badweather

අප්‍රේල් 26 න් පසු වැසි තත්ත්වයේ වැඩිවීමක්

අප්‍රේල් 26 වෙනිදායින් පසු, තාවකාලිකව දිවයින ආශ්‍රිත වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ හා ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට 100mm ඉක්මවූ වැසි ඇතිවිය හැකි බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේය. සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල, හම්බන්තොට…

කොළඹට එන පුද්ගලයින්ගේ ශරිර උෂ්ණත්වය මැන බලයි

කොළඹට එන පුද්ගලයින්ගේ ශරිර උෂ්ණත්වය මැන බලයි

අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා කොළඹ දිස්ත්‍රික්කයට පැමිණෙන පුද්ගලයින්ගේ ශරීර උෂ්ණත්වය මැන බැලීමේ පරීක්ෂණ සිදු කිරිමේ ක්‍රියාවලියක් යුධ හමුදාව සිදු කරනු ලබයි. ඊට යුධ හමුදා ධාවකයින් 20 දෙනෙකුගෙන් සමන්විත ක්ෂණික ප්‍රතික්‍රියා කණ්ඩායමක් එක්ව ඇත. අත්‍යාවශ්‍ය සේවා සඳහා කොළඹට පැමිණෙන පුද්ගලයින් අතරින් අහඹු ලෙස තොරා ගන්නා පුද්ගල කණ්ඩායම්වල ශරිර උෂ්ණත්වය මැන බැලීම මෙහිදී සිදු වෙයි.

curfew

අද රෑ 8 ට පැනවෙන ඇදිරිය දින 2ක් බලාත්මකයි

අධි අවදානම් කලාප ලෙස නම් කර ඇති කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල හැර සෙසු දිස්ත්‍රික්කවලට ඊයේ රාත්‍රී 8ට පැනවූ ඇඳිරි නීතිය අද උදෑසන 5 ට යළි ඉවත් කෙරුණා. කෙසේ වෙතත්, අදාළ දිස්ත්‍රික්කවලට ලිහිල් කෙරුණු ඇදිරි නීතිය යළි අද රාත්‍රී 8ට බලාත්මක වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ. මෙලෙස පැනවෙන ඇඳිරි නීතිය එළඹෙන සඳූදා…

අලුතින් හඳුනාගත් ආසාදිතයින් අතර සුපිරි වෙළදසැල් සේවකයකුත්

අලුතින් හඳුනාගත් ආසාදිතයින් අතර සුපිරි වෙළදසැල් සේවකයකුත්

නව කොරෝනා ආසාධිත බවට ඊයේ (23) හදුනා ගත් සෙසු ආසාධිතයන් අතර සුපිරි වෙළද සැල් ජාලයක බේදාහැරීමේ සේවකයෙකු ද සිටින බව වාර්තා වෙයි. ඔහු හුදෙකලා ප‍්‍රදේශයක් ලෙස නම් කර තිබෙන කොළඹ 12 බණ්ඩාරනායක මාවතේ පදිංචිකරුවෙකු බවද වාර්තා වුණා. ජා-ඇල, සුදුවැල්ල ප්‍රදේශයේ පිරිස් නිරෝධායනයට යොමු කිරීමේ රාජකාරී කරන අවස්ථාවේදී නාවික සෙබලූන් 29 කට කොරෝනා වෛරසය ආසාදනය වී…

කොරෝනා ආසාදිතයින් ගණන 368 ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් ගණන 368 ක් දක්වා ඉහළට

වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබලුන් 29 දෙනෙකුට කොරෝනා‍ වෛරසය ආසාදනය වීමත් සමඟ ‍ඉතිහාසයේ දිනක් තුළ වාර්තා වු වැඩිම රෝගීන් සංඛ්‍යාව  වාර්තා වුණා. සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 368 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මේ වන විට කොරෝනා ආසාධිත පුද්ගලයින් 254ක්  රෝහල් ගතව සිටියි. ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා රෝගීන් 38 දෙනෙක් වාර්තා වී ඇති…

කොරෝනා ආසාදිතයින්ගේ තවත් රෝග ලක්ෂණයක්

කොරෝනා ආසාදිතයින්ගේ තවත් රෝග ලක්ෂණයක්

රස සහ සුවඳ නොදැනීම කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයින්ගේ රෝග ලක්ෂණයක් බවට තවත් නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබේ. ඉතාලියේ පර්යේෂකයින් පිරිසක් විසින් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 200ක පිරිසක් ආශ්‍රයෙන් සිදුකරන ලද පර්යේෂණයක දී මෙම තොරතුරු අනාවරණය වී ඇති බවයි. ඒ අනුව එම පර්යේෂණයට යොදාගත් ආසාදිතයින්ගෙන් සියයට 67කටම රස හා සුවඳ නොදැනෙන බවට නිරීක්ෂණය වී තිබේ.

ආයතන ප්‍රධානියාගේ අවසරයකින් තොරව දුම්රියෙන් ගමන තහනම්

ආයතන ප්‍රධානියාගේ අවසරයකින් තොරව දුම්රියෙන් ගමන තහනම්

අත්‍යවශ්‍ය සේවා සඳහා දුම්රියෙන් පැමිණෙන පිරිස් තම ආයතන ප්‍රධානියා මඟින් ඒ බව තහවුරු කළ යුතු බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසනවා. දුම්රිය දෙපාර්තමේන්තුව වෙත අදාළ සේවකයින් ලබාදිය යුතු තොරතුරු සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා අද පැවති මාධ්‍ය හමුවක දී පැහැදිලි කළා.

lockdown areas in sri lanka today

පොලොන්නරුවේ ගම්මාන 12ක් හුදෙකලා වෙයි

පොලොන්නරුව ලංකාපුර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගම්මාන 12ක් හුදෙකලා කර තිබෙනවා. නිවාඩු ලබා පැමිණි සිටි පොලොන්නරුව පුලස්තිගම ප‍්‍රදේශයේ පදිංචි නාවික හමුදා සෙබලෙකුට නව කොරෝනා ආසාධිත වී ඇතැයි හදුනා ගැනීමෙන් පසුවයි මෙම පියවර ගෙන ඇත්තේ. ඒ අනුව අදාල ගම්මානවලට ඇතුලූ වීම සහ පිටවීම තහනම් කර තිබෙනවා.

karu

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි

හිටපු කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වෙනු ඇත. කතානායකවරයාගේ නිල නිවසේදී රැස්වන ව්‍යවස්ථාදායක සභාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා සමාජිකයින් සහභාගි වීමට නියමිතය.

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ විෂබීජහරණයට

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ විෂබීජහරණයට

නාවික හමුදාව විසින් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපාළෙහි සියළුම පරිශ්‍රයන් විෂබීජහරණයකට ලක් කිරීමට කටයුතු කරන ලදි. පසුගිය දින පිළියන්දල ප්‍රදේශයෙන් කොරෝනා වෛරසය ආසාධිතයෙකු සොයා ගැනීමත් සමඟම එම පුද්ගලයා ගැවසුණු ස්ථාන සොයා විෂබීජ හරණය කිරීමේ කටයුතු සිදු කරමින් පවතී, ඒ අනුව එම පුද්ගලයා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපෙළෙහි ගැවසී ඇති බවට ලද තොරතුරු වලට අනුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද…