curfew

ගොතටුව සහ මුල්ලේරියාවටත් ඇඳිරිනීතිය

අද (24) රාත්‍රි 7.00 සිට ගොතටුව සහ මුල්ලේරියාව යන පොලිස් බලප්‍රදේශවලට ද නිරෝධායන ඇඳිරිනීතිය පැනවා ඇත. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව සඳහන් කරන ලදී.

GMOA – Government Medical Officers' Association

දිස්ත්‍රික්ක 05ක් වහාම වසා දමන්න – GMOA රතු නිවේදන නිකුත් කරයි

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් ඇති දිස්ත්‍රික්ක 5ක් සම්බන්ධයෙන් ආණ්ඩුව ඉක්මන් තීරණයක් ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. ගම්පහ, කොළඹ, කළුතර, කුරුණෑගල, කෑගල්ල යන දිස්ත්‍රික්ක පහ කේන්ද‍්‍රව මේ වන විට වෛරස් ව්‍යාපෘති සිදුවෙමින් ඇතැයි සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි. එම නිසා මෙම දිස්ත්‍රික්ක පහ වහාම වසා…

death

පහළොස්වන කොරෝනා මරණය වාර්තා වේ

තවත් කොරෝනා රෝගියෙක් මරණයට පත්ව තිබෙනවා. ඒ, කුලියාපිටිය, උණලීය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙක්. කුලියාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටියදී මෙම මරණය සිදුව තිබෙනවා.හදවතේ ඇතිවූ සංකුලතා මරණයට හේතුවී ඇති බවයි වාර්තා වන්නේ.

train

මරදාන සහ දෙමටගොඩ දුම්රිය ස්ථානවල දුම්රිය නොනවත්වා ධාවනය කෙරේ

මරදාන සහ දෙමටගොඩ දුම්රිය ස්ථානවල දුම්රිය නැවැත්වීමක් සිදුනොවන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී.එස්.පොල්වත්තගේ මහතා පවසයි. මුහුදු බඩ මාර්ගයේ කටුකුරුන්ද සහ බෙන්තොට අතර දුම්රිය ස්ථානවලද දුම්රිය නැවැත්වීමක් සිදුනොවන බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පැවසීය.  

දිපවාලී සමයේ නුවරඑළිය දිස්ත්‍රික්කයට නිරෝධාන ඇදිරි නිතිය දමන්න

දිපවාලී සමයේ නුවරඑළිය දිස්ත්‍රික්කයට නිරෝධාන ඇදිරි නිතිය දමන්න

කොවිඩ් 19 වසංගතය නැවත ඉස්මතුවිමත් සමග 2020 වර්ෂයේ හැටන් නගරයේ දිපවාලි උත්සව තාවකාලික වෙලදාම් සියල්ල තහනම් කිරිමටත් දිපවාලී සමයේ නුවරඑළිය දිස්ත්‍රික්කයට නිරෝධාන ඇදිරි නිතිය දැමිමට යුධ හමුදාපතිගෙන් ඉල්ලා සිටිමටද හැටන් දික්ඔය නගර සභාව මගින් 23වන දින තිරණය කරන ලදි. එම නගර සභාවේ ස‍භාපති එස්. බාලචන්ද්‍රන් මහතා නගර සභා රැස්විමේදි පවසන ලද්දේ දිපවාලී උත්සව සමය නිමිති…

curfew

නැවත දැනුම් දෙන තුරු මරදාන දෙමටගොඩට ඇඳිරි නීතිය

වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු කොළඹ දිස්ත්‍රික්කයේ මරදාන සහ දෙමටගොඩ පොලිස් බල ප්‍රදේශවලට නිරෝධයන ඇඳිරි නීතිය පනවා ඇතැයි‍ කො‍විඩ්-19 ‍වයිරස පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. කළුතර දිස්ත්‍රික්කයේ පයාගල, බේරුවල සහ අලුත්ගම යන පොලිස් බල ප්‍රදේශවලටද ලබන සඳුදා (26) උදෑසන 5.00 වන තෙක් නිරෝධයන ඇඳිරි නීතිය පනවා ඇතැයි‍ එම නිවේදනයේ  සඳහන්…

කොස්ගමින් පැනගොස් බොරැල්ලේදී හමුවූ ආසාදිතයා ආගිය තැන්

කොස්ගමින් පැනගොස් බොරැල්ලේදී හමුවූ ආසාදිතයා ආගිය තැන්

කොස්ගම ප්‍රාදේශීය රෝහලෙන් පලා ගිය කොවිඩ් ආසාදිත තරුණයා ආ ගිය තැන් පිලිබඳ තොරතුරු අනාවරණය කරගෙන තිබේ. ඔහු අද අලුයම රෝහලෙන් පිට වී කොළඹ අවිස්සාවේල්ල මාර්ගයට පැමිණ ඇත. දුර ගමන් බසයක නැගී ඔහු ඔරුගොඩවත්ත බලා පැමිණ ඇති අතර ඉන් පසුව පා ගමනින් සිය නිවෙස පිහිටි සේදවත්තට පැමිණ ඇත. මීට අමතරව ඔහු පාපැදියකින් බොරැල්ල සහස් පුරයට පැමින…

corona-outbreak

කොවිඩ් තත්ත්වය ගැන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

රට තුළ මේ වනවිට පවතින කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය සෞඛ්‍ය අංශවලට පාලනය කරගත නොහැකි මට්ටමක නොවන නමුත් වත්මන් තත්ත්වයේදී සමාජය වඩාත් අවධානයෙන් ක්‍රියාකළ යුතු බව සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් සිදුකරති. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ පරිශ්‍රයේ අද (23) පස්වරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මේ බව සඳහන් කළේය….

coronavirus news

කොවිඩ් ආසාදිතයින් 609ක් වාර්තා වෙයි

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 609ක් වාර්තා වූ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා. මෙලෙස වාර්තා වූ ආසාදිතයින් ගෙන් පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණයට සම්බන්ධ ආසාදිතයින් 496ක් ද සිටින බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ. ඊට අමතරව ගාල්ල ප්‍රදේශයෙන් ආසාදිතයින් 5 දෙනෙක් ද, බේරුවල ප්‍රදේශයෙන් 20ක් ද සිටිනවා. නිරෝධායන මධ්‍යස්ථාන වලින් ආසාදිතයින්…

ලොව පුරා රටවල් 27ක මහා සාගත තත්වයක්
|

ලොව පුරා රටවල් 27ක මහා සාගත තත්වයක්

කොරෝනා වසංගතයට පෙර ලොව මිලියන 690ක පිරිසක් ආහාර හිඟකමින් පෙළුණු බවත් වසංගතයෙන් පසු කාලයේදී තවත් මිලියන 132 ක පිරිසක් එම සංඛ්‍යාවට එකතු වී ඇති බවයි. අප්‍රිකානු මහාද්වීපයේ බුර්කිනාවේ හා නයිජීරියාවේ දුප්පත්කම 73% කින් ඉහල ගොස් ඇතිබවත් විශේෂයෙන් බුර්කිනාව ඉතා දරුණු සාගතයකින් පිඩා විඳීමට ඉඩ ඇති බව එම සංවිධායනය පවසයි. අසල්වැසි බංගලාදේශයද ඇතුළුව ලෝකයේ රටවල් 27ක…