rt-pcr

කොවිඩ් ආසාදිත සිසුන්ගේ පවුල්වල සමාජිකයන් පි. සි. ආර්. පරික්ෂාවන්ට

හැටන් හයිලන්ඩ් විදුහලින් හමුවු කොවිඩ් ආසාදිත සිසුන් තිදෙනාගේ පවුල්වල සමාජිකයන් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කර එම පිරිස් ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගත් බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක එස්. බාලක්‍රිෂ්නන් මහතා පවසයි. හැටන් හයිලන්ඩ් විදහලින් හමුවු කොවිඩ් ආසාදිත සිසුන් මේ වන විට කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යැවිමට පියවර ගෙන ඇති බවත්…

සුරක්ෂිත විදේශ රැකියාවක් වෙනුවෙන් අවබෝධතා ගිවිසුමක්

සුරක්ෂිත විදේශ රැකියාවක් වෙනුවෙන් අවබෝධතා ගිවිසුමක්

ජනාධිපතිතුමාගෙ සෞභාග්‍යයේ දැක්ම ජාතික ප්‍රතිපත්ති රාමුව අනුව නිපුණතා සහිත විදේශ රැකියා බලකායක් බිහිකර, සුරක්ෂිත විදේශ රැකියාවකට යොමු කිරීම වෙනුවෙන් ජාත්‍යන්තරව පිළිගත් සුදුසුකම් සහිත සහතිකපත් ඇති පුහුණු ශ්‍රමිකයන් විවිධ රැකියා ක්ෂේත්‍රයන්ට යොමු කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යංශය හා විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යංශය  අවබෝධතා ගිවිසුමකට…

පෙළ පොතට අපරාධ නීතිය

පෙළ පොතට අපරාධ නීතිය

පාසල් අධ්‍යාපනය සඳහා අපරාධ නීතිය ඇතුළත් කිරීම පිළිබඳ යෝජනාවක් අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ, අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (10 වැනිදා) පැවැති අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේදී ඉදිරිපත් වී තිබේ. අපරාධ නීති පද්ධතිය ප්‍රතිසංවිධානය කිරීමට සමගාමීව ළමයින් සම්බන්ධව පනවන නීතිරීති සංශෝධනය කිරීමට මෙහිදී යෝජනා වී ඇතැයි අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි. අධිකරණ කටයුතු පිළිබඳව වූ…

අනුරාධපුර රෝහලේ කනිෂ්ඨ සේවකයන් සේවා වලින් ඉවත් වෙයි

අනුරාධපුර රෝහලේ කනිෂ්ඨ සේවකයන් සේවා වලින් ඉවත් වෙයි

රජයේ රැකියා ලක්ෂයට අනුව අනුරාධපුර ශික්ෂන රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයට අඩු සුදුසුකම් ඇති 50දෙනෙකු යොමු කිරීමට විරෝධය පලකරමින් ශික්ෂණ රෝහලේ සේවයේ නියුතු කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවක සේවිකාවන් විශාල පිරිසක් අඛණ්ඩ දෙවැනි දිනයට ඊයේ (10දා)සේවයට වාර්ථා නොකරමින් අත්‍යවශය සේවා වලින් ඉවත්වි විරෝධතාවක නිරතවූහ. වැඩ වැරුමට ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමය ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා…

sumathra

සුමාත්‍රා දූපත ආසන්නයේ භූ චලනයක්

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආශ්‍රිතව ඒකක 6.2 ක භූ කම්පනයක් හටගෙන තිබෙනවා. අමෙරිකානු භූ කම්පන නිරීක්ෂණ මධ්‍යස්ථානය සදහන් කළේ ඒ හේතුවෙන් සුනාමි අවදානමක් හටගැනීමේ හැකියාවක් නොමැති බවයි. එම භූ චලනය නිසා ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් ඇති නොවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ටයිටෑන් වාලම්පුරියක් සමග පුද්ගලයකු අත්අඩංගුවට

ටයිටෑන් වාලම්පුරියක් සමග පුද්ගලයකු අත්අඩංගුවට

ටයිටෑන් වර්ගයේ දුර්ලභ ගණයේ වාමාවෘත විශේෂ වාලම්පුරියක් රුපියල් කෝටි දෙකකට අලෙවි කිරීම සඳහා මාතලේ, රජවැල්ල ප්‍රදේශයේ සිට කොළඹ ගාලුමෝදර පිටිය ප්‍රදේශයට රැගෙන ආ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය පැවසීය. බලපත්‍ර නොමැතිව වාලම්පුරියක් කෝටි දෙකකට මුදලකට විකිණීම සඳහා පුද්ගලයකු ගාලුමෝදර ප්‍රදේශයට පැමිණෙන බවට කොළඹ පිහිටි නාවික හමුදා බුද්ධි අංශ…

keheliya

මාධ්‍යවේදීන්ටත් කොරෝනා එන්නත

ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍යවේදීන් සඳහා කොරෝනා මර්දන එන්නත කඩිනමින් ලබා දෙන්නැයි ,කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ඉල්ලීමක් කර තිබෙනවා. නිවැරදි තොරතුරු ජනතාවට ලබා දීමට ඉදිරිපෙළ කණ්ඩායමක් වශයෙන් ඉටු කරන කාර්යභාරය අඛණ්ඩව ඉටු කිරීම සඳහා එන්නත ඔවුන්ට ලබා දීමට යෝජනා කළ බව අමාත්‍යවරයා සඳහන් කරනවා. එමෙන්ම අමාත්‍යවරයා සඳහන් කරන්නේ මාධ්‍යවේදීන්ට අදාළ එන්නත ලබාදීමේ…

coronavirus news

සිසුන් හා ගුරුවරුන් 81 නිරෝධානයට

බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් පාසල් සිසුවකු ඇතුළු කොවිඩ් ආසාදිතයන් 06 දෙනකු හමුවිමත් සමග එම සිසුවා අධ්‍යාපනය හදාරන බගවන්තලාව හෝලි රෝසරි විදුහලේ සිසුන් පිරිසක් ගුරුවරුන් පිරිසක් ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගත බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක කේ. ගනේෂන් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු ගනේෂන් මහතා පවසන ලද්දේ බගවන්තලාව…

ගම්පහ වෙළෙදසැල් කිහිපයක් වසා දමයි

ගම්පහ වෙළෙදසැල් කිහිපයක් වසා දමයි

කොරෝනා රෝගීන් වැඩි වශයෙන් වෙළෙදසැල් ආශ්‍රිතව හමුවීම හේතු කොටගෙන ගම්පහ නගරයේ පිහිටි වෙළෙදසැල් කිහිපයක් වසා දැමීමට පියවර ගන්නා බව ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතා සඳහන් කළේය. ඉකුත් දින 04 තුලදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 280ක් පමණ සිදු කර තිබෙන අතර එයින් 58 දෙනෙක් ආසාදිතයින් ලෙස හඳුනා ගත් බව නගරාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

තවත් 975කට කොරෝනා – දිනක වැඩිම ආසාදිත ප‍්‍රමාණය වාර්තා වෙයි

තවත් 975කට කොරෝනා – දිනක වැඩිම ආසාදිත ප‍්‍රමාණය වාර්තා වෙයි

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 975 දෙනෙකු වාර්තා වී තිබේ. එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 71,201 දක්වා ඉහළ යයි. කොරොනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලය 05 දෙනෙකු මරණයට පත් වී තිබේ. ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 370 දක්වා ඉහළ යයි.