මහනුවරින් රත්නපුරෙන් ආසාදිතයන් හමුවේ

මහනුවරින් රත්නපුරෙන් ආසාදිතයන් හමුවේ

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙක් ලෙස කටයුතු කරන මහනුවර කුණ්ඩසාලේ ප්‍රදේශයේ පදිංචි යුද හමුදා මේජර්වරයෙකුට ද කොවිඩ් නයින්ටීන් රෝගය වැළදී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පවසයි. අදාළ නිලධාරියාගේ බිරිඳ කුණ්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලයේ සේවය කරන අතර ඇය ඇතුළු ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා යොමුකර ඇති බව වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා සඳහන් කළේය. රත්නපුර…

covid infections today

තංගල්ලේ ආසාදිතයා නගරය පුරා සැරිසරලා

කොරෝනා ආසාදිත වූ පුද්ගලයෙක් තංගල්ල පට්ටියපොල ප්‍රදේශයෙන් හඳුනාගෙන තිබේ. ඔහුට සමීපව කටයුතු කළ ඥාතීන් ඇතුළු 07 දෙනෙකු සහ වෙළඳසැල් 2ක හිමිකරුවන් ද 12 නිරෝධායනයට ලක් කර තිබේ. ඔහු නගරය පුරා සැරිසරා ඇති බවද සදහන් වේ.

කොරෝනා උණවටුන දුම්රිය ස්ථානය වසා දමයි

කොරෝනා උණවටුන දුම්රිය ස්ථානය වසා දමයි

උණවටුන දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු සමඟ සමීප සබඳතා පැවැත්වීම හේතුවෙන් එම උප දුම්රිය ස්ථානය තාවකාලිකව වසා දමා තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ දුම්රිය ස්ථානය අද (13) පෙරවරුවේ විෂබීජහරණයට ද ලක් කළ බවයි. මේ අතර අදාළ ස්ථානාධිපතිවරයා පී.සී.ආර් පරීක්ෂණයට යොමු කළ ද, ඔහු ආසාදිතයෙකු නොවන බවට මේ වන විට තහවුරු වී ඇති බව උණවටුන…

ක්‍රීඩාවේ දූෂණ වංචා වැළැක්වීමේ පනත ගෙන ආවේ එ.ජා.ප පාලන සමයේ දීයි

ක්‍රීඩාවේ දූෂණ වංචා වැළැක්වීමේ පනත ගෙන ආවේ එ.ජා.ප පාලන සමයේ දීයි

ක්‍රීඩාවේ දූෂණ වංචා වැළැක්වීමේ පනත ගෙන එන ලද්දේ මහින්ද  රාජපක්ෂ පාලන සමයේදී නොව ඉකුත් එක්සත් ජාතික පක්ෂ පාලන සමයේ දී යැයි  හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. වසර දහයක්  රට පාලනය කළ මහින්ද රාජපක්ෂ පාලනයට එම පනත ගෙන ඒමට හැකියාවක් නොලැබුණු බවත් ඔවුන් සිදු කළේ සාකච්ඡා කිරීම පමණක් යැයි කටුගස්තොට නවයාලතැන්න දී පැවති ජන හමුවකදී…

වලංගු මුද්දර නොමැතිව මැතිවරණ ලිපි ඡන්ද දායකයින්ට බෙදාහැරිමට සූදානම් වෙද්දි මාට්ටු වෙයි

වලංගු මුද්දර නොමැතිව මැතිවරණ ලිපි ඡන්ද දායකයින්ට බෙදාහැරිමට සූදානම් වෙද්දි මාට්ටු වෙයි

අනුරාධපුර ප්‍රධාන තැපල් කාර්යාලයේ නිලධාරින් දෙදෙනෙකු විසින් ලිපි යැවීමට වලංගු මුද්දර නොමැතිව මැතිවරණ ලිපි තොගයක් ඡන්ද දායකයින්ට බෙදාහැරිමට සූදානම් වන බවට ලැබුණු පැමිණිල්ලකට අනුව අනුරාධපුර දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරියටතේ ක්‍රියාත්මක මැතිවරණ පැමිණිලි විමර් ශන පොලිස් ඒකකය අනුරාධපුර ප්‍රධාන තැපල් කාර්යාලය  වටලා තිබේ. පසුගිය දින කිහිපයේම නිලධාරින් දෙදෙනෙකු ඔවුන්ගේ හිතවතෙකු වන අපේක්ෂයෙකුගේ මැතිවරණ ප්‍රචාරක ලිපිතොගයක් නොමිලයේ බෙදා…

ශ්‍රීලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයකට ගල් ප්‍රහාරයක්

ශ්‍රීලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයකට ගල් ප්‍රහාරයක්

අනුරාධපුර ශික්ෂන රෝහලේ සිට පොළොන්නරුවට කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයින් ප්‍රවාහනය කරමින් තිබු ශ්‍රීලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයකට ගල් ප්‍රහාරයක් එල්ලකර රජයේ දේපලවලට අලාභ හානි සිදුකල පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනිම සදහා තිරප්පනය පොලිසියේ අපරාධ විමර් ශන අංශය  පරික්ෂනයක් ආරම්භකර තිබේ. අනුරාධපුර ගල්කුලම ප්‍රධාන මාර්ගයේ ධම්මදින්න මහ විද්‍යාලය ආසන්නයේදි  යතුරු පැදියකින් පැමිණි තරුණයෙකු විසින් එල්ලකල ගල්…

covid infections and deaths

කන්දකාඩු මධ්‍යස්ථානයෙන් වාර්තා වන ආසාධිතයන් ප්‍රමාණය ඉහළට

මත් ද්‍රව්‍ය පිළිබද වැරදිකරුවන් පුනරුත්ථාපනය කරනු ලබන කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වාර්තා වූ නව කොරෝනා වෛරසය ආසාධිතයන් ප්‍රමාණය ඉහළ යමින් තිබෙන බවත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සාමාන්‍ය සමාජයෙනු ත් මේ වන විට ආසාධිතයින් තිදෙනෙකු හමු වී ඇති බවත් වැඩ බලන ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සරත් ජයසිංහ මහතා පැවසීය. කන්දකාඩු පුනරුත්ථාපන කදවුරේ ‍රැදවූවන් හා එහි රාජකාරි කළ නිලධාරින්…

air

විදෙස්ගත ලාංකිකයින් ගෙන්වීම තාවකාලිකව නවතී

මෙම මස 14 වන දා සිට විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වීම තාවකාලිකව නවතා දමන බව විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පවසයි. නිරෝධායන මධ්‍යස්ථානවල පවතින ඉඩකඩ සීමාසහිත වීම හේතුවෙන් මෙම පියවර ගත් බව අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේය.

කොටගල ක්‍රිඩා පිටියට පිවිසෙන ස්ථානයේ මර උගුලක්

කොටගල ක්‍රිඩා පිටියට පිවිසෙන ස්ථානයේ මර උගුලක්

කොටගල ක්‍රිඩා පිටියට පිවිසෙන ස්ථානයේ පවතින මර උගුලක් හේතුවෙන් එම ක්‍රිඩා පිටියට පැමිනෙන රථ වාහන හිමියන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම ක්‍රිඩා පිටියට පැමිනෙන ස්ථානයේ කානුව හරහා යොදා ඇති යකඩ බට කැඩි ඇති බැවින් එම ස්ථානයෙන් පැමිනෙන රථ වාහන එකි කානුවට වැටිමෙන් විවිධ අනතුරු ඇති විමේ අවදානමක් හට ගෙන ඇත. මෙම තත්වයන් මත තමන් රථ…

කන්දකාඩු මධ්‍යස්ථානයෙන් ආසාධිතයින් 339ක් වාර්තා වෙයි

කන්දකාඩු මධ්‍යස්ථානයෙන් ආසාධිතයින් 339ක් වාර්තා වෙයි

කන්දකාඩු මත්ද්‍රව්‍ය වැරදි පිළිබද ‍රැදවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් තවත් කොරෝනා ආසාධිතයින් 87ක් වාර්තා වී ඇති බවත් මේ වන විට පුද්ගලයින් 339ක් ආසාධිතයින් හමුවී ඇති බවත් හෙතෙම වැඩි දුරටත් පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ(10) සවස අප කළ විමසුමකට පිළිතුරු දෙමිනි. අනුව ඊයේ(10) දිනයේ පමණක් කොරෝනා ආසාධිතයින් 283ක් වාර්තා වූ බව ද හෙතෙම වැඩි දුරටත් පැවසීය….