ගංවතුර 5000ට හරස් වෙයි

ගංවතුර 5000ට හරස් වෙයි

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයක තවමත් ගංවතුර බැස යමින් තිබෙන අතර අඩු ආදායම්ලාභි පවුල් වෙත රුපියල් 5000 ආධාර මුදල බෙදා දීමට මෙම තත්වය බාධාවක්වී ඇතැයි ප්‍රදේශ කීපයක නිලධාරින් කියති. බුලත්සිංහල, මිල්ලනිය ඇතුළු ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස කිපයක පහත් බිම් හා අතුරු මාර්ග තවමත් ජලයෙන් යටවිම නිසා නිලධාරින් දැඩි අපහසුතාවයට පත්ව සිටිති. බුලත්සිංහල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පහළ කුඩලිගම,…

පොලොන්නරුවට එන්නත් වැඩ පිළිවෙලේ පළමුවන අදියර  අද (08) හා හෙට(09)

පොලොන්නරුවට එන්නත් වැඩ පිළිවෙලේ පළමුවන අදියර  අද (08) හා හෙට(09)

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවට ද කෝවිඩ් වසංගතය ට මුහුණ දීම සදහා ප්‍රතිශක්තීකරණ එන්නත් වැඩ පිළිවෙලේ පළමුවන අදියර  අද (08) හා හෙට(09) අවදානම් කලාප ලෙස හදුනාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 02 ක පුද්ගලයින්ට හා කර්මාන්ත ශාලා සේවකයන්ගෙන් ආරම්භ කරන බව පොලොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.කේ.එස්.කේ.කුමාරවංශ මහතා පවසයි. මේ වන විට එහි සියලු මූලික කටයුතු අවසන්…

thalmasun

මුහුදු වෙරළට මිය ගිය තල්මස්සු කැස්බෑවන් සහ ඩොල්ෆින් ගොඩ ගසයි

ගිණිගෙන විනාශවු X- press pearl නෞකාවෙන් මුහුදු ජලයට එකතුවු රසායනික ද්‍රව්‍ය හේතුවෙන් මිය ගිය තල්මසෙකුගේ මළ සිරුරක් දහවල් කළුතර , වාද්දුව , තල්පිටිය මුහුදු වෙරළට ගොඩ ගසා තිබිණි. අඩි හතරක් පමණ දිග මිය ගිය මෙම තල්මසාගේ සිරුර වැඩිදුර පරීක්ෂණ සදහා වනජීවී දෙපාර්තමෙින්තුවට රැගෙන යාමට කටයුතු කර ඇත. මෙි අතර මිය ගිය කැස්බෑවන් හත් දෙනෙකුගේ සහ…

kg

මිලියන 28 ක කේරළ ගංජා නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව නගර්කෝවිල් වෙරළ ප්‍රදේශයේ සිදු කළ  විශේෂ පාමුර සංචාරයකදී කේරළ ගංජා කිලෝ 96 ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. උතුරු නාවික විධානය මගින් නගර්කෝවිල් වෙරළ ප්‍රදේශයේ සිදු කළ මෙම විශේෂ පාමුර සංචාරයේ දී වෙරළට ආසන්න භූමියක ගෝනි 03ක අසුරන ලද කේරළ ගංජා කිලෝ 96ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට…

lock

සංචරණ සීමා තවත් දීර්ඝ කරන්න ඉල්ලීමක්

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා  රටපුරා පනවා ඇති සංචරණ සීමා තවත් සතියකින් දීර්ඝ කරන්නැයි සෞඛ්‍ය අංශ රජයට යෝජනා කර ඇතැයි වාර්තා වේ . එසේ නොවුණහොත්, සංචාරණ සීමා පනවමින් දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග වල නිසි ප්‍රතිඵල නොලැබෙනු ඇතැයි ද ඔවුන් පෙන්වා දී ඇති බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සදහන් කරයි. කොරෝනා රෝගීන් 3000ක්  ඉක්මවා දෛනිකව වාර්තා…

wasiapada

අයහපත් කාලගුණය 16කට මරු කැඳවයි

දින කිහිපයක් තිස්සේ ඇදහැලුණු මහ වැසි සමඟ ඇතිවූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මරණ 16 ක් සිදුවී තවත් තිදෙනකු අතුරුදන්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. රත්නපුර, පුත්තලම, කෑගල්ල, ගම්පහ, කොළඹ, පුත්තලම සහ කළුතර දිස්ත්‍රික්කවලින් මෙම මරණ වාර්තා වී ඇත. නායයාම්, නිවෙස් මතට පස් කඳු කඩා වැටීම් සහ ජලයේ ගිලීම හේතුවෙම් මෙම මරණ සිදුව ඇත. අයහපත් කාලගුණ…

gabinimaw

කොවිඩ් මරණ 46ක් – ගර්භණී මව්වරුන්ට එන්නත බදාදා

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 46දෙනෙකු මියගොස් තිබේ. එම මරණ මැයි මස 17 සිට ජුනි මස 05 දක්වා සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා තහවුරු කරයි. ඒ අනුව මේ දක්වා මෙරට තුළ සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 1742ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙරටදී හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 204,278ක්…

gampaha-corona

නුවරඑළියේ ආසාදිතයන් 4996 දක්වා ඉහලට

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් 19 ආසාදිතයන් 234 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගනන 4996 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි. පසු ගිය දිනවල ගන්නා ලද පි. සි. ආර්. පරික්ෂාවල වාර්ථා 06වන දින පෙරවරු 9.30ට පමන ලැබුන අවස්ථාවේ මෙම අලුත් ආසාදිතයන් හමුව ඇති බවත් මෙයින් වැඩිම…

death

ආපදා හේතුවෙන් මරණ 14ක්

දිවයිනේ පළාත් කිහිපයක පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග ඇතිවූ ආපදා හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 14ක් දක්වා ඉහළ ගොස් තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන් වී ඇති අතර තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවය. ඊට අමතරව 245,212 දෙනෙකු නායයෑම් සහ ගංවතුර ආපදා තත්ත්වයන් හේතුවෙන් විවිධ පීඩාවන්ට ලක්ව ඇති බවද එම මධ්‍යස්ථානය සඳහන්…

arrack arest

මත්පැන් සාදයක් වටලයි

බොරලැස්ගමුව පොලිස් වසමේ දෙහිවල පාර, දේවාල මුල්ල ප්‍රදේශයේ පිහිටි නිවසක නගර සභා සේවකයකු ඇතුළු හය දෙනෙකු විසින් නිරෝධායන රෙගුලාසි කඩකරමින්  පැවැත්වූ මත්පැන් සාදයක් වටලා එම පුද්ගලයන් හත් දෙනාම අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය පැවසීය. අත්අඩංගුවට පත්වූ  සැකකරුවන් හත්දෙනා මත්පැන් පානය කර සිටියේ දැයි තහවුරු කරගැනීම සඳහා කොළඹ ජාතික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ලබාගත් වාර්තාවක් අනුව…