රදේශවන අඹගමුව ආසාදිතයන් 07ක්, හගුරන්කෙත ආසාදිතයන් 06ක්, කොත්මලේ…