පිළියන්දල හෝටලයක හිමිකරුවෙක් අභිරහස් ලෙස ඝාතනය කරයි

පිළියන්දල හෝටලයක හිමිකරුවෙක් අභිරහස් ලෙස ඝාතනය කරයි

කැස්බෑව, ගුරුගම්මාන පාරේ පිහිටි සුපිරි තෙමහල් හෝටලයක  හිමිකරු අභිරහස් ලෙස හිසට පහරදී කැපුම් තුවාල සිදුකර නිදියහන මතම ඝාතනය කර සිටියදී හමුවී ඇතැයි පිලියන්දල පොලීසිය පවසයි. මෙලෙස  ඝාතනයට ලක්ව ඇත්තේ පිලියන්දල අංක 25/2/ඩී මුලුගම්මනවත්තපාර. පිළියන්දල යන ලිපිනයේ පදිංචිව සිටි තුඩැල්ල ප්‍රියන්ත  සාගර කුමාර  නම් (51) හැවිරිදී දෙදරු පියෙක්වන බවත් මෙම පුද්ගලයා කෝටිපති ව්‍යාපාරිකයෙක් බවත් සුපිරි හෝටල්…

aresst

හෙරොයින් සමග බැබුන් අත්අඩංගුවට

අපරාධ කල්ලි සාමාජිකයකු වන  නිලංග දාබරේ නොහොත් ‘බැබුන්’ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ ඊයේ රාත්‍රියේ අතුරුගිරිය ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 05ක් ද සොයාගැනීමට හැකිවූ බවයි පොලීසිය පවසන්නේ.

වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියෙකුට කොරෝනා

වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියෙකුට කොරෝනා

වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියෙකු Covid-19 ආසාදිතයෙකු ලෙස තහවුරු කර ගෙන ඇත. රැඳවියා කන්දකාඩුවෙහි පිහිටි මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ සිට ජුනි මස 27 වන දින වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත මාරු කර එවන ලද රැඳවියෙකි. අනෙකුත් ආශ්‍රිතයන් පීසීආර් පරීක්ෂණ සහ නිරෝධායන කටයුතු සිදු කරමින් පවතින අතර, මෙම පරීක්ෂණ සඳහා රිමාන්ඩ් බන්ධනාගාර රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් ද…

anil-jasighe

වෛරසය පාලනය වුවද ව්‍යාප්ත වීම පහව ගොස් නෑ

කොවිඞ් වෛරසය පාලනය වී තිබුණ ද විදේශ රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ගෙන් වෛරසය රට තුළ ව්‍යාප්ත වීමේ අවදානම පහව ගොස් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ඉදිරියටත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ. පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ඉතා කඩිනමින් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත වන බැවින් එහි කටයුතු…

ගම්බද පාසැල් වල සනීපාරක්ෂක පහසුකම් පවත්වාගෙන යාමට ප්‍රතිපාදන නැහැ

ගම්බද පාසැල් වල සනීපාරක්ෂක පහසුකම් පවත්වාගෙන යාමට ප්‍රතිපාදන නැහැ

කොළඹ පාසැල් තුළ සනීපාරක්ෂක කටයුතු නිසි පරිදි ක්‍රියාත්මක වුවද ගම්බද පාසැල් වලට එම කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර නොමැති බවට චෝදනා කෙරේ. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ සනීපාරක්ෂක කටයුතු සම්බන්ධයෙන් කතා කිරීමේදී කොළඹට කිරි ගමට කැකිරි තත්ත්වයක් දැකගත හැකි බවයි. එනම් කොළඹ පාසල් වලට දෑත් සේදීමේ පහසුකම් උපරිමව සපයා…

Mahara prison

මහර බන්ධනාගාරයේ හදිසි සෝදිසි කිරිමක්

මහර බන්ධනාගාරයේ සියලුම සිරමැදිරිය ආවරණය වන පරිදි සිදුකරන ලද හදිසි සෝදිසි කිරිමකදී ක්‍රියා විරහිත ජංගම දුරකථනයක් අත්අඩංගුවට ගත් බව මහර බන්ධනාගාරය පවසයි. සැකකරුවන් රඳවා සිටින අංශයෙන් හමු වු මෙම ජංගම දුරකථනයේ සිම්පතක් ඇතුළත් කර නොතිබු බවද මහර බන්ධනාගාරය සඳහන් කරයි. මහර බන්ධනාගාරයේ සේවයේ නියුතු ජේලර්වරුන් හා නියාමක නිළධාරින් ඇතුළු නිළධාරින් 100 දෙනෙකු යොදවා මෙම හදිසි…

Coronavirus-in-India

කොරෝනා ආසාදිතයෙකු ඉන්දියාවෙන් පලාවිත් මෙරට සැගවෙයි

කොවිඞ් 19 වෛරසය ආසාදිත 28 හැවිරිදි තරුණයෙකු ඉන්දියාවේ තමිල්නාඩුවේ තිරුචි කදවුරෙන් පළාවිත් ඉන්දියාවේ රාමේෂ්වරන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. කොරෝනා ආසාදිත පුද්ගලයා ශ්‍රී ලංකාවට පලා යාම පිළිබඳ ඉන්දීය රහස් පොලීසිය ද දැඩි කනස්සල්ලෙන් පසුවන බවයි වාර්තා වෙයි. ඉන්දියාවේ මේ වන විට ඇදිරිනීතිය ක්‍රියාත්මක වන අතර මෙම  මෙම තරුණයා යාපනය නෙදුන්තීව් දූපතට…

දෙවන අදියර යටතේ 5,11 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අද ඇරඹේ

දෙවන අදියර යටතේ 5,11 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අද ඇරඹේ

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ විශේෂ උපදෙස් හා මගපෙන්වීම් මත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද පිළිපදිමින් අදියර කිහිපයක් යටතේ පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගනු ලැබුවේ ය. එහි පළමු අදියර යටතේ පසුගිය ජුනි මස 29 වැනිදා සිට පාසල් ආරම්භ කරනු ලැබුවේ විදුහල්පතිවරුන්, ගුරුවරුන්, ඇතුළු අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා ය. දෙවන අදියර යටතේ 5, 11, සහ 13…

ජින්තුපිටියේ ආසාදිතයගේ පවුලේ කිසිවෙකුට කොරෝනා නෑ

ජින්තුපිටියේ ආසාදිතයගේ පවුලේ කිසිවෙකුට කොරෝනා නෑ

කොළඹ 13 ජින්තුපිටිය ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයෙකු හමු වීමෙන් පසු නිරෝධායනයට යොමු කරනු ලද පුද්ගලයන් 50 දෙනෙකුට සිදු කරන ලද පරීක්‍ෂණවලදී ඔවුන් ආසාදිතයන් නොවන බව හෙළිවී ඇත. ප‍්‍රදේශයේ එකසිය පනස් තුන් දෙනෙකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථාන වෙත දැනටමත් යොමුකර තිබේ. සෙසු පිරිස් සඳහා ද කොරෝනා පරීක්ෂණ කිරීමට නියමිත බව කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වරයා සඳහන් කළේ ය.

කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට

කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මුල් පෙල පිතිකරු කුසල් මෙන්ඩිස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පානදුර, හොරේතුඩුව ප්‍රදේශයේදී ඔහු විසින් පදවන ලද වාහනයක හැපී පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත. මිය ගොස් අති පුද්ගලයා වයස අවුරුදු 64ක අයෙකි. අනතුර සිදු වීමෙන් පසු කුසල් මෙන්ඩිස් පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.