කොරෝනාවෙන් දෙපා ආරක්ෂා කරගැනීමට විද්‍යුත් පාපිස්සක්
|

කොරෝනාවෙන් දෙපා ආරක්ෂා කරගැනීමට විද්‍යුත් පාපිස්සක්

කොරෝනා වෛරස්  ඇතුළු විෂබීජ වලින් දෙපා ආරක්ෂාකරගැනීම  සඳහා විෂබීජහරණ විද්‍යුත් පාපිස්සක්  නිර්මාණය  කිරිමට  හොරණ  තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයේ ආදි සිසුවෙකු  සමත්ව තිබෙි. ශරීරයේ  සෑම ස්ථානයක්ම විෂබිජහරණය කලහැකි වුවත් පාදවල යටිපතුල් විෂබීජහරණය පහසු නොවෙි.එම නිසා විද්‍යුත්  පාපිස්සක් මගින් එය සිදුකිරිම මෙයින් සිදුවෙි. හොරණ හල්පිට, පින්නකොළහේන පදිංචි තිළිණ ශ්‍රීනාත් ජයන්ත තරුණ මහතා මෙහි නිර්මාණකරු වෙි. කුඩා මෝටරයක්…

අද රාත්‍රී 08 සිට යලි දිවයිනටම ඇඳිරි නීතිය

අද රාත්‍රී 08 සිට යලි දිවයිනටම ඇඳිරි නීතිය

අද රාත්‍රී 08 සිට ලබන සදුදා අලුයම 05 දක්වා දවයිනටම යලි ඇඳිරි නීතිය ක්‍රියාත්මකවනවා. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙක හැර අනෙක් සියලු දිස්ත්‍රික් සඳහා පනවා තිබු ඇඳිරි නීතිය අද අලුයම 5 ට ඉවත් කෙරුණා. කෙසේවෙතත් කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල මැයි මස 18 වන සඳුදා අළුයම 05.00 ට ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු මැයි…

දකුණු බෙංගාල බොක්කට සුළි කුණාටුවක්

දකුණු බෙංගාල බොක්කට සුළි කුණාටුවක්

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන තත්ත්වය එම ප්‍රදේශයේ දීම පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි අතර එය අද(16) දිනයේ දී දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය තුළ දී සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වෙමින් වයඹ දෙසට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එහි බලපෑම හේතුවෙන්…

weather today at my location

පළාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

දකුණ , බස්නාහිර , සබරගමුව හා මධ්‍යම පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව පවසනවා. ඇතැම් ස්ථානවල මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. දිවයින හරහා සුළගේ වේගය ද විටින් විට පැයට කිලෝමීටර 40 ත් 50 ත් දක්වා වැඩි විය හැකියි. දිවයින වටා මුහුදු ප්‍රදේශ…

unlock

හුදෙකලා කොට තිබු අවසන් ගම්මාන දෙකත් යළි විවෘත වෙයි

හුදෙකලා ප්‍රදේශ ලෙසට නම් කළ  බණ්ඩාරනායක මාවත සහ ජා-ඇල,සුදුවැල්ල ප්‍රදේශයන් යලි විවෘත කිරීමට පියවර ගත් බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරයි. ඒ අනුව මෙරට කිසිදු ගම්මානයක් හුදෙකලා කොට නොමැති බවද මෙහිදී යුධ හමුදාපතිවරයා ප්‍රකාශ කළා.  

කොරෝනා මරණ ලක්ෂ තුන පණී

කොරෝනා මරණ ලක්ෂ තුන පණී

කෝවිඩ් -19 වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය ප්‍රමාණය අද ලක්ෂ තුන ඉක්මවීය. ඒමෙන්ම, මේ වන විට ලොව පුරා රටවල් 210 ක් තුළ කොරෝනා වෛරසය ආසදිතයින් ප්‍රමාණය ලක්ෂ හතලිස් පහක් ඉක්මවා ගොස් තිබේ. මින් මෙතෙක් සුවය ලැබී ඇත්තේ දාහත් ලක්ෂයක් පමණක් බවයි වාර්තා වන්නෙ. මෙසේ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය අය අතරින් වැඩිම මරණ ප්‍රමාණයක්…

anil-jasighe

මැතිවරණයට මාර්ගෝපදේශ සැපයීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක්

ඉදිරි මැතිවරණය සෞඛ්‍යය ආරක්ෂිතව පවත්වන්නේ කෙසේද යන්න පිලිබදව මාර්ගෝපදේශ සැපයීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, අදාළ නිලධාරීන් කොමිසම සමග සාකච්ඡා කර අනතුරුව කොමිසමේ අවශ්‍යතාව පරිදි අදාළ මාර්ගෝපදේශ සකස් කර දීමට කටයුතු කරනු ඇති බවයි.

world health organization latest news

ලෝකය අවධානම් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නව අනතුරු ඇඟවීමක්

නව කොරෝනා වෛරසය සම්පූර්ණයෙන් පහව නොගොස්, HIV වැනි නිශ්චිත පුද්ගලයින් කොට්ඨාසයක පැතිරෙන වෛරසයක් ලෙස හෝ පැවතිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. නව කොරෝනා වෛරසය කොපමණ කලක් ලොව තුළ සංසරණය වේදැයි ඉදිරිපත් වන සමීක්ෂණ වාර්තා පිළිගත නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. රෝගය සමග සාර්ථකව කටයුතු කිරීමට නම් ලෝකයට යම් පාලනයක් අවශ්‍ය බව ලෝක…

සමාජශාලා වලින් දකුණු කොරියාවේ දෙවෙනි වටය ඇරබේ
|

සමාජශාලා වලින් දකුණු කොරියාවේ දෙවෙනි වටය ඇරබේ

දකුණු කොරියාවේ සියෝල් අගනුවර සමාජශාලාවලින් මතු වූ කොරෝනා  පොකුර හේතුවෙන් ආසාදනය වී ඇති පුද්ගලයින්ගේ සංඛ්‍යාව  119ක් දක්වා ඉහළ ගොස් ඇත. සියෝල් නගරයේ “හෙවොන් “ප්‍රදේශයේ පිහිටි සමාජශාලා හා තැබෑරුම් පහකට ගිය 29 හැවිරිදි අයෙකු කොරෝනා වෛරසය පතුරුවා ඇති බව සදහන්. දකුණු කොරියාව තුළ  කොරෝනා මරණ සංඛ්‍යාව 259 දක්වා ඉහළ ගොස් තිබේ.

කොරෝනා ආසාදිත පොකුරක් හඳුනාගැනීමත් සමඟ නගරයක් ලොක්ඩවුන්
|

කොරෝනා ආසාදිත පොකුරක් හඳුනාගැනීමත් සමඟ නගරයක් ලොක්ඩවුන්

කොරෝනා ආසාදිත පොකුරක් හඳුනාගැනීමත් සමඟ උතුරු නැගෙනහිර චීනයේ නගරයකට  අර්ධ  ‘ලොක්ඩවුන්’  සීමා  පැනවීමට පියවර ගෙන ඇත. චීනය තුළ දෙවැනි රැල්ලක් ඇතිවීමේ බිය තවත් වැඩි වී තිබේ.ඒ කොරෝනා ආසාදිත පොකුර හඳුනාගැනීමත් සමඟයි. මෙසේ අර්ධ වශයෙන් වසා දමා ඇත්තේ ජිලින් පළාතේ, දෙවැනි විශාලතම නගරය වන ජිලින් නගරයයි. ජිලින් පළාත උතුරු කොරියාවේ සහ රුසියාවේ දේශසීමාවට මායිම් වේ. මේ අතර චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන්ද ආසාදිතයන් වාර්තා වීමත් සමඟ එම නගරයේ ලක්ෂ 110ක්…