අර්බුදයන් හමුවේ නැගීසිටිමු

අර්බුදයන් හමුවේ නැගීසිටිමු

රට තුළ මෙන්ම ලෝකය පුරා කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හරහා විශාල ජීවිත හානියක් සිදුවෙමින් තිබෙන මොහොතක යෙදී ඇති 132 වන ජාත්‍යන්තර කම්කරු දින සැමරුම වෙනුවෙන් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ අර්බුදයන් හමුවේ නැගී සිටීමටත් වැඩකරන ජනතාව පීඩනයට පත්කිරීමට එරෙහිවත් පෙළගැසීම අද දවසේ වැඩකරන ජනතාවගේ අත්‍යවශ්‍ය කාරණයක් වී ඇති බවය. ජාතික වෘත්තීය සමිති…

dengue treatment DengueAwareness FightDengue DenguePrevention StopDengue DengueSymptoms HealthEducation MosquitoControl PublicHealth StaySafe DengueOutbreak

තවත් මාරාන්තික රෝගයක් මෙරට පැතිරීමේ අවදානමක්

ඉදිරියේදී වර්ෂා සමය ආරම්භ වීමත් සමග ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බැවින් එය වැළැක්වීම සඳහා විශේෂ අවදානයක් යොමු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි පවසනවා. කොරෝනා වෛරස ව්‍යාප්තිය සමග රටේ ජනතාවගෙන් බහුතරයක් නිවෙස්වල වැඩි කාලයක් ගත කරන බැවින් එම කාලයේදී මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට කටයුතු කර, ඩෙංගු මර්දනයට සහය වන ලෙසයි සෞඛ්‍ය…

මුළු දිවයිනටම ඇඳිරි නිතිය පැනවේ

මුළු දිවයිනටම ඇඳිරි නිතිය පැනවේ

කොළඹ, ගම්පහ, කළුතර හා පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක සඳහා පනවන ඇඳිරි නීතිය සංශෝධනය කර තිබේ. අවධානම් කලාප ලෙස නම් කර ඇති දිස්ත්‍රික්ක හතර හැරුණු විට සෙසු දිස්ත්‍රික්ක සඳහා අප්‍රේල් 30 බ්‍රස්පතින්දා රාත්‍රී 8.00ට යළි පනවනු ලබන ඇඳිරි නීතිය මැයි 04, සඳුදා උදේ 5.00 දක්වා දිගටම ක්‍රියාත්මකව පවතී.

IDH රෝහලේ රෝගී ධාරිතාව ඉක්මවයි

IDH රෝහලේ රෝගී ධාරිතාව ඉක්මවයි

ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් කොළඹ IDH රෝහල තුළ ‍මෙවන විට රෝගි ධාරිතාව ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ. අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කරන්නේ එම රෝහල තුළ මෙවන කොවිඩ්-19 රෝගීන් 140ක් ප්‍රතිකාර ලබන බවත් රෝගය ඇතැයි සැකකරන 10 දෙනෙකුද ප්‍රතිකාර ලබන බවත් මේ වනවිට එම රෝහලේ…

mahindadesappriya

මැයි 15 වනවිටවත් රට සාමාන්‍ය නොවුනොත් මැතිවරණය පැවැත්විය නොහැකි තත්වයක්

පාර්ලිමේන්තු මැතිවරණය ජූනි මස 20 වැනි දින පැවැත්වීමට නම් මැයි මස 15 වනවිටවත් කොරෝනා මැඩපවත්වා රට සාමාන්‍ය තත්වයට පත් වී තිබිය යුතු යැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. එමෙන්ම සෞඛ්‍ය බලධාරීන්ගේ පූර්ණ නිර්දේශය වගේම මීටත් අමතරව මැතිවරණය පැවැත්වීමට නම් මැතිවරණ කොමිසමද සෑහීමකට පත්විය යුතු බවත් රාජ්‍ය නිලධාරීන්, ස්වේච්ඡා සංවිධාන, දේශපාලන පක්ෂ, සිවිල්…

නාවික හමුදා සාමාජිකයින් කොන් කරන්න එපා – ආරක්ෂක ලේකම් කියයි

නාවික හමුදා සාමාජිකයින් කොන් කරන්න එපා – ආරක්ෂක ලේකම් කියයි

ශ්‍රි ලංකා නාවික හමුදාවේ සාමාජිකයින් හා ඔවුන්ගේ පවුල් වල අය කොන් කිරිමෙන් හා ඔවුන්ව අපහසුතාවයට පත් කිරිමෙන් වළකින ලෙස ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා රටේ මහජනතාවට ප්‍රකාශ කර සිටියි. රටේ පවතින කොවිඞ් 19 වසංගතයෙන් ජනතාව බේරා ගන්න සෞඛ්‍ය අංශ සමඟ උරෙන් උර ගැටී ක්‍රියා කළේ අපේ ත්‍රිවිධ හමුදාව බව පෙන්වා දෙන ආරක්ෂක…

police

පොලිස් පිරිසකටත් කොරෝනා ලක්‍ෂණ

පොලිස් නිලධාරීන් පිරිසකට කොරෝනා වෛරස ආසාදිත ලක්ෂණ පහළ වී ඇති බව වාර්තා වෙයි. මේ හේතුවෙන් ඔවුන් ස්වයංනිරෝධායනයට ලක් කර ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි. ඇදිරි නීතිය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල ජනතාවගේ ආතතිය දුරු තිරීමට ආරක්ෂක අංශ විසින් පවත්වන සංගීත ප්‍රසංග වල ආරක්ෂාවට ගිය පිරිසකට මෙසේ රෝග ලක්‍ෂණ පහල වී ඇත.

මැනිං වෙළෙදපොළ අද(29) සිට යළි විවෘත කෙරේ

මැනිං වෙළෙදපොළ අද(29) සිට යළි විවෘත කෙරේ

කොළඹ මැනිං වෙළෙදපොළ අද (29) සිට යළි විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. එහෙත් තොග වෙළෙද කටයුතු සඳහා පමණක් වෙළෙදපොළ විවෘත කරන බවයි එහි උප සභාපති නිමල් අත්තනායක මහතා සඳහන් කළේ. එළවළු සහ පළතුරු ගොවීන්ගෙන් ඍජුව මිලදී ගැනීම් කරන මැනිං වෙළෙදපොළ වසාතැබීම හේතුවෙන් ඔවුන් පත්ව ඇති අපහසුතාව සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළෙඹ තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකතුමා වැඩි වශයෙන් ඉන්නේ මාධ්‍ය වල

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකතුමා වැඩි වශයෙන් ඉන්නේ මාධ්‍ය වල

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා වැඩි වශයෙන් මාධ්‍ය තුළ පෙනී සිටීමෙන් කොරෝනා ව්‍යසනය තුරන් කළ නොහැකි බව පුජ්‍ය මුරුත්තෙටුවේ ආනන්ද හිමියන් පවසයි. උන්වහන්සේ අද පැවති මාධ්‍ය හමුවකදී මේ අදහස් පළ කළේය. කොරෝනා වසංගතය ව්‍යාප්ත වීම ආරම්භ වූ මොහොතේ පටන් මේ දක්වා උන්වහන්සේ තරමටවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා රට තුළ කොරෝනා හේතුවෙන් පීඩාවට පත් ජනතාව බැහැදැකීමට ගොස්…

කොවිඩ් මුවාවෙන් මානව හිමිකම් කඩන රටවල් අතරට ශ්‍රී ලංකාව නම් කිරීමේ කුමන්ත්‍රණයක්

කොවිඩ් මුවාවෙන් මානව හිමිකම් කඩන රටවල් අතරට ශ්‍රී ලංකාව නම් කිරීමේ කුමන්ත්‍රණයක්

කොවිඩ් 19 වසංගතයට එරෙහිව සටන් කරන බව කියමින් රටවල් ගණනාවක් නීතියේ ආධිපත්‍යය හා මානව හිමිකම් කඩ කරමින් සිටින බවත් එම රටවල් අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ප්‍රකාශ කරයි. එහි ප්‍රධානී මිෂෙල් බැෂලෙට් මෙලෙස චෝදනා කර ඇති රටවලින් ඉල්ලා ඇත්තේ සුවිශේෂී හෝ හදිසි ක්‍රියාමාර්ගවලට මුවා වී මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලින්…