corona-ennatha

රෝහල් කාර්ය මණ්ඩලයට දුන් එන්නත් දේශපාලන හිතවතුන්ට

මාළමේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ කාර්යමණ්ඩලය කොරෝනා එන්නත් කරනයේදී ගැටළු මතු වී තිබේ. රෝහල් කාර්ය මණ්ඩලයේ පවුල්වල සාමාජිකයන්ට එන්නත් ලබා දීම සදහා ඊයේ දිනයේ කැදවා තිබුවද එන්නත ලබා නුදුන් බව එම රෝහලේ සේවකයින් සඳහන් කළහ. සේවකයන්ගේ පවුල්වලට වෙන් කර තිබූ එම එන්නත් මාත‍්‍රා සියල්ල විවිධ දේශපාලන බලධාරීන්ගේ හිතවතුන්ට පරිපාලනය විසින් ලබාදිය ඇතැයි ඔවුන් චෝදනා කළහ. මේ…

සුදු සමක් සඳහා ක්‍රීම් එකක් දෙන බව කියා කාන්තාවක් කෙළෙසයි

සුදු සමක් සඳහා ක්‍රීම් එකක් දෙන බව කියා කාන්තාවක් කෙළෙසයි

සුරූපී නිළියක මෙන් පැහැපත් සමක් සඳහා එන්නතක් ගන්නට ආ කාන්තාවකට ක්‍රීම් එකක් ලබාදෙන බව පවසා ඇයව දූෂණය කළැයි වෛද්‍යවරයකු අත්අඩංගුවට ගත් බව නාරාහේන්පිට පොලිසිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත දන්වා සිටියේය. පැමිණිලිකාරිය එන්නත්වල මිල ගණන් වැඩි බව සැකකරුට දන්වා ඇති අතර එහිදී ඔහු ‘‘ක්‍රීම් එකක් තියෙනවා දෙන්නම්’’ කියා පවසා වෛද්‍ය මධ්‍යස්ථානයේ උඩුමහලට පැමිණිලිකාරිය රැගෙන ගොස්…

poya

නවම් පුර පොහොය දිනය අදයි

ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වූ, නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට(26) යෙදී තිබේ. සුදුස්සන්ට සුදුසු තැන ලබා දිය යුතු බව බුදු හිමියන් ක්‍රියාවෙන්ම පෙන්වා දුන් මාහැගි අවස්ථාවක් සනිටුහන් වූ පොහෝ දිනයක් ලෙස නවම් පුර පසළොස්වක පොහෝ දිනය හැඳින්විය හැකිය. බුදුරජාණන් වහන්සේ සැරියුත් හිමියන්ට සහ මුගලන් හිමියන්ට බුදු සසුනේ අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමුවේ ද අද…

epireoies

කොරෝනා නසන සාර්ථක ඔසුවක් ලංකාවේ නිපවදවයි

කොරෝනා වෛරසය සඳහා සාර්ථක ප‍්‍රතිචාර දක්වන ඖෂධයක් නිෂ්පාදනය කිරීමට දේශීය වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මහත්මිය සමත් වී තිබේ. එම ඖෂධය යුර්වේද සූත්‍ර කමිටු විසින් අනුමත කර ඇත. EPIREPIES නමින් නම් කර ඇති එම ඖෂධය රාජ්‍ය මාධ්‍ය සිසිර මහතා තම පිලිගැන්වීම එම අමාත්‍යංශයේදී සිදු කර තිබේ.

ali-sabir

බෞද්ධ ජනතාවගේ අයිතිවාසිකම් වලට එරෙහිව නීති ගෙන එන්නේ නැහැ

තමන් අධිකරණ අමාත්‍යවරයා වශයෙන් සිටින තාක් කල් කිසිසේත්ම වසර 2500 කට වඩා ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ බෞද්ධ විහාර දේවාලගම් පනත අහෝසි කරන්න හෝ ඊට සංශෝධන ගෙන කිසිදු හෝ බලාපොරොත්තුවක් නොමැති බවත් එවැනි දෙයක් සිදු කිරීමට සිහිනෙන්වත් හෝ කල්පනා කර නොමැති බවත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසනවා. ආරක්ෂාවට තර්ජනයක් වන ලෙසින් පොදු ස්ථානවල මුහුණු…

corona

අවදානම් ග්‍රාම නිලධාරී වසම් සඳහා කොවිඩ් එන්නත්කරණය හෙට

කොවිඩ් අවදානම් සහිත ග්‍රාම නිලධාරීන් වසම් ආශ්‍රිත එන්නත්කරණ කටයුතු හෙට (26) සිට ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය. මේ අතර ඉන්දියාවෙන් ඇණවුම් කළ කොවිඩ් එන්නත් ලක්ෂ 5ක් අද (25) දිවයිනට ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළාය. පසුගිය ජනවාරි 28 වැනි දා ඉන්දියාවේ ප්‍රදානයක් ලෙස ලැබුණු කොවිඩ් එන්නත මේ වනවිට…

රංජන්‌ ගැන අලුත් තීන්දුවක්

රංජන්‌ ගැන අලුත් තීන්දුවක්

බන්ධනාගාර ගත කර සිටින රංජන් රාමනායක මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් ඔහු තනි සිරමැදිරියක රැදවීමට කටයුතු කළ බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි. ගාල්ල බූස්ස අධි ආරක්ෂක බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ අඟුණකොළපැලැස්සෙ බන්ධනාගාරයේ රඳවා සිටින රන්ජන් රාමනායක මහතාට අනෙක් සිරකරුවන් සමඟ මිශ්‍රව සිටින විට…

saliya-pires

ජනාධිපති නීතිඥ සාලිය පිරිස් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස තේරී පත්වේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 26 වන සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ සාලිය පිරිස් තේරී පත්වුවා. ඒ ඊයේ පැවති ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මැතිවරණයෙන් ජන්ද 5162ක් ලබා ගනිමින්. ඔහු සමග එම ධුරය සඳහා තරග කළ ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා හට ලබා ගැනීමට හැකිවුයේ ජන්ද 2807ක් පමණයි.

busstand

පුලියන්කඩවල ජනතාවට බස් රථයක් නොමැතිවිමේන් දුෂ්කරතා

හොරොව්පොතාන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පුලියන්කඩවල ගම්මානයේ ජනතාවට හා පාසල් සිසු දරුවන්ට කහටගස්දිගිලි නගරයට යෑම සදහා දශක දෙකක කාලයක් තිස්සේ බස් රථයක් නොමැතිවිමේන් දුක්විදිනා බව එම ගම්මානයේ ජනතාව පැවසූහ. පාසල් සිසුන් ප්‍රතිකාර සදහා රෝහල් වලට යන ජනතාව හා වෙනත් දෛයිනික අවශ්‍යතා සදහා නගරයට යන්නන් මේ හේතුවෙන් දැඩි පීඩාවකට පත්වි සිටින බවත් පුලියන්කඩවල ගම්මානයේ සිට ගුරුගල්හින්න හංදියට…

manawa

මානව හිමිකම් කවුන්සලයේදී අමෙරිකාව ලංකාව ගැන කතා කරයි

ශ්‍රී ලංකාවේ අතීත හිංසාවන්ට වගවීමක් නොමැතිකම ඇතුළුව මෙම සැසියේ යෝජනාවලට සහය දෙන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය දිරිමත් කරන බව අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බිලින්කෙන් මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ, මානව හිමිකම් කවුන්සිලය අමතමිනි. අමෙරිකාව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සියල සමග යළි එක්වන බව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙහිදී කියා සිටියේ ය.