මුහුණු පොතේ සිගිති පාතාලය කරළියට

මුහුණු පොතේ සිගිති පාතාලය කරළියට

සිඟිත පාතාලය ලෙස හදුන්වමින් මෙම වීඩියෝ සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති අතර, ලක්‍ෂ ගණනක් දෙනා ඒවා නරඹා ඇති බවත් පාසල් යන වයසේ දරුවන් ප්‍රචණ්ඩකාරීව එකිනෙකාට චෝදනා කරමින් මැරවරයින් ලෙස හැසිරෙන ආකාරය ඒවායේ දැක්වෙනවා. ඇතැම් දර්ශන ඡංගම දුරකතන ඔස්සේ ඔවුන් විසින්ම පිළියෙල කල ඒවා බව පැහැදිලි වුවද ඇතැම් දර්ශන කාගේ හෝ උපදෙස් මත නිර්මාණය වී ඇති…

Coronavirus3

බස්නාහිර පළාතේ නව කොරෝනා ව්‍යසනය පාලනය වෙයි

බස්නාහිර පළාතේද නව කොරෝනා ව්‍යසනය පාළනයකට යටත් කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා. කෙසේ වෙතත් සුපරික්ෂාව තවදුරටත් අත්‍යාවශ්‍ය බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ. අවධානම් කණ්ඩායම් තෝරා ගෙන තවදුරටත් පී සිී ආර් පරීක්ෂණ සිදු කෙරෙනවා. දෛනිකව සිදු කරන පී සී ආර් පරීක්ෂණ ගණන 1,500කට ආසන්නයි. යහපත් ආහාර පුරුදු හා…

corona

කොරෝනා තවත් වසර 2 ක් ලොව පුරා පවතින බවට අනාවැකියක්

කොවිඩ් 19 වෛරසය තවත් වසර දෙකක පමණ කාලයක් ලෝකය පුරා ව්‍යාප්ත වනු ඇති බව අමෙරිකාවේ වසංගත විද්‍යාඥයන් පිරිසක් නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙයි. වෛරසය හේතුවෙන් අද වන විට සිදුව ඇති මරණ ගණන 233,000 ක් වන අතර මුළු ආසාදිතයන් ගණන මිලියන 3.2 ක් දක්වා ඉහළ ගොස් තිබේ.  

ජන ජීවිතය මැයි 11 සිට යථා තත්ත්වයට

ජන ජීවිතය මැයි 11 සිට යථා තත්ත්වයට

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය සහ ආයතන ක්‍රියාකාරිත්වය යථා තත්වයට පත් කිරීම මැයි 11 වෙනි සඳුදා සිට ආරම්භ කරන බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා. මෙම දිස්ත්‍රික්කවල අත්‍යාවශ්‍ය සේවා පවත්වා ගැනීම ඇතුළු ජනජීවිතය සහ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම පිණිස රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන සඳුදා සිට…

කොරෝනා ආසාධිතයින් 690 දක්වා ඉහළ යයි

කොරෝනා ආසාධිතයින් 690 දක්වා ඉහළ යයි

ශී‍්‍ර ලංකාවේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 690 දක්වා ඉහළගොස් තිබෙනවා. ඒ ඊයේ තවත් ආසාධිතයින් 25 ක් හදුනාගැනීමත් සමගයි. මේ වන විට මෙරටින් හදුනාගෙන ඇති ආසාධිතයින්ගෙන් 521 ක් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් පසුවනවා. එමෙන්ම සුවය ලැබූ රෝගීන් 162 ක් රෝහල්වලින් පිටව ගොස් ඇති අතර කොරෝනා වෛරසය හේතුවෙන් මෙරට මියගිය සංඛ්‍යාව 07 ක්.

රණසිංහ ප්‍රේමදාස මහතාගේ 27 වැනි ගුණ සැමරුම අද

රණසිංහ ප්‍රේමදාස මහතාගේ 27 වැනි ගුණ සැමරුම අද

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 27 වැනි ගුණ සැමරුම අද අලුත්කඩේ පිහිටි ඒ මහතාගේ පිළිරුව අභියසදී සිදු කෙරිණි. ප්‍රේමදාස මහතාගේ පුත් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා පවුලේ සමාජිකයින් මෙන්ම දේශපාලඥයින් පිරිසකගේ සහභාගීත්වයෙනි. 1993 වසරේ කම්කරු දින පෙළපාලිය අතරතුර කොළඹ ආමර් විදියේදී LTTE සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අනපේක්ෂිත ලෙස දැයෙන් සමුගත් රණසිංහ ප්‍රේමදාස…

ජීවනෝපාය අහිමි වු පිරිසගේ ගැටලු කම්කරු දෙපාර්තමේන්තුව කියන්න

ජීවනෝපාය අහිමි වු පිරිසගේ ගැටලු කම්කරු දෙපාර්තමේන්තුව කියන්න

කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් ජීවනෝපාය මාර්ග අහිමි  වී සිටින පුද්ගලයින්ට කම්කරු දෙපාර්තමේන්තුව වෙත සිය ගැටලු ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. විදෙස්ගතව සිටින ශ්‍රමිකයන්ට ද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 1989 යන දුරකථන අංකයට සිය ගැටලු ඉදිරිපත් කළ හැකි බව අමාත්‍යවරයා සදහන් කළේය.  

පොලීසියේ නිවාඩු මැයි 15 දක්වා අවලංගුයි

පොලීසියේ නිවාඩු මැයි 15 දක්වා අවලංගුයි

සියලුම පොලිස් නිළධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමේ කාලසීමාව මැයි 15 දක්වා දීර්ඝ කර තිබේ. රටේ පවතින තත්වය හේතුවෙන් එම කාලය තවදුරටත් දීර්ඝ කිරීමටයි තීරණය කර තිබෙන්නේ. මීට පෙර අප්‍රේල් 30 දක්වා පොලිස් නිළධාරීන්ගේ නිවාඩු අවලංගු කර තිබිණි.

කොරෝනා හමුවේ අසීමිත කැපකිරිම් කරන වැඩකරන ජනතාවට ජනපතිගේ ආචාරය

කොරෝනා හමුවේ අසීමිත කැපකිරිම් කරන වැඩකරන ජනතාවට ජනපතිගේ ආචාරය

රට මුහුණදී ඇති කොවිඩ් 19 අභියෝග හමුවේ අසීමිත කැපකිරිම් කරන වැඩකරන ජනතාවට ගෞරවය හා ආචාරය පුදකිරිමට ජාත්‍යන්තර කම්කරු දිනය අවස්ථාවක් කර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළා. ඒ අදට යෙදෙන ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින්. ඉතිහාසය පුරා අප මුහුණදුන් සහ ජයගත් අභියෝග වලදී ඍජු බලපෑමට ලක්වන සහ ඉදිරියෙන් සිටින කණ්ඩායම වන්නේ…

ජාතික වෙසක් සතිය 4වනදා සිට 8වනදා දක්වා

ජාතික වෙසක් සතිය 4වනදා සිට 8වනදා දක්වා

ජාතික වෙසක් සතිය ලෙස මැයි 04 වැනිදා සිට 08 වැනිදා දක්වා ප්‍රකාශයට පත් කර ඇති බව බුද්ධ ශාසන අමාත්‍යාංශය සදහන් කළේය. ජාතික වෙසක් උත්සවය හොරණ ගෝනපල ඔලබොඩුව රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි.