පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ සිල්ලර වෙළෙඳාම නවතී

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ සිල්ලර වෙළෙඳාම නවතී

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ මධ්‍යස්ථානයේ සිල්ලර වෙළඳාම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත. ඒ පිළියන්දල ප්‍රදේශයෙන් හඳුනා ගත් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලට පැමිණ ඇති බවට අනාවරණය විම හේතුවෙන්. පවතින අවදානම සැළකිල්ලට ගනිමින් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ වෙළෙන්දන් සහ සේවකයින් අද පෙරවරුවේ පී.සී.ආර් පරීක්ෂණයකට යොමු කිරීමට පියවර ගෙන තිබේ. සිල්ලර වෙළඳ කටයුතු සිදු කිරීමේ අරමුණින් මාළු…

මහ මැතිවරණය ජුනි 20

මහ මැතිවරණය ජුනි 20

කල් දමනු ලැබූ පාර්ලිමේන්තු මහ මැතිවරණ ජුනි මස 20 වෙනිදා පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කර සිටියි. මිට පෙර අප්‍රේල් මස 25 වෙනිදා මහ මැතිවරණය පැවැත්වීමට දින නියම කර තිබුනත් කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් මැතිවරණය කල් දැමීමට මැතිවරණ කොමිසන් සභාව මිට පෙර පියවර ගනු ලැබුවා.

breakingnews

මත්පැන් අලෙවිසැල් වසා තැබීමට නියම කෙරේ

දිවයින පුරා සියලු මත්පැන් අලෙවි හල් නැවත දැනුම් දෙන තුරු වසා තබන ලෙස රජය නියම කරයි.

රන්ජන් රාමනායක ඇපමත මුදා හැරේ

රන්ජන් රාමනායක ඇපමත මුදා හැරේ

රක්‍ෂිත බන්ධනාගාරගත සිටි හිටපු පාරිලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළා. පොලිස් රාජකාරියට බාධා කිරීම , සාපරාධී බලහත්කාරය , නිරෝධායන නීති උල්ලංඝනය කිරීම යන චෝදනා යටතේයි රන්ජන් රාමනායක මහතා පසුගිය 13 වනදා අත්අඩංගුවට ගැනුණේ.

කොළඹ, ගම්පහ, කළුතර,පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 27 දක්වා දීර්ඝ කෙරේ

කොළඹ, ගම්පහ, කළුතර,පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 27 දක්වා දීර්ඝ කෙරේ

කලින් නිවේදනය කරන ලද එක් එක් දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය පනවන සහ ඉවත් කරන වේලාවන් සංශෝධනය කර තිබේ. කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය අප්‍රේල් 27 සඳුදා උදේ 5.00 දක්වා දීර්ඝ කර තිබේ. සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 24 සිකුරාදා දක්වා ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට පසුදා අළුයම 5.00 දක්වා පමණි.  කොළඹ,…

ගත වූ පැය කිහිපයේදි කොරෝනා ආසාදිතයින් 24 දෙනකු වාර්තා වෙයි

ගත වූ පැය කිහිපයේදි කොරෝනා ආසාදිතයින් 24 දෙනකු වාර්තා වෙයි

කොරෝනා ආසාදිත යැයි  තහවුරු කළ රෝගීන් 24 දෙනකු අද (20 ) වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි. ඒ අනුව මේ වන විට  කොරෝනා අසාදිතයින් ගණන 295 දක්වා ඉහළ ගොස්  ඇත. මේ අතර පුද්ගලයින් 96 ක් දෙනෙක් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. තවත් පුද්ගලයින් 168 වෛද්‍ය අධීක්ෂණය යටතේ…

bus-inside

සිග්-සැග් අසුන්ගැනීම්, මීටරේ දුර නෑ

මාසයකට අධික කාලයක් තිස්සේ ක්‍රියාත්මක වූ ඇඳිරිනීතිය දිස්ත්‍රික්ක හතරකට හැර සෙසු දිස්ත්‍රික්ක වලට දිවාකාලය තුලදී ඉවත්කර තිබේ. පොදු ප්‍රවාහනයේදී දැඩි සීමා පැනවුවත් බස්රථවල එම මාර්ගෝපදේශ නොසලකමින් ජනතාව ගමන් කරනු දක්නට ලැබේ. සමාජ ජාලාවලට එක්කර ඇති පින්තුර වලින් දැක්වෙන්නේ ජනතාව බස් රථවල ගමන් කිරීමේ දී වෙනදා මෙන්ම සමීපව ගමන් කරමින් සමසමාජ දුරස්ථභාවය නොසලකා කටයුතු කරමින් සිටින…

බස් මගීන් සීමා කළොත් අමතර මුදලක් ඕනෑ

බස් මගීන් සීමා කළොත් අමතර මුදලක් ඕනෑ

ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් අනතුරුව මඟී ප්‍රවාහන බස් රථවල මඟීන් සංඛ්‍යාව 25 කට සීමා කරන්නේ නම් අනිවාර්යයෙන්ම රජය විසින් ධාවනය වන කිලෝමීටරයකට යම් මුදලක් ගෙවිය යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසීය. එමෙන්ම වසංගත අවදානම අඩු කලාපවල ධාවනය කිරීමේදී කිසිසේත් මඟීන් සංඛ්‍යාව 25 කට සීමා කළ නොහැකි බව කී සභාපතිවරයා ආසන…

SriLankan

ශ‍්‍රී ලන්කන් යලි ගුවනට

ගෝලීය වශයෙන් කොරෝනා වසංගතය පැතිරීම නිසා විදේශයන්හි සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් ආපසු ගෙන්වා ගැනීම සඳහා රජයේ අවධානය යොමුව තිබේ. ඒ අනුව පළමුව සාක් කලාපය තුළ සිරවී සිටින සිසුන් ගෙන්වා ගැනීමට රජය සූදානමින් සිටී. එහි පළමු වැනි කණ්ඩායම ලෙස එළඹෙන 21 වැනිදා පාකිස්තානයේ සිට සිසුන් 115 ක් මෙරටට ගෙන්වා ගැනීමට නියමිතය. දෙවැනි කණ්ඩායම ලෙස සිසුන් 105…

curfew

දිස්ති‍්‍රක්ක 18 ක ඇඳිරි නීතිය ලිහිල් කෙරේ

ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණින් දිස්ත්‍රික් 18ක පැවති ඇඳිරි නීති තත්ත්වය මේ වනවිට ලිහිල් කර තිබෙනවා. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර, කෑගල්ල, අම්පාර දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳීරි නීතිය අද පෙරවරු 5.00 ට ඉවත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. කෙසේ වෙතත්, මෙම දිස්ත්‍රික්කවල ඉවත් කළ ඇදිරි නීතිය…