curfew

ගම්පහට අද සවස 6 සිට ඇඳිරි නීතිය

ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද පස්වරු 6.00 සිට යලි දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා. මිට අමතරව දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශයන්ට ද පනවා තිබෙන ඇඳිරි නිතිය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මකයි.

කොරෝනා ආසාදිතයින් ගණන 569 දක්වා ඉහලට

කොරෝනා ආසාදිතයින් ගණන 569 දක්වා ඉහලට

මිනුවන්ගොඩ බ්‍රෑන්ඩ්ක්ස් කර්මාන්ත ශාලාවේ සේවය කරන තවත් සේවක සේවිකාවන් 246 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණ වලදී හෙළිවී ඇති බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා. ඒ අනුව මේ බ්‍රැන්ඩික්ස් පොකුර හේතුවෙන් ආසාදනය වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 569ක් වනවා.

coronavirus news

මහර, මීරිගම, සීදූව, කටාන සහ ජා ඇළ ආසාදිතයින් හමුවෙයි

මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්තශාලාවේ නිවාඩු ගොස් සිටින කාර්යය මණ්ඩල සාමාජිකයින් 32 දෙනෙකුට ද නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි මේවනවිට තහවුරු වී තිබෙනවා. එම ආසාදිතයින් 32 දෙදෙනා අතර මිනුවන්ගොඩ ප‍්‍රදේශයෙන් හමුවූ ආසාදිතයින් 18 දෙනෙකු, මීරිගම ප‍්‍රදේශයේ ආසාදිතයින් 03 දෙනෙකු, කටාන ප‍්‍රදේශයේ ආසාදිතයින් දෙදෙනෙකු, දිවුලපිටිය ප‍්‍රදේශයේ ආසාදිතයින් දෙදෙනෙකු, ජා ඇළ, සීදූව හා මහර යන ප‍්‍රදේශවලින් එක් ආසාදිතයෙකු…

මාතලේ සහ මහඔය කොරෝනා ආසාදිතයන් හමුවේ

මාතලේ සහ මහඔය කොරෝනා ආසාදිතයන් හමුවේ

මාතලේ ප්‍රදේශයෙන් ද කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී ඇත. මාතලේ මහවෙල පදිංචි ඔහු බ‍්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ කළමනාකරුවෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකි. මාතලේ මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දී සිදු කළ පරීක්ෂණ වලදී ඔහුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත. මේ අතර මහඔය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත ආසාදිතයෙකු හමු වී තිබේ. මහවැව සෞඛ්‍ය සේවා වෛද්‍ය නිලධාරියා සඳහන්…

වනරාජ ප්‍රදේශයේ මාර්ගය මඩවගුරක්

වනරාජ ප්‍රදේශයේ මාර්ගය මඩවගුරක්

වනරාජ ඉහල කොටසේ හා ලක්ෂ්මි පුරම් ප්‍රදේශයන්වල ජනතාවට නිසි ලෙස මාර්ග පහසුකම් නොමැති විමෙන් එම ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම ප්‍රදේශවල පවුල් 150ක් පමන ජිවත් වන අතර මොවුන්ට ගමන් කිරිම සදහා සිදු ඇත්තේ අබලන් වල් බිහිවුන මාර්ගයකින් හා ඇල මාර්ගයක් හරහා විමත් සමග එම ජනතාව මෙසේ විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ පිලිබදව අදහස්…

coronavirus news

මුහුදු ආරක්ෂකයින් දෙදෙනකුට කොරෝනා

ගාල්ල දෙවට ප්‍රදේශයේ පිහිටි හෝටලයක   පවත්වාගෙන යන නිරෝධායන  මධ්‍යස්ථානයක   සිටි ඉන්දියානු ජාතික මුහුදු ආරක්ෂකයින් තිදෙනෙකුට කොරෝනා වෛරස ආසාදනය වී ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංහාරච්චි මහතා පවසයි . පසුගිය 29 වැනිදින ඉන්දියානු ජාතික මුහුදු ආරක්ෂකයින් 14 දෙනෙකු මෙරටට පැමිණ ඇත. ඔවුන්ට සිදුකල පළමු පි. සි.ආර්. පරික්ෂණයේ දි ඉන් එක්…

coronaupdates

තවත් 220කට කොරෝනා

තවත් කොරෝනා ආසාදිතයින් 220 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔවුන් දිවුලපිටියේ කොරෝනා ආසාදිත කාන්තාව සේවය කරන මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ පුද්ගලයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය. මේ අනුව බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ ඇතිවූ රෝගී පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 321ක් දක්වා ඉහළ ගොස් ඇත.

හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ මර උගුලක්

හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ මර උගුලක්

හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ පවතින මර උගුලක් හේතුවෙන් එම ස්ථානයෙන් ගමන් කරන පුද්ගලයන් විවිධ අනතුරුවලට ලක් විමේ අවදානමක් හට ගෙන ඇත. හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ කාණු පද්දතියට දමා ඇති කොන්ක්‍රට් ආවරණයේ එක් ස්ථානයක් කැඩි ඇති අතර එම ස්ථානයට යකඩ තහඩුවක් දැමිමත් සමග මෙම තත්වයන් උදාවී ඇත. මේ පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ ජනතාව පවසනුයේ මෙම ස්ථානයේ කැඩි ඇති…

දිවුලපිටිය බ‍්‍රැන්ඩික්ස් සිට ගිය පුද්ගලයන් රට පුරා

දිවුලපිටිය බ‍්‍රැන්ඩික්ස් සිට ගිය පුද්ගලයන් රට පුරා

දිවුලපිටියේ බැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවිකාවන් 1500කට ආසන්න පිරිසක් සම්බන්ධයෙන් සිදු කරන ලද කොරෝනා පරීක්ෂණ වාර්තාවන් ඉදිරි පැය 72දී ලැබෙන නිසා එම කාලය තීරණාත්මක බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. එම කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන පුද්ගලයන් මුණගැසීමට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් බොහෝ පුද්ගලයන් පැමිණ තිබෙන බවත් මෙම පරීක්‍ෂණ ප‍්‍රථිපල සමග නිශ්චිත අදහසක් ගත…

දිවුලපිටියේ ආසාදිතයාගේ ආශ්‍රිතයෙකු මොණරාගල

දිවුලපිටියේ ආසාදිතයාගේ ආශ්‍රිතයෙකු මොණරාගල

දිවුලපිටියෙ කොරෝනා ආසාදිත වූ කාන්තාවගේ ආශ්‍රිතයෙකු මොණරාගල ප්‍රදේශයට පැමිණ ඇතැයි වාර්තා වෙයි. මෑත දිනෙක ඔහු නිවාඩු ලබා මොණරාගල ප්‍රදේශයට පැමිණ ඇති අතර ඇය මොණරාගල බස්නැවතුම්පොළ, ඉරිදා පොළ, කච්චේරි හන්දිය ආශ්‍රිතව සැරිසරා ඇත. මේ වන විට ඇය කොරෝනා පරීක්ෂණ සඳහා රෝහල් ගත කර තිබේ.