රන්ජන්ට සිර දඩුවම්

රන්ජන්ට සිර දඩුවම්

අධිකරණයට අපහාස කිරීමේ වරදට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට අද දින ශ්‍රේෂ්ඨාධිකරණය මගින් වසර 4ක් සිර දඩුවම් නියම කෙරුණි. අධිකරණ විනිශ්ච්‍යකාරවරුන් හා නීතිඥ වෘත්තිකයන් අපහාසයට ලක් කල බවට ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කල පැමිණිල්ලක් ශ්‍රේෂ්ඨාධිකරණය විභාග කිරීම පසු ගිය කාලය පුරා සිදු වුනු අතර එකී විභාගයේ තීන්දුව අද දින ලබා දෙනු ලැබිණි.

යතුරු පැදි අනතුරකින් ගුරුවරයකු මරුට

යතුරු පැදි අනතුරකින් ගුරුවරයකු මරුට

වලස්මුල්ල ජූලම්පිටිය මහා විද්‍යාලයේ ක්‍රිඩා ගුරුවරයෙකු  ජූලම්පිටිය ,කටුවන මාර්ගයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී අනතුරකට ලක්ව මිය ගිය බව මිද්දෙනිය පොලීසිය පවසයි. අනතුරෙන් මිය ගොස් ඇත්තේ වලස්මුල්ල මහයායේ පදිංචිව සිටි 29 වැනි වියේ පසු වූ අයෙකි. ඉකුත් 10 වැනි දින රාත්‍රී මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසයි.මිය ගිය ගුරුවරයාගේ සිරුර ප්‍රදේශවාසීන් විසින් දැක ඇත්තේ පෙරේදා…

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාධිතයන් 107දක්වා ඉහළට

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාධිතයන් 107දක්වා ඉහළට

කොවිඩ් 19 දෙවන රැල්ල ආරම්භයත් සමග අනුරාධපුර දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාධිතයන් ප්‍රමාණය ඊයේ (11දා) වනවිට 107දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි. වව්නියාව රෝහලට යොමුකළ කැබිතිගොල්ලෑවේ පදිංචි පිරිවෙන් අධ්‍යාපනය ලැබූ සිසුවෙකු හා අනුරාධපුර පුබුදුපුර ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ දෙදෙනෙකුට කොවිඩ් ආසාධනයවි ඇති බව එම ඒකකය සදහන් කරයි.පෙරේදා (10දා)දිනයේ රෝගින් 105 වශයෙන් සදහන්වූවත්…

Man arrested for bulldozing reserve

රක්ෂිතයක් ඩෝසර් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

රජය මගින් පුරාවිද්‍යා රක්ෂිතයක් බවට ගැසට්කර තිබෙන ගල්කිරියාගම මහහුරුල්ලෑව බිම ඩෝසරක් යොදාගෙන එළිපෙහෙලි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව මේ මස (21දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරනා ලෙස කැකිරාව දිසා මහෙස්ත්‍රාත් යූ.එස්.කේ.කේ වැරණියගොඩ මහතා නියෝග කළේය. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණේ අංක 20 කැප්පෙටියාපොල ලිපිනයේ පදිංචි ඩෝසර් යන්ත්‍ර රියදුරෙකු වන ආර්.එම්.ජී චන්ද්‍රසිරි නැමත්තායි.සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයයට…

deathbody

කොරෝනා මරණ සංඛ්‍යාව 240 ක් දක්වා ඉහළට

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 240 දක්වා ඉහළ ගියේය. ඒ, ඊයේ තවත් කොරෝනා මරණ 8ක් තහවුරු වීමත් සමගිනි. ඊයේ දිනයේ දී හඳුනා ගැණුනු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 568 කි. ඒ සමගම මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 48,949 ක් දක්වා ඉහළ ගියේ ය. ඉන් 6626 දෙනෙකු මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 42,091 කි.

සිසුන්ගේ හා ගුරුවරුන්ගේ පැමිණීම හොද මට්ටමක

සිසුන්ගේ හා ගුරුවරුන්ගේ පැමිණීම හොද මට්ටමක

නව වර්ෂයේ පාසල් ආරම්භ කිරිම අද 11වන දින සිදුවු අතර එම පාසල් ආරම්භයත් සමග හැටන් අධ්‍යාපන කලාපයේ සිසුන්ගේ හා ගුරුවරුන්ගේ පැමිනිම හොද මට්ටමක පවතින බව හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පි. ශ්‍රිධරන් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු පි. ශ්‍රිධරන් මහතා පවසන ලද්දේ හැටන් අධ්‍යාපන කලාපයේ පාසල් 150ක් පවතින බවත් එයින් පාසල් 149ක් අද…

දෙමටගොඩ නිදහස් වෙද්දි බොරැල්ලේ පොලිස් වසම් තුනක් හුදකලා වෙයි

දෙමටගොඩ නිදහස් වෙද්දි බොරැල්ලේ පොලිස් වසම් තුනක් හුදකලා වෙයි

බොරැල්ල පොලිස් වසමේ ප්‍රදේශ තුනක් මේ මොහොතේ සිට හුදකලා කිරීමට තීරණය කර ඇතැයි කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.  ගෝතමීපුර නිවාස යෝජනා ක්‍රමය, 24 වත්ත (ගෝතමීපුර), 78 (ගෝතමීපුර) යන ප්‍රදේශ මෙසේ හුදකලා කෙරේ. මේ අතර කොරෝනා ව්‍යාප්තවීමේ අවදානම හේතුවෙන් මේ වන විට හුදකලා කර ඇති ප්‍රදේශ කිහිපයක් අද(11) උදෑසන…

closed walkatha

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයිමේ මධ්‍යස්ථානයක් වසාදමයි

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයිමේ මධ්‍යස්ථානයක සේවයේ නියුතුවූ මිහින්තලය රජරට විශ්ව විද්‍යාලයේ ආචාර් යවරයෙකුගේ ආශ්‍රීතයන් සිවුදෙනෙකුට කොවිඩ් 19 වෛරසය වැලදි ඇති බවට තහවුරුවීම නිසා පිළිතුරු පත්‍ර ඇගයිමේ මධ්‍යස්ථානය තාවකාලිකව වසදැමීමට  පියවර ගෙන තිබේ. උසස් පෙළ තාක්ෂනවේදය සදහා විද්‍යාව විෂය පිළිතුරු පත්‍ර ඇගයිමේ මධ්‍යස්ථානය මෙසේ වසාදමා ඇති අතර ඒ හේතුවෙන් තවත් පිළිතුරු පත්‍ර ඇගයිමේ මධ්‍යස්ථාන පහක…

weather

මධ්‍යම කදුකරයේ කාලගුණය අයහපත්

මධ්‍යම කදුකරයේ හැටන් ආශ්‍රිත ප්‍රදේශයන්ට පවතින අයහපත් කාලගුණික තත්වයන් මත හැටන් ප්‍රදේශයේ විටින් විට මද වැසි සමග දැඩි මීදුම් තත්වයන්ද පවති. හැටන් කොළඹ මාර්ගයේ හා හැටන් නුවරඑළිය මාර්ගයේ ස්ථාන කිපයකම විටින් විට දැඩි මීදුම් තත්වයන් පවතින බැවින් එම මාර්ගවල විවිධ රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක්ද පවතින බව හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලදි. මෙම මාර්ග…

coronadead

මෙරට කොරෝනා මරණ ගණන 229ක් දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 229ක් දක්වා ඉහළ ගොස් තිබේ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 47,840ක් බවත් ඉන් දැනට රෝහල් ගතව සිටින සංඛ්‍යාව 6,773ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙන්නේ. මේ වන විට වෛරසය…